ජාතික ආණ්ඩුව සම්මත කරන්න බහුතරය නැති වෙයි.. එජාපය යෝජනාව හකුලා ගනී.. අද පාර්ලිමේන්තු යෝජනාව නෑ..

February 7, 2019 at 8:40 am | lanka C news
ජාතික ආණ්ඩුව සම්මත කරන්න බහුතරය නැති වෙයි.. එජාපය යෝජනාව හකුලා ගනී.. අද පාර්ලිමේන්තු යෝජනාව නෑ..

අලුත් ජාතික ආණ්ඩුව පිහිටුවිම සම්බන්දයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ එම පෙරමුණේ නායකයන් අතර ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්චාවකින් පසුය.

ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් වූ යොජනාව අද දිනයේ විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් ඊයේ දිනයේ බහුතරයක් විරුද්ද වුවද එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබුනේ අද දිනයේ එය විවාදයට ගෙන ඡුන්දය විමසීමටයි.

මේ අතර වාර්තා වන්නේ අදාල යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතර ඡුන්ද ප‍්‍රමාණය නොමැති වීම නිසා එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනාව අද දියේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයටද ඇතුළු කර ඇත.

77 views
Main News