ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේ..

September 23, 2020 at 10:00 am | lanka C news
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේ..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේත්. නිසි අධ්‍යනයක් සිදුකිරීමට වහාම කටයුතු කරන්න

රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවලීන් මෑතකාලීනව පරිගණක හා ජංගම දුරකථන යෙදුම් උපයෝගී කරගෙන සිදුකිරීමට හැකි බව මේවනවිට ගෝලීය වශයෙන් අවධානය යොමුවී තිබෙනා කරුණක් වේ. මෑතකාලීනව ඉන්දියාව ජංගම දුරකථන යෙදුම් 224කට අධික ප්‍රමාණයක් ඉන්දියානු පුරවැසියන්ගේ පරිශීලක දත්ත රැකගැනීම සදහා තහනම්කොට ඇත.

තම පුරවැසියන්ගේ පරිශීලක දත්ත රැකගැනීම සදහා එක්සත් ජනපදයද මේ වනවිට යම් ජංගම දුරකථන යෙදුම් කිහිපයක් තහනම් කිරීමට කටයුතු කරමින් සිටියි. යුරෝපානු පුරවැසියන්ගේ පරිශීලක දත්ත රැකගැනීම සදහා දැනටමත් GDPR වැනි දත්ත ආරක්ෂාව සහ පුද්ගලිකත්වය පදනම් කරගත් නීතිමය ප්‍රතිපාදන යුරෝපා සංගමය සහ යුරෝපීය ආර්ථික ප්‍රදේශය පුරා 2018 වසරේ සිට ක්‍රියාත්මක වේ.

ඉදිරි අනාගතය්දී ඇතිවිය හැකි සයිබර් යුද්ධ වැනි ක්‍රියාවලීන් සදහා ජංගම දුරකථන යෙදුම් මගින් ලබාගන්නා දත්ත යොදාගත හැකිය. විශේෂයෙන්ම යම් ගෝලීය සිද්ධියක් සිදුවුවහොත් එහි බලපෑම විදේශ රටවලට පමණක් නොව ශ්‍රී ලංකාවටද බලපාහැකි සිද්ධියක් විය හැකිය. විශේෂයෙන්ම මේ දිනවල අන්තර්ජාතිකව කතාබහට ලක්වන යෙදුම් කිහිපයක්ද ශ්‍රී ලාංකික ප්‍රජාවද බහුලව භාවිතා කරයි.

ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි ලාංකික පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත රැස් කරන යෙදුම් පිලිබදව නිසි අධ්‍යනයක් සිදුකොට එම යෙදුම් මගින් ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්දැයි කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

58,903 views

7 Comments to “ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දුරකථන යෙදුම් බොහොමයක් ලංකාවේ..”

  1. SL says:

    Why cant gvt limit the number of SIMs per person

  2. බන්ඩා says:

    ෆේස්බුක් ගූගල් යූ ටියුබ් මගිනුත් අප සැමගේ රුචි අරුචි පමනක් නොව අප ක⁣රන සියලු දේත් ඔවුන්ට නිරීක්ෂණය කල හැකිය්.

    • උදාර says:

      ඔව්..
      බණ්ඩා සමඟ එකඟ වෙමි.
      දැන් එයින් ගැලවෙන්න බෑ.
      මේ ආයතන හීනෙන් අවදි වෙලා වගේ බොරුවට කෑ ගහනවා.

  3. බන්ඩා says:

    ෆේස්බුක් ගූගල් යූ ටියුබ් මගිනුත් එම ආයතන වලට අප සැමගේ රුචි අරුචි පමනක් නොව අප ක⁣රන සියලු දේත් ඔවුන්ට නිරීක්ෂණය කල හැකිය්. ජනාධිපතිට වත් හමුදාපතිට වත් ගැලවීමක් නැහැ.

  4. Love nature says:

    මිනිසා නැසෙන්නේ මිනිසාගේ මේ නවීන යයි කියන මෝඩ වැඩ නිසා,

  5. අල්ලා says:

    විවිධ තැන්වල යොදන රහස් අංක මුරපද වල සිට අනෙක් සියලු පුද්ගලික දත්ත Google ඇප් වලින් එකතු කරනවා. මේවා යොදාගෙන ලොකු විනාශයක් වෙනකං කාටවත් වැටහෙන එකක් නෑ..

  6. ගාමිණී නුවන් says:

    අපේ තොරතුරු ඒජන්සිකාරයත් නාරාහේන්පිටින් වෙනත් රටවලට උඩගෙඩි දෙනවාලු නේද? මොන විගණනය කළත් අහුවෙන්නේ නැහැලු

Main News