ජාතික ආරක්ෂාවට යාපනයේ යුද හමුදාව ගත් ඉඩම් 27,000 න් ඉතිරිව ඇත්තේ 3467ක් පමණී…

April 30, 2018 at 3:50 pm | lanka C news
ජාතික ආරක්ෂාවට යාපනයේ යුද හමුදාව ගත් ඉඩම් 27,000 න් ඉතිරිව ඇත්තේ 3467ක් පමණී…

යුද සමයේදී පලාලි ගුවන් හමුදා කඳවුර අවට හා අනෙකුත් ප්‍රදේශයන්ගෙන් යුද හමුදාව වෙතට ගත් සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 27,000 න් තවත් ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 3467 ක් පමණක් බවට ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙයි.

යුද හමුදාව වෙතට ගත් සාමාන්‍යවැසියන්ගේ ඉඩම් යුද්දයෙන් පසුව මේ වනවිට අක්කර 23,533ක් මුල් අයිතිකරුවන් වෙතට දී අවසන් වන අතර ආසන්න වශයෙන් යුද හමුදාවට අයත් ඉඩම් අක්කර 683 ක් නව අවුරුදු වෙනුවෙන් ලබා දීම සිදු විය.

කෙසේ වෙතත් යුද හමුදාව විසින් භාර දුන් ඉඩම්හිදී යුද සමයේදී කොටි සංවිධානය විසින් අටවන ලද මර උගුල් හා බිම් බොම්බ තිබිය හැකි බැවින් එහි නැවත පදිංචි වන ජනතාවට කල්පනාකාරීව මුල් කාලය තුල ජීවත් වන ලෙසටද යුද හමුදාව විසින් දැනුම් දී ඇති අතර එවැනි වූ බෝම්බ කිහිපයක් පසුගියදා සාමාන්‍ය වැසියන්ට හමු වී තිබුණි.

ඊට අමතරව දැනට ඉතිරිව ඇති ඉඩම්හිද යුද හමුදාව විසින් ආරක්ෂාව තහවුරු කොට සාමාන්‍ය වැසියන් වෙතට ලබා දීමටද කටයුතු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4 views

One Comment to “ජාතික ආරක්ෂාවට යාපනයේ යුද හමුදාව ගත් ඉඩම් 27,000 න් ඉතිරිව ඇත්තේ 3467ක් පමණී…”

  1. Wijebahu says:

    kocchara honda wadakda.

Main News