ජාතික-ආර්ථික මර්මස්ථාන නොරටුන්ට නොවිකුණනු..බදු නොදෙනු.. – සංඝ පිතෘවරුන් ආණ්ඩුවට කියති..

January 7, 2017 at 3:38 am | lanka C news
ජාතික-ආර්ථික මර්මස්ථාන නොරටුන්ට නොවිකුණනු..බදු නොදෙනු.. – සංඝ පිතෘවරුන් ආණ්ඩුවට කියති..

රටේ කිසිදු වරායක් හෝ වරායක කොටසක් හෝ ගුවන් තොටක් වැනි ආර්ථික හෝ උපාය මාර්ගික මර්මස්ථාන විදේශ රටකට පැවරීමට හෝ බදු දීමට ගන්නා කවර හෝ උත්සහයකට අප්‍රසාදය පල කරන බව බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හම්බන්තොට අක්කර 15000ක් චීනයට අයිතිය ඇති වෙළෙඳ කලාපයක් පිහිටුවීම බරපතළ අන්ත්‍රරායක ප්‍රයත්නයකැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තෛයිනිකායක මහා සංඝරත්නය සහ බොදු නියෝජිතයින් ගෙන් සමන්විත බුද්ධශාසන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ ආනන්ද මහානාහිමියන් සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් නිකුත් කල නිවේදනයේ මෙසේ සඳහන් වේ.

මෙහි සම්පූර්ණ නිවේදනය අද ලංකාදීප පුවත් පතේ “ජාතික-ආර්ථික මර්මස්ථාන පිටරටුන්ට විකුණන්න-බදු දෙන තැන හෙලා දකිනවා” යටතේ පලවේ.

15 views

6 Comments to “ජාතික-ආර්ථික මර්මස්ථාන නොරටුන්ට නොවිකුණනු..බදු නොදෙනු.. – සංඝ පිතෘවරුන් ආණ්ඩුවට කියති..”

  1. SIWRU HORA says:

    Nikan boruwata, supri badu tika, janatawa rawatanna hadanne.

    Ane lok Wane Wase.

  2. openmind says:

    bodunuwan aarthika washayen naga situweemata oba wahanselage parithyaga, kepaweema.,pansal adaayama duppathun athara beda hereema,thamange paul walata pamanak inna hitinna pansal kamara nodee rajayata ayawiya yuthu adu jala gasthu ,widuli billpath geweema aadiya gena mage aacharaya

  3. DFRTX says:

    Dear Reverent,
    you are not doing your roll that you have to do protect motherland, nation & Buddhism.

    You can not do that because you are dirty monks with megalomania, addicted to enjoy privileges and more lust for worldly life than laymen.

    You all have personal agendas, you are not free people. you all are dirty politician’s slaves.

    Even though you have written books regarding Buddhism, you all are nothing….. empty spiritually handicapped men.

    Asked form conscious. As the human you are not getting peaceful death.

    You all are indirect criminals, letting trainers to destroy motherland, nation & Buddhism.

  4. Champa says:

    බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නියෝජනය කරමින්, රටේ වටිනා සම්පත් රැකගන්න ඉදිරියට ඒම පිළිබඳව මේ හාමුදුරුවරුන්ට අපේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරන්න කැමතියි.

    රට වෙනුවෙන් අවදි කරන හැම හඬක්ම එක වගේ වටිනවා. මුළු රටම අද අපේ වටිනා සම්පත් විදේශිකයන්ට විකුණන එකෙන් බේරා ගන්න ඉදිරියට ඇවිල්ල තියෙනවා. සිංහල අපි අපේ රට ගැන කතා කරන්නේ නැත්නම්, අපේ ජාතිය ගැන කතා කරන්නේ නැත්නම්, බුද්ධාගම ගැන කතා කරන්නේ නැත්නම්, ඒ වෙනුවෙන් කතා කරන්න වෙන් කවුරුවත් එන්නේ නැහැ. අපේ වටිනා සම්පත් අපිට තරම් වෙන කාටවත් වටින්නේ නැහැ. අපේ හෙළ උරුමය, අපේ ඓතිහාසික භූමිය වෙනුවෙන් මීටත් වඩා කැපවීමෙන් ඉදිරියට එයි කියන එක අනිත් හැම හාමුදුරු කෙනෙකුගෙනුත් අපි බලාපොරොත්තු වෙනවා.

    යමක් නැති වෙන්නම් ඕනේ ඒකෙ අගය දැනෙන්න කියලා කතාවක් තියෙනවා. නමුත් හැමදාම වගේ පරක්කු වෙලා පසුතැවිලි වෙන සිංහල අපේ මෝඩ ගතිය වෙනස් කරගෙන, අපේ වටිනා සම්පත් අපිට අහිමි වෙන්න ඉස්සෙල්ල ජනතාවත්, මහා සංඝයා වහන්සේලාත් ඒවා රැක ගන්න ඉදිරියට ඒම ඉතාම හොඳ ප්‍රවණතාවයක් විදියට අපි දකිනවා. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීතුමාට විශේෂ ස්තුතියක් ගෞරවයක් පුද කරන්න කැමතියි, රටට සිද්ධ වෙන දේ ගැන, අපට අහිමි වෙන්න යන අපේ සම්පත් ගැන වේලාසනම රටත් ජනතාවත් දැනුවත් කිරීම ගැන. විමල් නොහිටින්න මුළු ලංකාවම මේවා දැන ගන්නේ නැති වුනාට පස්සේ.

Main News