ජාතික ආහාර සුරක්ෂිතතා සතිය අදින් ආරම්භ වේ..

November 28, 2016 at 2:05 am | lanka C news
ජාතික ආහාර සුරක්ෂිතතා සතිය අදින්  ආරම්භ වේ..

සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අද සිට 2016.12.03 දක්වා ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් ක‍්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව දිවයිනේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ආවරණය වන පරිදි ක‍්‍රීයාත්මක කිරීමට නියමිත මෙම ජාතික ආහාර සුරක්ෂිතතා සතිය අදින් ආරම්භ ෙවි.

පසුගිය කාලසීමාව පුරා බෝනොවන රෝග පාලනයට හා සමහර බෝනොවන රෝග තුරන් කිරිමට ශ‍්‍රී ලංකාව සමත් වූ නමුත් අද වනවිට බෝනොවන රෝග පාලනය පිළිබද අභීයෝගයකට මුහුණ පා ඇත. සියළු ප‍්‍රධාන බෝනොවන රෝග වැළදීමට ආහාර පාන සෘජුව බලපානු ලබයි. ආහාර පනත යටතේ පනවා ඇති රෙගුලාසි උපයෝගි කර ගනිමින් ආහර බාල කිරීම් හා දුහනය වීම් පිළිබදව ද මෙම සතියේ දී අවධානය යොමු කෙරේ.

ඒ අනුව ආහාර පාන සකස් කරන හෝටල්, ෙබිකරි, රෙස්ටුරන්ට් සහ දුර ගමන් බස් රථ නැතුම් ස්ථාන වල පිහිටි ආපනශාලා මෙහිදී පිරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම පැණි බීම සදහා වූ වර්ණ සංකේත යෙදීෙමි නිතිය ද ක‍්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී වැඩි අවධානය යොමු කරන අතර, එම නීතිය කඩ කරන වෙළෙදුන්ට සහ නිෂ්පාදකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද නියමිතය. එමෙන්ම ඉහත සියළු ස්ථානවල සනීපාරක්ෂක කටයුතු පිළිබදවත්, පාසල් ආපන ශාලා ප‍්‍රතිපත්තියට අනුකූලව පවත්වාගෙන යනු ලබනවා ද සහ පාසල් අවට ආපන ශාලාවල ආහාර සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරිම පිළිබදව ද අවධානය යොමු කරන ලෙස දන්වමින් සියළුම පළාත් සහ ප‍්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, නගර සභා සහ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් වෙත උපදෙස් ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් විශේෂ චක‍්‍ර ලේඛයක් ද නිකුත් කිරීමට පියවර ගන්නා ලදි.

– නිපුන් ඒකනායක

18 views
Main News