ජාතික ඉතිරිකිරීමේ බැංකු තැන්පතු ඇප නැතිව සුද්ධ කරන්න පනත සංශෝධනයට…
February 7, 2017 at 9:20 am | lanka C news
මහජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් ස්ථිර තැන්පතු ලෙස හිතේ බයක් සැකයක් නැතිව තැන්පත් කලේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේය.(NSB) මේ වනවිට එහි තැන්පතු රජයේ අවශ්‍යතා සඳහා ණය වශයෙන් ලබා ගන්නේ නම් අනිවාර්යයෙන්ම මහ බැංකුවේ අධීක්ෂණය යටතේ මහා භාණ්ඩාගාරයෙන් රන් සුරකුම් (Sovern Bond) ලබාදිය යුතුය.
1970 අංක දරන පාර්ලිමේන්තුව ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් ආරම්භ කරන ලද ජාතික ඉතිරිකිරීමේ බැංකුව පනතට අනුව රජයේ ආයතන සඳහා වුවද ණය ලබාදෙන්නේ නම් ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ සුරකුම් ලබාදීම මෙතෙක් කරගෙන ආ ක්‍රමයයි.
එහෙත් වර්තමාන රජය දැඩි මුල්‍ය අර්බුදයකට හිරවී ඇති බැවින් එසේ සුරකුම් ලබාදීමට ඇති සිමාවන් ඉක්මවා යෑම මෙන්ම රජයේ ණය බර වසන් කිරිමට මහා භාණ්ඩාගාර සුරකුම් ලබා නොදි රජයේ ආයතනවලට ණය ලබාගැනිමට මෙසේ කඩිමුඩියේ ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සංශෝධනය කිරිමට පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ගෙන ඒමට සූදානම් වෙයි.
මෙය මේ ආකාරයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත සංශෝධනය වුවහොත් ජනතාවට ඇති එකම ඉතිරිකිරීමේ බැංකුවෙත් තිබෙන සුරක්ෂිත භාවය කඩා වැටි පසුගිය කාලයේ පුද්ගලික ෆිනැන්ස් සමාගම්වලට සිදු වු තත්ත්වය සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුල්‍ය විශ්ලේෂකයින්ගේ මතයයි.