ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංජනය ඇදුමට දාන්න බෑ කියති…

July 13, 2021 at 10:02 pm | lanka C news
ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංජනය ඇදුමට දාන්න බෑ කියති…

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු කරද්දී ශ්‍රී ලංකාවේ ලාංඡනය එම ඇඳුම් වලට එක් කිරීමට විරෝධය පල කර ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තු අත්සන් කිරීමට නීතිඥයන් හරහා වර්තමාන ක්‍රීඩකයන් කොන්දේසි දමා ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කණ්ඩායමේ හතර පස් දෙනෙක් නායකත්ව බල තණ්හාව පෙරේත කම නිසා හැමෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී ඇතැයි ද ඔහු පැවසීය.

නායකයා වීසට එක එක්කෙනා ඇණ කොටා ගන්නා බවද එක්කෙනාගෙ කකුලෙන් අදින බව ද ඒ මහතා කියයි.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

තමන් ක්‍රීඩා කරන කාලයේ නායකත්වයට කිසිවෙකු අතර බල පෙරේතකමක් නොතිබුණු බවත් තමන්ට වඩා කනිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන නායකත්වයට පත් වූ අවස්ථාවේ තමන් ඇතුළු සියලු දෙනාම ඔහුට සහාය දුන් බව ද මුරලිදරන් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ද ප්‍රසිද්ධියේම සමාජ ජාල මගින් චෝදනා කර ගැනීම මෙරට ක්‍රිකට් පරිහානියට හේතු වී ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පෙන්වා දුන්නේය.

136,580 views

19 Comments to “ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංජනය ඇදුමට දාන්න බෑ කියති…”

  1. පරිප්පුවා says:

    මුන්ට ක්‍රිකට් මැච් දිනන්න බැරි උනාට හර්තාල් දාන්න නම් පුළුවන්. මොන මගුලකට මේ වල් යක්කු කන්ඩායමේ තියා ගන්නේ. මුරලි සනත් ඩිල්ෂාන්ලා බබළවාපු අපේ ක්‍රිකට් ක්‍රීවාව මුන් නැත්තටම නැති කරා. කන්ඩායමෙන් පන්නලා විතරක් මදියි මුන්ට මතක හිටින්ඩ දඩුවම් දෙන්න ඕනෑ. විනයක් නැති කාලකණ්ණි ගහන ක්‍රිකට් බලන්න අපිට ඕනෑ කමක් නැහැ.

  2. වසලයා says:

    වනචර කම් කලාට දදඩුවම් දුන්නේ නැහැ. මිනී මැරුවාට දඩුවමක් දුන්නෙනෙත් නැහැ. එන්ගලන්තයෙදී නීති කඩාගෙන ඇවිදිමින් වල් කමේ ගියාට දඩුවමකුත් නැහැ. ඉතින් කොහොමද කන්ඩායමේ විනයක් තියෙන්නේ? මුන් ඔක්කොම ටික මකවලාම ගන්න ඕනෑ. ඔය ආගම් බදාගන ක්‍රිකට් ගහන එවුන් පැත්ත පලාතකට ගන්න එපා. මුන් එන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න නොවේ. මේ මාෆියාවට ක්ක්‍රීඩාවෙන් අයින් නොකලහොත් රටම අඅගාධයකට යනවා.

  3. කිරියා says:

    ක්‍රිකට් දක්ශකම් වෙනුවට කුරුස ආගම් ඇදහීම සුදුසු කම ලෙස සලකා කන්ඩායම තේරීමේ බරපතළ කම දැන් හැමෝටම පැහැදිලියි. මුන් ආගම් ත්‍රස්තවාදය පතුරුවා හැර මුලු ක්‍රිකට් ක්‍රීඩාවම කෑවා. අර ‘හිල් මැකුව’ එකා ක්‍රීඩකයින්ගෙන් පලිගන්න එක විතරයි කලේ.

  4. මොලයක් නැති විදානේ says:

    දැන් නම් මුන් ඔක්කොම ගානට වැඩියි. නීති පිලිපදින්න බැරි නම් එලවන්න වෙනවා. අර ඩිල්ෂාන් උපුල් තරංග කුලේ මාලිංග වගේ විශිෂ්ඨ ක්‍රීඩකයින් ගෙදර තියලා මේ කක්කුට්ටන් රැලක් නඩත්තු කරන්නේ මොකටද? අලුතින් කන්ඩායමක් හදන්න.

  5. Padeniya says:

    මෙයට හේතුව නියමිත පරිපාලනයක් නොමැති, පාලක මන්ඩලය. ඉස්සෙල්ලාම සුමතිපාලගේ කට්ටිය පන්නලා, ආනා පුන්චිහේවා වගෙ මහත්තුරුන්ව වැදලා හරි ගෙනැල්ලා පරිපාලනය බාර දීමයි. අවාසනාවකට මෙතුවක් කල් හිටපු ඇමති වරුන්ට ඒක කරන්න කොන්දක් තිබුනේ නැහැ. නාමල්ටත් ඒක නැහැ වගේ.

  6. පබිලිස් says:

    කුසල් පෙරෙරා දසුන් චානකට බෝල් කරන්න දුන්නෙ නෙහෙ නායක කම ට කෙලවෙයි කියල අන්තිමට ඌට ම කෙල උනා ගෙදර යස අගේට හිටපු දෙන්නෙක් නායක හා උප් නායක කරල අනා ගත්ත . ලන්කවෙ විතරයි අවුරුදු 30 න් විස්‍රාම යවන එකම රට

  7. Sri Lankan says:

    Chase those bustards

  8. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ ලාංචනය දැම්මොත් කැමති වෙයි.,🌷

  9. අප්පු says:

    අපේ ක්‍රිඩකයෝ ක්‍රීඩා කරන්නෙ කෝච් වෙනුවෙන් බෝනඅගේන් වෙනුවෙන්. ඉතින් මොන් කෙන්ගෙඩියකටද ලාංචනය!

    කොන්දක් නැති පාලක මන්ඩලය .පස්සට දෙකක් දීලා ගෙදර යවන්න තිබුනේ

Main News