ජාතික කොඩිය ඔසවන්න බෑ කියන උතුරේ දේශපාලඥයින්ගේ මීලග පියවර මේකයි..

November 23, 2017 at 8:40 am | lanka C news
ජාතික කොඩිය ඔසවන්න බෑ කියන උතුරේ දේශපාලඥයින්ගේ මීලග පියවර මේකයි..

පසුගිය දිනක උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා ඉරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියට අදාලව ජාතික හෙළ උරුමයේ මතය ප්‍රකාශ කිරීම සඳහා (22) මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය,ජාතික හෙළ උරුමයේ සම සභාපති කරුණාරත්න පරණවිතාන මහතා,ජාතික හෙළ උරුමයේ සම සභාපති ශාස්ත්‍රපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්,ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික බෝසෙත් කලහෙපතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර පක්ෂයක් ලෙස මෙම ක්‍රියාව තරයේ හෙලා දකින බවද එහිදී සදහන් කරන ලදී.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වෙශ්වරන් මහතා පසුගියදා ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වූ ජාතික හෙළ උරුමයේ සම සභාපති ජුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ප්‍රකාශ කර සිටියේ මෙම ක්‍රියාව පටු දේශපාලන වාසි උදෙසා සිදුකරන ලද්දක් බවය.එසේම තිස් වසරක යුද්ධයකින් ප්‍රභාකරන් දෙමල ජනතාවට උදාකර දීමට ගිය ප්‍රජාතන්ත්‍රවාදය අවසානයේ දෙමල ජනතාවට පිළිලයක් වුවා සේම මෙවැනි ක්‍රියා මගින් රට යලි එවැනි තැනකට ඇද දමන්නට උත්සාහ ගන්නේ නම් එය නින්දිත ක්‍රියාවක් බවද උන් වහන්සේ සදහන් කරන ලදී.

එසේම මෙවැනි ක්‍රියා තුලින් උතුරේ නැවත ජාතිවාදය ඉස්මතු කරන්නට මොවුන් උත්සාහ ගන්න බවත් එය පදනම් කරගෙන දේශපාලන බලයක් අත්පත් කර ගැනීම මොවුන්ගේ ඊළඟ අරමුණ බවද උන් වහන්සේ සදහන් කරන ලදී.එසේම මෑතකාලීනව ලබා ගත යුද අත්දැකීම් පදනම් කරගෙන දෙමල සමාජය යළිත් වරක් අන්තවාදයට ඇද දමා විනාශ නොකරන ලෙසද උන් වහන්සේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කරන ලදී.

එමෙන්ම මෙවැනි අන්තවාදී ක්‍රියා සිදු කරන පුද්ගලයින් වෙනුවෙන් මීට පෙරද නීතිය ක්‍රියාත්මක කර ඇති නිසා මේ අමාත්‍යවරයා සම්බන්දයෙනුත් වහාම නිතිය ක්‍රියාත්මක කල යුතු අතර එසේ නොකරන්නේ නම් මෙය පුර්වාදර්ශයක් බවට පත් කර ගනිමින් තවත් පිරිස් මෙවැනි ක්‍රියා වල නිරත විය හැකි බවද උන් වහන්සේ සදහන් කරන ලදී.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකල මෙම ක්‍රියාවෙන් අදහස් වන්නේ මේ රාජ්‍ය පිලි නොගන්නවා යන්නයි. එලෙස රාජ්‍ය පිළිනොගන්නා බව කී බොහෝ දෙනාට අවසානයේ අත්වූ ඉරණම පිළිබඳව ඉතිහාසය සාක්ෂි සපයන බව සදහන් කෙරිණි.

අමාත්‍ය කරුණාරත්න පරණවිතාන තව දුරටත් සඳහන් කලේ මෙය ඔහුගේ පුද්ගලික කටයුත්තක් නොවන බැවින් මෙම ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.එසේම අධ්‍යාපන අමාත්‍යවරයෙකුගේ ක්‍රියා කලාපය රටේ වැඩිහිටි ජනතාව,තරුණ ප්‍රජාව හා පාසල් දරු දැරියන් බලා සිටින නිසාවෙන් සර්වෙශ්වරන් අමාත්‍යවරයා මේ හරහා රටටම නරක ආදර්ශයක් ලබා දුන් බවද සදහන් කරන ලදී.

එසේම උතුරු පළාත් සභාව යනු අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පිහිටුවන ලද රාජ්‍ය ආයතනයක් වන අතර එහි සිටින සියලු මහජන නියෝජිතයින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැදී සිටින බවත්,ජාතික කොඩිය පිලිබඳ සටහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් අංගයක් බවත් එබැවින් මේ සිදුකල ක්‍රියාව කිසි ලෙසකින්වත් අනුමත කල නොහැකි බවත් මේ පිළිබඳව උතුරු පළාත් සභාව වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ජාතික හෙළ උරුමයේ සම සභාපති කරුණාරත්න පරණවිතාන මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.

– බුදුගල ජිනවංස හිමි

46 views

4 Comments to “ජාතික කොඩිය ඔසවන්න බෑ කියන උතුරේ දේශපාලඥයින්ගේ මීලග පියවර මේකයි..”

  1. Ranil says:

    “මනෝහරන්” ගොයිය පළාත් සභාවලට පරමාධිපත්‍යය තියෙනව කියල 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත වෙලාවෙ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිඅරගෙන තියෙද්දි මේ හාදයා මොනවද මේ කියන දේවල්..

  2. vishnu says:

    රට කන්න උදව් කරපු එවුන් දැන්
    රට බේරගන්න කතා කරනවා

  3. Amarapaala says:

    Dakunata Gamman Pilaya Hadapu Kodiyay..Uthurata Ithurukarapu watiyay Dunnanaanam, Problem Solved ..

  4. LION says:

    දකුණු ඉන්දියානු දෙමළ සංගම් වලට අයත් පවුල්, සිංහල රජවරුන්ට සේවය කළ ද්‍රවිඩ කුලී ‍හේවායන්, ද්‍රවිඩ පූජකයන් ආදීන් මේවායේ වාසය කොට තිබෙනවා. කෙසේ වුනත්‍ මොවුන් සලකා ඇත්තේ විදේශිකයන් ලෙස බව විවිධ සෙල්ලිපි ආදියෙන් පැහැදිලි වෙනවා.

Main News