ජාතික රූපවාහිනියට මැතිවරණ නිලධාරීන් කඩා වදිති.. එජාප සමුළුවේ සජීවි වාකාශය තහනම් කරති..

October 3, 2019 at 1:20 pm | lanka C news
ජාතික රූපවාහිනියට මැතිවරණ නිලධාරීන් කඩා වදිති.. එජාප සමුළුවේ සජීවි වාකාශය තහනම් කරති..

අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේ සජීව විකාශය අතර මඟ නවතා දමන ලෙස මැතිවරණ කොමිසන් සභාවෙි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නියෝග කළේය.

සජීව විකාශය නතර කරන මොහොත දක්වා කිසිදු මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ගෙවා නොමැති වීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි .

අද පෙරවරුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පැමිණි මැතිවරණ කොමිසන් සභාවෙි නිලධාරීන් මුදල් ගෙවා ඇති ලේඛන ඉල්ලා සිටි අතර පාලනාධිකාරිය එය ලබා දීමට අපොහොසත් විය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සියලු ඉහල නිලධාරීන් කැඳවූ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ මොහොතේම සජීව විකාශය නතර කළ යුතු බව දැනුම් දුන්නේය.

ඒ අනුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ගේ කතාව අතරතුර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලන අදාළ සජීව විකාශය නතර කරනු ලැබිණ.

– repoter

86,829 Viewers

24 Comments to “ජාතික රූපවාහිනියට මැතිවරණ නිලධාරීන් කඩා වදිති.. එජාප සමුළුවේ සජීවි වාකාශය තහනම් කරති..”

  1. john the baptice says:

    Well Done Hip Hip Hurey

    • john the baptice says:

      හැබයි ගෝටා සර් දිනුවට පස්සෙ ඔහොම කඩා පැනීම් බෑ හොඳේ.

    • පොහොට්ටුවෙ පාටම රූපවාහිනියට.... says:

      79 අප්‍රේල් මස 13 රූපවාහිනි ආරම්භය හිතල
      දැම්මනෙ පොහොට්ටුවෙ පාටම එදාම හිතල
      හතලිස් වසරකට පසු පාට ස්ථාවරයම හිතල
      ජාතික රූපවාහිනි දිරිගන්වයි අද රටම හිතල

  2. TGL says:

    saman, wena job ekak hoyaa ganin. Dilrukshi Dias ta wechchi dee mathakane

  3. රටවැසි says:

    නැතෙයි කියලා හිතා හිටියට කොන්ද (පන ) තියෙන ඇත්තෝ ඔය ඉන්නේ . අනේ වාසනාවන් .

  4. හරි උගත් says:

    ලංකාවේ සාමාන්‍ය පෙළ සමත් වීමේ ප්‍රතාසතය 65% ට වැඩිය.(අවම 64.4% අම්පාර දිස්ත්‍රික්කය)එබදු රටක පාලකයා විය යුත්තේ අවම වශයෙන් විද්‍යාවේදී උපාධියක් වත් හිමි කෙනෙකි.නැත්නම් අප රටේ සම්පත් විකුණගෙන කන පාලකයන් රජ කරනු ඇත.මොකද කියන්නෙ?

  5. RW says:

    That is why we need independent commissions.

    • ටොමියා says:

      බම්බුව තමයි , ඒ විකාශනය බැලුව නම් ඡන්ද බර ගානක් කැඩෙනවා ඒකයි ඒ !!.

  6. අ ඩ් ඩෝ….ඒම ….කෝමද……..අපේ ආන්ඩුව හරිද…….හවස් වෙනකොට සල්ලි ගෙවාපු බිලක් ඉදිරිපත් කරල අපි බලුවැඩේ.රටටම එලිකරන්නම් හරිද… !..පරිස්සම් වෙලා හිටපල්ල …..

  7. ක්‍රිමිනල් says:

    ඉතාමත් හොද ප්‍රවණතාවක් ! කළුදශකේ රාජ්‍ය මාද්‍ය රෙදී මඩේ දම දමා හොදද්දී , අනෙකුත් මාද්‍ය ආයතනවලට වාරණ දමද්දී , රටේ පෞද්ගලික නාලිකා දැන් නිදහස උපරිමයෙන් බුක්තී විදිනවා , කොමිස්ම් වල සාමාජිකයෝ , සභාපති වරු තමන්ට ඇති බලතල ප්‍රකාරව ක්‍රියාකරනවා , ආණ්ඩුව පතුරු ගහනවා , මාධ්‍යවල එව්වා ප්‍රචාරය වෙනවා. ඔන්න ඔක තමයි , “නිදහස” , අංග සම්පුර්ණ නැති වුනත් රට්ටු බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදය. බොහොම සතුටුයි !

    • ටහිකෙන නිදහස පල්ලි යන්න බෑ බෝම්බ
      පන්සල් කෝවිල් යන්න බෑ බෝම්බ
      බස් එකක වාහනේක යන්න බෑ බොම්බ බිය
      ඒ ඔක්කොම එහෙමමයි කියමුකෝ රාජ්‍ය
      අනුග්‍රහයෙන් බෝම්බ කන්නත් දැන් නිදහස

  8. emma says:

    Gotata chande dunnoth Owa heena withara !

  9. Open mind says:

    එදා ITN හැසිරීම හා වත්මන් කොමිසමේ ක්රියාවලිය බුද්ධිමත් ව කියවමු.

  10. ජයතිස්ස says:

    ඕක කවුරුත් බලන්නෙත් නෑ නොවැ

  11. sathya says:

    Wow…………. Law is not interfered by the Government. All Government Officers could work independently. Excellent!
    This is the country we expect.

  12. Keerthi says:

    Even with the Independent Election Commission Local government elections were held 2 years late. PC elections due mre than 1 year ago were indefinitely postponed.
    So what is the use?

  13. Ariyathilaka says:

    රාජ්‍ය දේපොළ නීතියට පටහැනිව සාවද්‍ය පරිහරණය කර ඇති බැවින් මෙයට සම්බන්ධ සියලු නිළධාරීන්ට නීතිමය වශයෙන් කටයුතු කළ යුතුය. මහජන දේපොළ අවභාවිතා කිරීම සමබන්ධව මෙයට සම්බන්ධ සියලු නිළධාරීන් වගකිව යුතුය. ඔවුන් සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි වියයුතු.

  14. Love nature says:

    ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකුයි

  15. Nim says:

    “WELL DONE ////////
    😀😀😀😀😀😆😆😆😆😆

  16. බලන්න. මේකත්, රනිල් තුමා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර වාදයට බැර කර ගන්නා හැටි! ඉස්සර ඔහොම කළා ද? ගොඨා ආවොත් ඔහොම කරයි ද?

  17. සඞ්ගත says:

    “මැතිවරණ නිලධාරීන් කඩා වදිති” කිව්වහම ඉතා ම සරල ව්‍යාකරණ නීතියක් කැඩෙනව නේ. ඇයි මේ වගේ මාධ්‍ය ආයතනවල භාෂාව දන්න සංස්කාරකවරු නැත්තේ? මෙහෙම ගියොත් සිංහල භාෂාවත් නොදුරේ දී ම අභාවයට යයි.

  18. Sun says:

    No one to trust in this politics as they have a behaviour similar to animals as their heads are deluded due to this unlawful politics. So the thinkers are away from politics and the country ifs falling in all aspects. That is why these politicians are like cats and dogs barking at each other.

Main News