ජාතික රූපවාහිනිය ජනාධිපතිගේ කතාවේ වැදගත් කොටස කපයි.. ඩෙංගු, කැලිකස, ජාතික අසමගිය වැනි තුන්බිය ගැන රිනාත්මක ප්‍රවෘත්තියක් කියයි..

June 17, 2017 at 1:20 pm | lanka C news
ජාතික රූපවාහිනිය ජනාධිපතිගේ කතාවේ වැදගත් කොටස කපයි.. ඩෙංගු, කැලිකස, ජාතික අසමගිය වැනි තුන්බිය ගැන රිනාත්මක ප්‍රවෘත්තියක් කියයි..

ඊයේ මහනුවර බෞද්ධ පාසලක වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගි වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අද වනවිට රටේ ජාතීන් අතර අසමගිය ඇති කරලීමට සමහරුන් මාධ්‍ය ඔස්සේ වැරැදි ප්‍රචාරයන් ගෙනියන බවයි.

එවෙනි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ පසුගියදා පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් ඔස්සේ පැවති වැඩසටහනක් දි එයය සහභාගි වූ මහත්මයෙක් මේ රටේ අලුත් ආණ්ඩුව ආවට පසු එනම් 2015 ජනවාරි 8 වෙනිදා සිට අද දක්වා කතෝලික පල්ලි 166 ක්ට පහර දී ඇති බවයි.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වී අදාළ සිද්ධිය සම්බන්ධව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් මාහිමිපාණන්ගෙන් විමසු බවත් උන්වහන්සේ ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් එවෙනි දෙයක් තමන් වහන්සේ වෙත වාර්තා වී නොමැති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා පැහැදිලි කලේ මෙවෙනි සිද්ධීන්ට මාධ්‍ය ඉදිරිපිටට ගෙනහැර සමහරුන් රටේ ජාතින් අතර සාමය බිදීමට උත්සහ ගන්න බවයි. එම ප්‍රවෘත්තිය සඳහා ඊයේ දිනයේදීය පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දුනි.

පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති විකාශනයක් මෙතනින් 

එහෙත් ජනාධිපතිවරයාගේ කතාවේ එම කොටස නව මාධ්‍ය අමාත්‍යවරයාගේ නිසි බලධාරින්ගේ කතුරට හසු වී ඇති බැව් ඊයේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹීමන් දැක ගත හැකිය. ඒ වෙනුවට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති උලුප්පා දක්වනුයේ මේ වනවිට ජනාධිපතිවරයා විසින් රටේ ඩෙංගු උවදුර, කුණු කසල උවදුර මෙන්ම ජාතින් අතර අසමගිය ඇතිවීමේ අවදානමකට රට මුහුණ දී ඇති බවයි.

මෙය මෑතකදී පත්වු මාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පිට ජාතික රූපවාහිනිය ප්‍රතිසංවිධානය කිරිමේ වැඩපිළිවෙළ යටතේ කෙරෙන කටයුත්තක් ද යන්න පැහැදිලි නැත. ජාතික රූපවාහිනියේ ඊයේ ප්‍රවෘත්ති හරහා ජනාධිපතිවරයාගේ එම පුවත ඇතුලත් කතාව විකාශනය කල අයුරු. link

25 views
Main News