ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි… පොලිසිය රෝගියාගෙන් කටඋත්තර ගනී..

March 18, 2021 at 3:00 pm | lanka C news
ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි… පොලිසිය රෝගියාගෙන් කටඋත්තර ගනී..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රජයේ රෝහල්වල ගිලන්රථ ටයර් නැතිව කොට උඩ .ඇදන් ඉල්ලා සිටි රෝගියෙකුට විරුද්ධව පොලීසියට පැමිණිලි.

රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල  ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇත. තවත් ගිලන් රථ වල  ටයර් ගෙවී ඇති නිසා ධාවනය කරන්නේ අනතුරුදායක ලෙසය.එම හේතුව නිසා ඊයේ දිනයේදී ගාල්ල ප්‍රදේශයේ රෝහලකින් රෝගියෙක් වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් එම රෝගියා මිය ගොස් ඇත.

තවද හදිසි අනතුරකට භාජනය වී කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ආපානශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා තමාට බිම වැතිර සිටීමට නොහැකි බව පවසා නිදා ගැනීමට ඇදක් ඉල්ලා සිටිම හේතුවෙන් අදාල වාට්ටුවේ වෛද්‍යවරයා විසින් අසේල සම්පත් මහතා රාජකාරියට බාධා කල බව පවසා රෝහල් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොලීසිය විසින්  අසේල සම්පත් මහතාගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇත.

වෛරස් තත්වයක් රටතුළ ඇතිවී තිබෙන මෙම අවස්ථාවේ රෝහල් පද්ධතිය පිළිබද සොයා නොබලන බළධාරීන් විසින් මෙරට රෝගීන්ට සිදුකරනුයේ බලවත් අසාධාරණයකි.

ජනාධිපතිතුමනි වහාම අප රෝහල් පද්ධතිය පිළිබදව සොයා බලන ලෙස බලධාරීන්ට උපදෙස් දෙන්න.

රංජිත් විතානගේ  
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

29,236 views

8 Comments to “ජාතික රෝහලේ ඇදක් ඉල්ලූ රෝගියෙකුට විරුද්දව දොස්තර පොලිසි යයි… පොලිසිය රෝගියාගෙන් කටඋත්තර ගනී..”

  1. Gobbaya says:

    Most doctors don’t have the required compassion. That is why it is best to admit students to medical colleges after an interview like in developed countries. Another way to solve this is to get them to do a basic science degree first and then do the professional medical degree.

    Private medical colleges will also help solve this problem. Then those with a passion to become a doctor but who lack a few marks can have the opportunity for a fee.

    • Bawa says:

      most government hospitals don’t have enough beds. It is not the doctors fault. This patient would have disrupted the duties of the doctor. If he wants a comfortable bed pay and go to a private hospital. Don’t expect to pay tax like beggars and have hospitals like kings.

    • Doca Europe says:

      Ha ha. Western doca la gana monawada danne? We have tried 2 private medical colleges, we all know How corrupted they were. Bayla kiyanna epa. Indian MBBS eka Balu wela

  2. Spc says:

    මොන විදිහට හරි ප්‍රසිද්ද වෙන්න දගලන පිස්සෝ
    ටිකක් ඉන්නවා රටේ. මේ වගේ කුණු ගොඩක් අල්ලාගෙන දගලන. යකෝ මම දැන් ඉන්නෙත් රෝහලේ බංකුවක. ඇදන් නැත්නම් දොස්තර ගෙදරින් ගෙනත් දෙන්නද?

  3. Anushka says:

    අප්පා අපේ අසේල සම්පත් නම් ඉතින් අහන්ඩ දෙයක් නැහැ. මාද්ය ඉස්සරහ දාන පාර්ට් ඉස්පිරිතාලේ දාන්ඩ යන්ඩ ඇති.

  4. Sujatha says:

    Me accident wela thiyenne, sangam sabhapathi kenek neda? Media maniya karaya neda? Aniwaryayenma sangam nema kiyala Dr WA baya karanna yanna ethi.

  5. Disce ammata discede says:

    ඇඳන් දෙන එක දොස්තර ගේ රාජකාරියක්‌ බව වත් නොදන්න මෝඩ සංගම් කාරයෝ.

  6. Dr. Darshana says:

    පුදුම වදයක් හොස්පිටල් එකේ අයට දීලා තියෙන්නේ.
    ෆෝන් එක චර්ගේ කරන්න දුන්නේ නැහැ කියල මානව හිමිකම් නඩුවක් දානවා කිවලු.
    He had only minor injuries ලු
    පස්සේ ඔක්කොමලා වීඩියෝ කරන් ගිහින්

Main News