ජාතික රෝහලේ සියළු ශල්‍යකර්ම අවලංගු කරයි…

May 12, 2021 at 10:40 am | lanka C news
ජාතික රෝහලේ සියළු ශල්‍යකර්ම අවලංගු කරයි…

කොළඹ ජාතික රෝහලේ සැලසුම්කරන ලද සියලුම ශල්‍යකර්ම අවලංගු කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ නමුත් තවදුරටත් හදිසි ශල්‍යකර්ම සිදු කරමින් පවතින බවද ඔහු පැවසීය.

රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝගී අංශය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් පැවසූ ඔහු කොරෝනා ආසාදිතයන් වෙනම වාට්ටු දෙකකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවද කියා සිටියේය.

31,501 views

3 Comments to “ජාතික රෝහලේ සියළු ශල්‍යකර්ම අවලංගු කරයි…”

  1. වයි දිස් කොලවෙරි says:

    රජයේ රෝහල් වල තියෙන්නෙ සායනික පරික්ශණ සමත් බෙහෙත්. ඒව බීපු ගමන් කොරෝනා හොද වෙනවා.

    ඇමෙරිකාව, එගලන්තේ, ඉන්දියාවෙ මැරෙන තරමක් මැරුනේ සායනික පරීක්ශණ අසමත් ධම්මික පැණිය බීපු උන්.

    • sunimal says:

      සායනික පරික්ශණ සමත් බෙහෙත් බිලා මැරුණ අයට මොනවාද කියන්නේ බුරුවා.

  2. මෝඩ බයියා says:

    මේ වගේ ජාතික ආපදාවක අපේ ලොකු සර්ලා විපක්සෙ උන්න නම් මේ වෙද්දි ශල්‍යකර්ම නෙමේ දොස්තරලත් වැඩ නෑ.උන්දැල ස්ට්‍රයික් කරනව මොනව හරි හේතුවක් කියාල.නර්ස්ලත් එහෙමයි.බස්කාරයොත් එහෙමයි.එහෙනම් අපේ දෙවෙනි ලොකු සර් පන්සල් යන ගමන් වොයිස් කට් එකක් දීල අපෙන් අහනව මැරෙනව නේද මිනිස්සු බඩු මිල ගණන් නේද දැන් ෂැපද කියාල.මොනව උනත් දැන් විපක්ෂෙ ඉන්න බූරු පුතාට අපේ ලොකු සර්ලට වගේ එව්ව තේරෙන් නෑ.ඌ ලොකු සර්ල නාද්දි බාල්දියක් අරන් ඌත් නානව

Main News