ජාතික රෝහලේ සේවකයෙක් හෙරොයින් සමගින් අත්අඩංගුවට ගනී.. රෝගීන්ට දෙවි පිහිටයි..

April 4, 2019 at 5:30 pm | lanka C news
ජාතික රෝහලේ සේවකයෙක් හෙරොයින් සමගින් අත්අඩංගුවට ගනී.. රෝගීන්ට දෙවි පිහිටයි..

කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු සේවකයෙක් මත්කුඩු තොගයක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොහු සතුව තිබී මිලිග‍්‍රෑම් 860ක හෙරොයින් මත්කුඩු ප‍්‍රමාණයක් සොයාගෙන ඇති අතර මේවා විකිණීමට තබාගෙන සිටින්නට ඇතැයි පොලීසිය කියයි.

මෙම තත්ත්වය මත රාජ්‍ය ආයතන තුළටත් මත්කුඩු ව්‍යාපාරය ව්‍යාප්ත වී ඇති දැයි අදාළ අංශවල විමසිල්ලට ලක්ව ඇත.

මෙම සේවකයන් රෝගී සත්කාර සේවයේ යෙදෙන්නේ මත්කුඩු භාවිත කර නම් එය ඉතා බරපතල තත්වයකි.

44 views

4 Comments to “ජාතික රෝහලේ සේවකයෙක් හෙරොයින් සමගින් අත්අඩංගුවට ගනී.. රෝගීන්ට දෙවි පිහිටයි..”

  1. Sun says:

    Time to introduce shariah law for such offences, I suppose.

  2. සමන් says:

    ජාතික රෝහල තුල අලෙවි කරද්දී අත්අඩංගුවට ගත්තත් පුදුම නැහැ. වාට්ටු ඇතුලෙත් සුළු සේවකයන් සිගරැට් බොනවා මම ලගදී ගිය වෙලාවක දැක්ක. වාට්ටු පිටත් , අහු මුළු වල, සේවක කාමර වල හරියට සිගරට් බොනවා. මේවා ගැන කවුරුත් ක්‍රියා කරන බවක් පෙන්නේ නැහැ. මේවා ලේද්දුන්ටත් හානිකරයිනේ.

  3. සමන් says:

    ජාතික රෝහල තුල අලෙවි කරද්දී අත්අඩංගුවට ගත්තත් පුදුම නැහැ. වාට්ටු ඇතුලෙත් සුළු සේවකයන් සිගරැට් බොනවා මම ලගදී ගිය වෙලාවක දැක්ක. වාට්ටු පිටත් , අහු මුළු වල, සේවක කාමර වල හරියට සිගරට් බොනවා. මේවා ගැන කවුරුත් ක්‍රියා කරන බවක් පෙන්නේ නැහැ. මේවා ලෙඩ්ඩුන්ටත් හානිකරයිනේ.

  4. UD says:

    හෙරොයින් කියන්නේ මොනවගේ අසනීප වලට දෙන බෙහෙත් වර්ගයක්ද?

Main News