ජාතික රෝහලේ හෘද රෝගීන් 04ක් මිය ගියේ බාල බෙහෙත් නිසා බව විමර්ශන කමිටුවත් කියයි…

December 3, 2016 at 8:02 am | lanka C news
ජාතික රෝහලේ හෘද රෝගීන් 04ක් මිය ගියේ බාල බෙහෙත් නිසා බව විමර්ශන කමිටුවත් කියයි…

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ දී සැත්කම්වලට ලක් කළ රෝගීන් 06 කගෙන් 04 දෙනෙකු මියයාම පිළිබදව සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පත්කළ ත‍්‍රීපුද්ගල පරික්ෂණ කණ්ඩායෙමි වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට ලබාදෙන ලදි.

එහි සදහන්ව ඇති පරිදි  Non Ionic contrast media for cardio angiography for adult  – 100 ml නැමැති ඩයි වර්ගය භාවිතයෙන් ඉවත් කරන ලෙස කමිටුව නිර්දේශ කර ඇත. එම ඩයි වර්ගය තවදුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා පරීක්ෂා කිරීමට ද කමිටුව නිර්දේශ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ පරික්ෂණ තවදුරටත් ක‍්‍රීයාත්මක කිරීමට ද, මෙවැනි සිද්ධියක් සිදු වුවහොත් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස හෘද රෝග ඒකකයේ අධ්‍යක්ෂවරයා ඇතුලු වෛද්‍යවරුන් දැනුවත් කිරිමට ද කමිටුව නිර්දේශ කර තිෙබි.

මෙම ඩයි වර්ගය ආසාත්මික තත්ත්වයකට පත්ව මරණ 04 සිදුව ඇති බව එම කමිටුෙවි විශ්වාසයයි. කමිටුව තාවකාලික වාර්තාවක් නිකුත් කර ඇති අතර, ෙමි පිළිබදව තවදුරටත්

අධ්‍යයනය කිරීමෙන් පසු පුර්ණ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යව්‍යාංශයට ලබාදීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පත්කල පරික්ෂණ කණ්ඩායමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1) වෛද්‍ය ලක්ෂ්මි සී.සෝමතුංග මහත්මිය. අධ්‍යක්ෂ(රසායානාගාර සේවා) ඡේ.එචි.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා මහතා එම කමිටුවට ඇතුලත් වෙයි.

– නිපුන් ඒකනායක

82 views