ජාතික රෝහලේ 09 මහල් බාහිර රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීරණයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ…

April 9, 2017 at 2:12 am | lanka C news
ජාතික රෝහලේ 09 මහල් බාහිර රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීරණයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ…

නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ශ්‍රී ලාංකීය ජනතාවට ලබාදීමෙි අරමුණින් ශ්‍රී ලංකා රජයේ කැපවීම හා මඟපෙන්වීම යටතේ චීන මහජන සමූහාණ්ඩුවෙ ආධාර මත ඉදිකෙරෙන ශ්‍රී ලංකා ජාතික රෝහලේ 09 මහල් බාහිර රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීරණයේ ඉදිකිරීම් කටයුතු 07 දා ආරම්භ විය.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, චින මහජන සමූහාණ්ඩුවෙි ජාතික දේශපාලන උපදේශක සමුළුෙවි ගරු සභාපති යු. ෂෑන්ග් මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.

බාහිර රෝගී අංශය ඉදිකිරිමට යෝජිත ඉඩමෙි මුල්ගල් තැබීම සහ සමරු පළකය විවෘත කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ චින මහජන සමූහාණ්ඩුවෙි ජාතික දේශපාලන උපදේශක සමුළුෙවි ගරු සභාපති යු. ෂෑන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහතමිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

6 views

One Comment to “ජාතික රෝහලේ 09 මහල් බාහිර රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීරණයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ…”

  1. කදිරා says:

    නමවන තට්ටුව තද මාරකයි නොවැ
    රාජිතගෙ සීට්ටුව සාර්ථකයි නොවැ
    අහිංසක ලෙඩ්ඩු සයිටම් කලා නොවැ
    සුදු ලෝගුවට සිංගප්පූරු පෙත්ත නොවැ

Main News