ජාතික ලයිස්තුවට දෙමල සන්ධානයත් පුපුරා යයි.. එලිපිට බැණගනිති..

August 10, 2020 at 6:22 am | lanka C news
ජාතික ලයිස්තුවට දෙමල සන්ධානයත් පුපුරා යයි.. එලිපිට බැණගනිති..

මෙවර මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය බෙදා ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂය තුල දැඩි මත ගැටුම් ඇති වී තිබේ.

දැනට එම පක්ෂය ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා ලෙස තවරාසා කලෙයි අරසන් නම් කර ඇත.

මෙම තීරණයට එම සන්ධානයේ හවුල්කාර පක්ෂ ප්‍රසිද්ධියේ විරෝධය පළ කර ඇත.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් තුරෙයිරාජසිංහම් මහතා මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ තම ජාතික ලයිස්තු නියෝජනය තහවුරු කිරීම සඳහා තවරාසා කලෙයි අරසන් මහතාගේ නම මැතිවරණ කොමිසමට යොමු කළ බවයි.

මේ අතර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක සිවඥානම් ඇතුළු පිරිසක් තීරණය කර ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය මෙවර මැතිවරණයෙන් පරාජය වූ පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාද ලබාදිය යුතු බවයි.

මේ හේතුවෙන් දෙමළ ජාතික සංධානය බිඳී යාම දක්වාම විරසකයක් ඇති වි තිබෙන බවද වාර්තා වෙයි.

267 views

6 Comments to “ජාතික ලයිස්තුවට දෙමල සන්ධානයත් පුපුරා යයි.. එලිපිට බැණගනිති..”

  1. baiya says:

    thopi hatththa buruththama maragena makabae weyawu!

  2. ගරසරප says:

    බලලෝභී දෙමල පක්ශ බලෙන් එකතු කල්‍රේ ප්‍රභාකරන් විතරයි . බැරි වෙලාවත් මෙයාලට ෆෙඩරල් ලැබුනනම් ඇතුලෙ තියන බෙදීම් හරහා ජාත්‍යන්තරයට ඇගිලි ගහන්න මරු අවස්ථාවක් එනවා. දකුනු සුඩානය දෙස බලන්න.

  3. Dikman Aiyya says:

    ….when there is 2/3 for one single party,…rest will face this situation. Unbelievable turn of events,….Whatever said and done…BASIL RAJAPAKSA IS A GENIUS STRATEGIST,….

    • Lakshman says:

      You are absolutely correct. Look how Sinhalese have got together and made a big mess of other ethnics in this election.

  4. අල්ලපු ගෙදර තිනන් says:

    බලන්න ඒගොල්ලෝ දෙමළ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න තියෙන කැපවීම 🤣🤣🤣

Main News