ජාතික ලයිස්තුවෙන් පත්කල ඇමතිවරුන් තිදෙනෙකුට ඉල්ලා අස්වන්නැයි දන්වයි.. අලූත් මුහුණු තුනක් පාර්ලිමේන්තුවට..

November 26, 2016 at 9:20 am | lanka C news
ජාතික ලයිස්තුවෙන් පත්කල ඇමතිවරුන් තිදෙනෙකුට ඉල්ලා අස්වන්නැයි දන්වයි.. අලූත් මුහුණු තුනක් පාර්ලිමේන්තුවට..

පසුගිය මහ මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්දාන ජාතික ලයිස්තුවෙන් පත් කර අද වන විට ඇමතිවරුන් ලෙස කටයුතු කරන තිදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වනු ඇතැයි ඉහල පෙලේ දේශපාලන අරංචි මාර්ග සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණයක් අනුව මෙම තිදෙනා ඉල්ලා අස්වෙන්නේ ඉදිරි මැතිවණවලට පෙර අලූත් මුහුණු තුනක් පාර්ලිමේන්තුවට ගෙන ඒමටයි.

ලබන නිදහස් දිනයට පෙර මෙම තිදෙනා ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තා වන අතර එසේ ඉල්ලා අස්වන ඇමතිවරුන් තිදෙනාගෙන් එක් අයෙකුට පළාත් ආණ්ඩුකාර ධුරයක් හා අනෙක් දෙදෙනාට රජයේ ඉහල පදවි දෙකක්ද ලබා දීමට නියමිතය.

මෙම තිදෙනාගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ‍්‍රීලනිපයේ තරුණ නායකයෙක් හා වෘත්තිකයින් දෙදෙනෙක් පාර්ලිමේන්තුවට එවීමට දැනටමත් සාකච්චා කර ඇතැයිද පෙරකී ආරංචි මාර්ග කියයි.

24 views
Main News