ජාතික ලයිස්තුවෙන් පුපුරා යයි.. පාක්ෂිකයන් සම්බන්ධන් වටලති… දෙකඩවීම අතේ දුරින්..
August 11, 2020 at 3:24 am | lanka C news
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයට ලබා දී ඇත්තේ අත්තනෝමතිකව කටයුතු කරමින් බවට එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයින් විරෝධය පල කරමින් සිටිති.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාද ආසන මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයෙන් එම පක්ෂයට තරඟ කොට පරාජය වූ තවරාසා කලෙයි අරසන් නැමත්තා නම් කොට ඇති බවට පක්ෂ මහලේකම් කේ.තුරෙයිරාජසිංහම් මහතා මාධ්‍යට පැවසීමත් සමග එම මන්ත්‍රී ධූරය දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා බහුතර බලය හිමි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙතට ලැබිය යුතු යැයි හවුල්කාර පක්ෂ නායකයින් විසින් පවසා සිටීම හේතුවෙන් මෙම මත ගැටුම ඇතිව තිබේ.
මාවේයි සේනාධිරාජා මහතා මෙවර මහමැතිවරණයේදී යාපනය දිස්ත්‍රීක්කයේ මනාප ලැයිස්තුවේ පස්වැනි ස්ථානය ලබා ගත් අතර මනාප ලැයිස්තුවේ පළමු, දෙවන හා තුන්වන ස්ථාන වෙනුවෙන් මන්ත්‍රී ආසන හිමි විය.
මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වූ ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා පවසා සිටින්නේ
‘‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ආර්.සම්බන්ධන් මහත්තයා මේ වෙනකම් අපිත් එක්ක කතා කලේ නැහැ සාමාන්‍ය සිරිතක් විදිහට මේ වගේ දෙයක් දුරකතනයෙන් හරි සම්බන්ධ වෙලා අපෙන් අහනවා මේ වගේ බරපතල කාරණාවක් පිළිබඳව අත්තනොමතිකව තීරණයක් ගන්න සම්බන්ධන් මහත්තයට කිසිම අයිතියක් නැහැ.
එමෙන්ම ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නියෝජ්‍ය නායක සී.වී.කේ.සිවඥානම් මහතාද පවසා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙතට ලබා දීමට වහාම පියවර ගත යුතු බවටය.
එමෙන්ම දෙමළ ජාතක සන්ධානයේ අනෙක් හවුල්කාර පක්ෂය වූ ප්ලොට් පක්ෂ නායක ටී.සිද්ධාර්තන් මහතාද පවසා සිටියේ,
‘‘මේ වගේ තීරණයක් ගන්න ඕන ප්‍රධාන හවුල්කාර පක්ෂ තුනම එකතු වෙලා නමුත් ඔනුගේ පක්ෂයේ නායක තුමා දන්නෙ නැතව තමයි මහලේකම් තුමා විසින් මේ තීරණය අරගෙන තියෙන්නේ මම මේ ගැන සම්බන්ධන් මහත්තයට දුරකතනයෙන් කතා කරලා දැනුම් දුන්නා අපේ පක්ෂයේ ස්ථාවරය අනුව මේ ආසනය හිමි විය යුත්තේ මාවෙයි සේනාධිරාජා මහතාටයි. යනුවෙනි.
මේ අතර මැතිවරණයට පෙර ආර්.සම්බන්ධන් මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ත්‍රීකුණාමලයට ලබා දීමට පාක්ෂිකයින්ට පොරොන්දු වීම නිසාවෙන් මේ දිනවල ත්‍රීකුණාමලය දෙමළ ජාතික සන්දාන පක්ෂ කාර්යාලය ඉදිරිපටද පාක්ෂිකයින්ගෙන් දැඩි විරෝධය එල්ල වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
me para chande phohotuwa diniuwata
kuhakayo thama aye athulata dagatthe
wiyatthu kiyanne buddiyak nathi hattak
okunta dakmak na.boruwata show dammata
karala balannako balanna.api bala innam
wiyatthu kehelmala.
පවුබන් උඹලා. ප්රජාතන්ත්රවාදය කියන්නෙ හොදනැති උන් ගෙදර යවන එක මිසක්, සුපිරි උන් පත්කරගන්න එක නෙවෙයි . චන්ද තියන්නෙ නැතුව අවුරුදු ගනන් දුවපු එකේ පලවිපාක දැන් ලැබිල.
ඕන මීහරකෙකුට ඕන කොමෙන්ටුක් දාගන්න බැරියැ.
range, දුකට කියන කථා, එහෙමවත් හිත හදාගන්ඩ බලපන්!
උඹලගෙ විපක්ෂෙ අපතයො ටික ඔක්කොම එකතු වුනත්
අපේ ජීවිත කාලයතුල උඹලට බලයට එන්ඩ හම්බ වෙන්නෙ නෑ.
So tired of hearing national list conflicts..
Two years yanakota mun Ayet gahagannawa ministersla wenna