ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රීකමක් නොදුන්නැයි අසාද් සාලි කිපේ.. සජිත් බැණ වදිමින් වීඩියෝවක් අන්තර්ජාලයට…

August 14, 2020 at 3:00 pm | lanka C news
ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රීකමක් නොදුන්නැයි අසාද් සාලි කිපේ.. සජිත් බැණ වදිමින් වීඩියෝවක් අන්තර්ජාලයට…

සමගි ජන බලවේගය ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් තමන්ට ලබා දීමට පොරොන්දු වූ නමුත් එය ලබා නුදුන් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මන්ත්‍රී ධූරයක් තමන්ට ලබාදෙන බව සහතික කර කර කිව්වත් නමුත් එය නොලැබුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයට මෙවර ලැබුණු ඡන්ද වලින් හරි අඩක් සුළු ජාතික ඡන්ද බවද පැවසූ ඔහු ඒ නිසා ජාතික ලැයිස්තුවෙන්ද යම් නියෝජනයක් සුළු ජාතීන්ට ලබා දිය යුතුව තිබුණේ යයිද පැවසීය.

ඉමිටියාස් බාකිරී මාකර්ට මන්ත‍්‍රී ධුරයක් හිමිව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික යාලුවෙක් නිසා මිස මුස්ලිම් ජනතා නියෝජනයක් ලෙස නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාලය වෙත වීඩියෝවක්ද හරිමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

108,696 views
Main News