විමල්ගේ බෝම්බ කතාවට විරුද්ද වූ පියසිරි ජානිපෙන් පන්නා දමයි..

November 29, 2017 at 3:00 pm | lanka C news
විමල්ගේ බෝම්බ කතාවට විරුද්ද වූ පියසිරි ජානිපෙන් පන්නා දමයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කල පියසිරි විජේනායක මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

එමෙන්ම විජේනායක මහතාගේ පක්‍ෂ සාමාජිකත්වයද අත්හිටුවා ඇත.

පක්‍ෂයේ වැඩබලන ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියකින් මෙම ඉවත් කිරීම සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

අදාල ලිපියෙහි දැක්වෙන චෝදනා වන්නේ පක්‍ෂ නායකත්වය විවේචනය කිරීම, පක්‍ෂ මතයෙන් නොවන අදහස් මාධය වෙත ප‍්‍රකාශ කර විනය කඩකිරීම ඇතුළු කිහිපයකි.

මෙහි දැක්වෙන්නේ වැඩබලන ලේකම් කපිල ගමගේ මහතා විසින් පියසරි විජේනායක මහතා වෙත යොමු කරන ලද ලිපියයි.

පියසිරි විජේනායක සහෝදරයා
අංක 3/7,
සෙන්ට්‍රා පාර්ක්,
ගම්පහ පාර,
යක්කල.

ප්‍රිය සහෝදරය,

පක්ෂ විනය උල්ලංඝනය කිරීම සම්බන්ධවයි

ඔබ විසින් (මෙහි මින්මතු ඇතැම් තැනක පක්ෂය යනුවෙන් හඳුන්වනු ලබන) ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දරමින් සිටියේ වී වුවද ඔබ,

  • අදාල තනතුරේ කාර්ය සහ කර්තව්‍යය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්,
  • පක්ෂයටත් පක්ෂයේ නායකයාටත් අපහාස වන අයුරින් නොයෙක් මාධ්‍ය උපයෝගී කර ගනිමින් ප්‍රකාශ නිකුත් කර ඇති බවත්
  • පක්ෂය සහ පක්ෂ සාමාජිකත්වයත් දේශපාලන මණ්ඩල සහ මධ්‍යම කමිටු සාමාජිකත්වයත් අපහසුතාවයට පත්වන අයුරින් ද ද්වේෂ සහගතව ද පක්ෂයේ පොදු එකගතාවයට එරෙහිව කටයුතු කර ඇති බවත් සහ යම් යම් ප්‍රකාශ නිකුත් කර ඇති බවත්
  • පක්ෂයේත් දේශපාලන මණ්ඩලයේත් මධ්‍යම කමිටුවේත් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කර ඇති බවත්
  • පක්ෂයේ කීර්ති නාමයට සහ ගෞරවයට හානි සිදුවන අයුරින් කටයුතු කර ඇති බවත්

යන චෝදනා පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත වාර්තා වී/නිරීක්ෂණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් 2017.11.21 දින පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී  එදින පැමිණ සිටි පක්ෂ සාමාජිකයන් වෙතින් විමසීමක් සිදුකරන ලදි.  එහිදී පක්ෂ ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට මේ පිළිබඳව පක්ෂය විසින් පත් කරනු ලබන විනය කමිටුවක් මගින් ඔබ සම්බන්ධයෙන් වන විධිමත් පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණයක් ගැනීමටත් එතෙක් ඔබගේ පක්ෂ සාමාජිකත්වය, ඔබගේ මධ්‍යම කමිටු සහ දේශපාලන මණ්ඩල සාමාජිකත්වය මෙන්ම ජාතික සංවිධායක ධුරය ද තාවකාලිකව අත්හිටුවීමටත් පක්ෂයේ මධ්‍යම කමිටුව ඒකමතිකව තීරණය කරන ලද බව මෙයින් දැනුම් දෙමි.

ඒ අනුව ඔබ සතුව ඇති පක්ෂයේ දේපළ සහ ලිපිලේඛණ වෙතොත් ඒවා  යළි පක්ෂය වෙත ලබාදෙන ලෙසට මෙයින් දන්වා සිටින අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් සහ/හෝ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධුරය නියෝජනය කරමින් සහ / හෝ එම තනතුරු නාමය භාවිතා කරමින් කිසිදු ආකාරයේ ක්‍රියාකාරකමක යෙදීමද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ඔබට මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඔබට අදාල විනය කටයුතු සිදුකරන ආතාරය ඉදිරි කාලයේදී ඔබට දැනුම් දීමට කටයුතු කරනු ඇත.

ස්තුතියි

මීට සහෝදරත්වයෙන්

නීතීඥ කපිල ගමගේ
ප්‍රධාන ලේකම්(වැබ)
ජාතික නිදහස් පෙරමුණ

පිටපත්-
සභාපති
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත
රාජගිරිය

2017 නොවැමිබර් මස 24 වැනි දින දී ය.

65 views

17 Comments to “විමල්ගේ බෝම්බ කතාවට විරුද්ද වූ පියසිරි ජානිපෙන් පන්නා දමයි..”

  1. Don says:

    mekata kiyanne sahodarakamen arinawa kiyala.

    පියසිරි විජේනායක සහෝදරයා

    ප්‍රිය සහෝදරය,
    මීට සහෝදරත්වයෙන්

    • දිනනතුරා ටිල්විය says:

      දැන් එතකොට ලප කුමාර ජෙප්පන්ව පක්ෂයෙන් අයින් කරනකොට
      ආමන්ත්‍රනය කරන්නෙ `අඩෝ, හොරිකඩයා! කියලද?

  2. Snow white says:

    The end of Piyasiri’s political career.

Main News