ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කරයි..- ජනපති නියෝගයක්

September 29, 2020 at 8:40 am | lanka C news
ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කරයි..- ජනපති නියෝගයක්

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.

මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසති. විශාල පිරිසකට රැකියා අහිමි විය.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.

රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිතුමා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය.

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.

ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනකාරිත්වය දිරි ගැන්වීය. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය සඳහන් කළේය.

Dankotuwa Textile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) ltd ආයතන ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ. 1500ක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය ජනාධිපතිතුමාට කීය.

රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඕව්හු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ජනාධිපතිතුමා සමග නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

15,651 views

8 Comments to “ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කරයි..- ජනපති නියෝගයක්”

  1. Ranil wikkamasinha says:

    I dont like it. Textile importers Will be jobless.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      රෙදිපිළි ලංකාවේ හැදුවොත් ජොබ් නැති වෙන පිරිස:
      1.) රෙදිපිළි ආනයනය කරණ ලංකාවේ වෙළෙන්දෝ 20ක් පමණ

      රෙදිපිළි ලංකාවේ හැදුවොත් ජොබ් හම්බ වෙන පිරිස:
      1.) ලංකාවේ රෙදිපිළි කර්මාන්ත ශාලා වල සේවකයින් 2000ක් පමණ

      ලංකාවේ පැත්තෙන් බැලුවොත් 20කට ජොබ් නැති වෙලා 2000කට ජොබ් හම්බ වෙන එක වටිනවා.

      • ටිකිටි says:

        බයිසන්වරැන්ගේ යාථාර්තාවභෝදය පිනිස There’s a hole in the bucket සින්දුවේ english lyrics කියවන ල‌ෙස යෝජනා කරමි.
        There’s a hole in the bucket, dear Liza, dear Liza,
        There’s a hole in the bucket, dear Liza, a hole.
        So fix it dear Henry, dear Henry, dear Henry,
        So fix it dear Henry, dear Henry, fix it.
        With what should I fix it, dear Liza, dear Liza,
        With what should I fix it, dear Liza, with what?….
        මේ සින්දුුුුවේ අවසානයේදිවත් ඔබ යාථාර්තය තේරම්ගනු ඇතැයි සිතමි.

  2. old Barron says:

    Respect sarr.

    Your better than Ravana.

    69 laks bi people’s wishes coming true every day thanks to you. long live

  3. Analyst says:

    ආණ්ඩුව විදේශණය ග‌ෙවා දමන්න උමුතුව‌ෙන් දඟලනවා.
    මේ උමුතුව Bipolar Disorder හ‌ෙවත් “අන්ත ද‌ෙකක අර්බුදයකට” රට ඇද දමා ඇත.ඒ අන්ත ද‌ෙක නම් ණය හා පොලී වාරික ග‌ෙවා දැමීීීම සදහා ඩොලර් ඉතිරි කර ගැනීමට හා ඩොලර් සපයා ගැනීමට පිලිව‌ෙලින්
    1.විදේශ ආනයන නවතා ඩොලර් ඉතිරි කර ගැනීමේ අන්තය
    2.හැකි සියලුම හොඳ දේ විකුණා දමමින් ඩොලර් උපයා ගැනීමේ අන්තයත්ය.
    විකුණා දමන සියලුම හොඳ දේ අතර මැදප‌ෙරදිග වහල් සේවයට විකුණා දමන දරැවන්ගේ අම්මලා හා කාන්තාවන්, ගුණය‌ෙන් රසය‌ෙන් ඉහල මාළු,හොඳ ප්‍රමිතියේ පොල් ග‌ෙඩි,වටිනා දැව වර්ග,සහල්,පලතුරැ ප්‍රධාන වේ.අද පොල් හිඟය මේ ආර්ථික Bipolar Disorder අර්බුදයේ ප්‍රතිඵලයකි.
    “අන්ත ද‌ෙකක අර්බුදය” නිසා පොල් කිරි,එලකිරි,පිටි කිරි යන සියල්ල‌ෙම උග්‍ර හිඟයක ලකුණු පහල ව‌ෙමින් ඇත.ඩොලර ඉපයීම සඳහා අම්මාවරැන්ව හා කාන්තාවන්ව මැදප‌ෙරදිග වහල් සේවයට පැටවීම නිසා මව්කිරි හිඟයක්ද ඩොලර් ඉතිරි කරගැනීමට ආනයන නවතා දැමීම නිසා පිටිකිරි හිඟයක්ද ඇති වීම ස්වභාවිකය.
    ආනයන අපනයන හා ව්‍යාපාර කඩා වැටීම,රැකියා අහිමි වීම හා රැකියා හිමි නොවීම,පවුලක් ගොඩනගාගැනීමට අපොහොසත් වීම තුල විවාහ ප්‍රමාද වීම හා විවාහ බිඳ වැටීම,බඩු මිල,බැංකු ණය,ෆිනෑන්ස් මේහැම නිසා Stress, Depression හා සියදිවි හානි කරගැනීම් වැනි මානසික සංකූලතා වලට විශාල පිරිසක් ගොදුරැ වී ඇත.
    රටම පිස්සන් කොටුවක් බවට පත්වූ රටක නායකයාට කියන්නට සුදුසුම නමක් ඇත.ඒ ‘අංගොඩ ලොක්කා’ කියාය.

  4. sampath says:

    වැඩ නොකර කියවලා කියවලා බලයට එන සෙට් එක ආපහු වැඩ පටන් අරන්. මේ කියන දේවල් බාගයක් හරි, නිගමනය වැරදියි, ා අවුරුදු 4ක් කිසිම දෙයක් නොකර හිටපු සෙට් එක ගොඩ දාගන්න ආපහු ට්‍රයි එක. අම්මා තාත්තා අදුරන්නැති හිගන එන් ජී ඕ කුක්කො ටික දැන් බූමිතෙල් වැදුන ගැරඩි වගෙ නලියන්නෙ. අඩුම ගානෙ මේ මිනිස්සු උත්සාහ කරනවා පේන්නැද්ද හොර හැත්ත.

  5. sinhale le says:

    දුටුගැමුණු යුගයේ සිට පැවති සිංහ කොඩිය නැවත ගෙන ආ යුතුය.

  6. sinhale le says:

    නිදහස ලැබුණි නම් අපේ රට “සිංහලේ රාජ්‍යයි”

    කළු සුද්දන් සිංහලේ රට වෙනස් කලේ “ශ්‍රීලංකා” කරලා
    කළු සුද්දන් “සිංහල කොඩිය” වෙනස් කලේ කොඩියට “පටි” ගහලා
    කළු සුද්දන් “සිංහල ජාතිය” වෙනස් කලේ “හිපියන්” කරලා
    කළු සුද්දන් “සිංහල සිරිත්” වෙනස් කලේ “තුප්පහියන්” කරලා

Main News