ජාතියේ මහා පහන් ටැඹ කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී..

December 23, 2016 at 9:02 pm | lanka C news
ජාතියේ මහා පහන් ටැඹ කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී..

රටේ මෑතකදී ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රීලංකා මහා බැංකුවේ සමඟ ඇති කරගත් අවබෝධතාවය සහ වෙළෙඳපොලට ලංකා බැංකුව සතු ඩොලර් සංචිතයෙන් ඇ. ඩොලර් මිලියන 2000 කට ( බිලියන 2 කට වැඩි) ප්‍රාමාණයක් වරින් වර මුදාහැරීමට කටයුතු යෙදුහ.

ඒ අනුව මේ වනවිට රුපියල් 160 ද ඉක්මවීමට තිබු ඇ.ඩොලරය යම් ප්‍රමාණයකට පාලනය කොට ඩොලර්ය ඉහළ යෑම රුපියල් 152 දක්වා පාලනය කර ගැනීමට කෘතිමව රජයට හැකි වූවත් ඒ කාලය තුල රජය අපේක්ෂා කල අයෝජන හෝ විදේශීය මුදල් ශ්‍රීලංකාව බැරකිරීම් Foreign Remittances සිදු නොවීම නිසා රජය මූල්‍ය අර්බුදයේ කොටසක් ලංකා බැංකුවට කර ගැසීමට සිදු වී ඇත.

ලංකා බැංකුව රජය සතු වුවත් එය වානිජ බැංකුවක් වන අතර මේ නිසා ලංකා බැංකුව මේ දිනවල දරුණු මුල්‍ය හීනවන ද්‍රවසීලතාවයකට මුහුණ දෙමින් එදිනෙදා මුදල් ප්‍රාවාහයේ ඌනතාවයක් (Cash Flow Deficit) ඇති වී ඇත. ඒ නිසා වහාම එයින් ගොඩ ඒමට වෙළෙඳපොලට ණයවර නිකුතුවක් (Debenture Issue)මගින් රුපියල් බිලියන 8 දක්වා වාර්ෂිකව 13.25% පොලිය මත ලබා ගැනීමට මහජනතා වෙත පුවත් පත් මගින් දැන්වීම් පලකොට ආරාධනා කොට ඇත.

ලංකා බැංකුව විසින් පොලිය වශයෙන් වාර්ෂිකව 13.25% වැඩි මුදලක් මෙම ණයවර සඳහා ගෙවිම හේතුවෙන් ලබන වසරේ සාමාන්‍ය ජනතාව ලබාගන්නා බැංකු ණය සහ ලීසිං පහසුකම් සඳහා අති විශාල පොලියක් ගෙවීමට සිදු වන අතර මෙය පොලි වැඩීවිම සියලුම ක්ෂේත්‍රයන්ට ඉතා දරුණු ලෙස බලපානු ඇත.

ආර්ථික විශේෂඥන්ගේ මතය වනුයේ යම් හෙයකින් ලබන වසරේ අගෝස්තු මස වනවිටත් රටේ ආර්ථික යම් දුරකට හෝ ශක්තිමත් කර ගැනීමට නොහැකි වුවහොත් මෙන්ම මේ ආකාරයෙන්ම රජය නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වුවහොත් අනිවාර්යෙන්ම 2017 වසර අග වනවිට මුල්‍ය ද්‍රවශීලතාවය දිගින් දිගටම හීනවීම තුලින් සහමුලින්ම ලංකා බැංකුව කඩා වැටීමේ අවදානමට මුහුණ දෙනු ඇති බවයි.

ලංකා බැංකුවේ රුපියල් බිලියන 8 සඳහා අයදුම් පත්‍රය

63,560 Viewers

7 Comments to “ජාතියේ මහා පහන් ටැඹ කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී..”

  1. ජෙයරාම් says:

    අයියෝ රටකට උන විපතක්.

  2. ආර්ථික ඔස්තාර් says:

    මහා බැංකුවේ හිටපු අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනගේ සමාගම වන පර්පෙප්චුවල් සමගාමට ලංකා බැංකුවන් 7 .2% පොලියයට තිබ්බ සල්ලි ටික දීලා පිටින් ලංකා බැංකුවට 13.25% පොලියට ණය ගන්නවා. මරු බිස්නස් එක ඇති බැංකුව ඔතනින් බේරුනා.

  3. හදුන් හිවලා says:

    මහබැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධ පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද කෝප් වාර්තාවට අනුව මහ බැංකුවත් සේවක අර්ථසාධක අරමුදලත් ලංකා බැංකුවත් වන ආණ්ඩුවේ ප්‍රධාන මූල්‍ය ආයතන 3 ම ඉතා උපක්‍රමශීලීව මහජනතාවගේ මුදල් හිටපු මහාබැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පුච්චුවල් ට්‍රෙසරීස් සමාගම හරහා භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට ක්‍රීයා කල ආකාරයෙන් විශාල කොමිස් මුදලක් බෑනගේ සමාගමට උපයා ගැනිමට අවකාශ සලසා ඇති බව හෙලිකරගෙන ඇත.

  4. රාජ්‍ය සේවක says:

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැoකු මෙන්ම සියලු වානිජ බැoකු මගින් රටේ සියලුම පුරවැසියන්ගේ අවශ්‍යතාවය සඳහා ලබාදෙන සෑම ණය මුදලකටම 2015 ජනවාරි මාසයේදී හෝ ඊට පෙර තිබූ පොලි අනුපාතයට වඩා එකට එකක් ගෙවිමට සිදු වී ඇති බව මහබැoකුවේ මේ මාසයේ උපුටා දක්වන වාර්තාවේ සඳහන් වේ.
    ප්මේ අනුව වාහන ලීසීo ,නිවාස ණය, මෙන්ම ව්‍යපාර සඳහා ගන්නා සියලු ණය සඳහා මෙය බලපැවත්වේ, සාමාන්‍යයෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යයාපරයක් සඳහා 2015 ජනවාරියට පෙර 7% කට ලබාදුන් ණය මේ වනවිට 14% දක්වා වැඩිකොට ඇත. එමෙන්ම 9% සිට ලබාදුන් නිවාස ණය 15% දක්වා වැඩි කොට ඇත. ලීසිo සඳහා රුපියල් ලක්ෂයක් වසර 5 [ වාරික 60] කින් ගෙවිම සඳහා රුපියල් 1980.00 ට තිබු වාරිකය මේ වන විට රුපියල් 2400.00 දක්වා වැඩි වී ඇත.
    මේ අනුව ඉදිරීයේදි ජනතාව ගෙවිය යුතු පොලී අනුපාතය තවත් විශාල ලෙස ඉහළ යයි. කොහොමද රනිල් මෛත්‍රී යහපාලනය?

  5. බන්ඩා says:

    රනිලගෙ දේසපාලනේ කරන ක්‍රමයට උෟගෙ ගැත්තො නොවන හැමෝම මහින්දගෙ කාලෙ මහාපරිමාන ජාවාරම් වල නිරත උන හොරැ. බැංකුවක් නෙවෙයි මහ බැංකුවට විදින්න කෝටි ගනන් බොන්ඩ් මගඩි කලත් රනිලගෙ ගැත්තෙක් නම් උෟ නිර්දොසිය්. මේ පාර වෙනද වගේ නෙවෙය්, තොපිට බලය නැති වෙන දවසට හැංගෙන්න බිං ගෙවල් දැන්ම හදා ගනිල්ලා.

  6. සමන් says:

    රටේ මහා බැංකුවට පට්ට දවල් කෙලපු උන්ට ලංකා බැංකුව කජ්ජක් නේ .

  7. Sarathkumara Prematilake says:

    රටේ මහා බැංකුවට පට්ට දවල් කෙලපු උන්ට ලංකා බැංකුව කජ්ජක් නේ .

Main News