ජාතිවාදය අවුස්සන සියලලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි…

May 27, 2017 at 7:07 am | lanka C news
ජාතිවාදය අවුස්සන සියලලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි…

ජාතීන් අතර අසමගිය ඇතිවන වෛරී ප‍්‍රකාශ කරන සියලූ දෙනාට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතු බව ජාතික හෙල උරුමය පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

රට තුළ ඇති සාමකාමී නිදහස් පරිසරය ව්‍යාකූල කිරීම සඳහා ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ වෛරී ප‍්‍රකාශ කරන කවර පුද්ගලයෙකුට වුවද නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතුය. එමෙන්ම නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක වන බවද බැලූ බැල්මට පෙනී යායුතුය.
එක් පාර්ශවයක් කරන වෛරී ප‍්‍රකාශ, අසමගිය ඇතිවන ප‍්‍රකාශ හා ආවේගාත්මක කරුණු පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් නීතිය හා විධානය කි‍්‍රයාත්මක කිරීමටත් ඒ ආකාරයෙන්ම සමානව ප‍්‍රකාශ නිකුත් කරන වෙනත් පුද්ගලයන්ට හා පාර්ශවයන්ට විශේෂයෙන් නීතිය අඩුවෙන් කි‍්‍රයාත්මක වීමක් සිදුවිය යුතු නැත. පසුගිය කාලයේ රටතුළ ජාතික හා ආගමික ස්වරූපයෙන් කෙරෙන ප‍්‍රකාශ හා කරුණු දැක්වීම් වලදී නීතිය සමානව කි‍්‍රයාත්මක නොවන බව ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන කරුණකි. නීතිය හා විධානය උතුරට ද දකුණට ද නැගෙනහිරට ද බටහිරට ද එකසමානව කි‍්‍රයාක්මක විය යුතුය.

නීතියට පිටින් කි‍්‍රයාත්මක වන අවිනීතික කි‍්‍රයා බොහෝමයක් පසුගිය කාලයේ වාර්තා වී ඇත. ඒවා සම්බන්ධයෙන් බෞද්ධ සංවිධාන හා පරිසර සංවිධාන හා ජනතා සංවිධාන ඉස්මතු කරන කාරණා ආණ්ඩුවේ වගකිව යුත්තන් අහක බලාගෙන සිටින හෝ නිහඩ ප‍්‍රතිපත්තින් අනුගමනය කිරීම මේ අවේගකාරී ව්‍යාකූල තත්ත්වය ඇතිවීමට හේතු වී ඇති අතර ප‍්‍රශ්න නිරාකරණය කිරීමට කඩිනමින් පියවර නොගැනීමත් අදාළ ආයතන හා ප‍්‍රශ්නයට මැදිහත්වන පාර්ශවකරුවන් සමග සාකච්ඡුා කර පිළිගත හැකි විසඳුමකට නොපැමිණ කල්මැරීම මෙම තත්ත්වය හේතු වී ඇත.

අදාළ ආයතන හා නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධ බලධාරින් නිසි පරිදි කි‍්‍රයාත්මක නොවී ප‍්‍රශ්නය මතු කරන පාර්ශව අන්තවාදීන්, ජාතීවාදින් හා ජාතික අසමගිය ඇතිකරන්නන් ලෙස හංවඩු ගැසීම මෙයට පිළිතුරක් නොවන අතර මෙම සිද්ධින් ඇති වීමට හේතු පාදක වන කරුණු සොයාබලා ඒවාට කඩිනමින් පිළියම් යෙදීමට කටයුතු කළ යුතු බව අප අවධාරණය කරන්නෙමු.

ජාතික අසමගිය ඇතිවන ආකාරයෙන් ප‍්‍රකාශ පසුගිය කාලයේ උතුරු පළාතෙන් කොතෙකුත් අසන්නට ලැබුණත් ඒ සම්බන්ධයෙන් ගත් නීතිමය පියවරක් නම් නොවීය. උසාවි නියෝග පවා කඩකරමින් පසුගිය දා වෙල්ලමුල්ල වෛයිකාල්හි සමරු වැඩසටහන් පැවැත් වූ අතර නීතිය කි‍්‍රයාත්මක වූ බවක් පෙනෙන්නට නොවීය. මේ රටේ බහුතර ජනතාව අදහන ආගමේ ශාස්තෘවරයාණන්ට අවමන් වන ආකාරයේ ප‍්‍රකාශ හා මුද්‍රණ කටයුතු සිදුවන අතර බෞද්ධයන්ගේ අධ්‍යාත්මයන්ට පහර වදින අන්‍යාගමික වෛරී ප‍්‍රකාශ ද කොතෙකුත් සිදුවන මුත් ඒ සම්බන්ධව නීතිය කි‍්‍රයාත්මක වන්නේ නැත. බලහාත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දැමීම නිති වීරෝධි ජනාවාසකරණයන් සම්බන්ධව නීතිය සමානව කි‍්‍රයාත්මක වන බවක් දැකගත නොහැක.

සෑම පුද්ගලයෙක්ම රටේ නීතියට අවනත විය යුතු අතර එය අභියෝගයට ලක් කරන්නේ නම් නීතිය හා විදානය දැඩිව කි‍්‍රයාත්මක කළ යුතු වන්නේය. කිසිදු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක්, පහරදීමක් අප අනුමත නොකරන අතර එවැනි දේ සිදුකරන අයට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුය.

මේ අවස්ථාවේ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ වෛරී ප‍්‍රකාශ කරන්නන් සම්බන්ධයෙන් නීතිය සැමට සාධාරණව කි‍්‍රයාත්මක වන්නේද යන්න සම්බන්ධව අප විමසිල්ලෙන් සහ අවධානයෙන් සිටින බවද නීතිය සැමට කි‍්‍රයාත්මක නොවන්නේ නම් නීතිය පිළිබඳ විශ්වාසය බහුතර ජනතාව තුළ බිඳ වැටෙන බවද අවධාරණය කරන අතර නීතිය වල්වැදීමට ඇති වී ඇති තත්ත්වය හේතු වී ඇති බවද වගකීමෙන් ප‍්‍රකාශ කරන්නෙමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙල උරුමය

24 views

8 Comments to “ජාතිවාදය අවුස්සන සියලලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි…”

  1. hina says:

    Sinhalayo sinhalayan gana Katha karaddi thamai munta nithiya mathak wenna, budhdhagamath wikunagena parliment giya set ekane.

  2. hina says:

    Lankawe that’s bahuthara jathiyata asadharanakam wena wena ratakata na..apitath sihala Susana boomi on, Sinhala karapu food on.

  3. බන්ඩා says:

    නිශාන්ත මැතිතුමනි, ඔබ දන්නා පරිදි ජාති වාදය අාගම්වාදය අල්ලාගෙ වචනය ලෙස කුරාණයේ පැහැදිලිව ලියා අැත. කුරාණයේ අැති එවැනි පද මද්රාසා නම් මුස්ලිම් පල්ලි/පාසල් වල මවුලවියන් විසින් පැහැදිලිව විග්‍රහ කර උගන්වය්. අල්ලාගේ දේව නීතිය (ශරියා) “කුවාසි” අධිකරණ වල අද ශ්‍රි ලංකාවේ සෑම නගරයකම පාහේ ප්‍රසිද්ධයේ ක්‍රියාත්මක කරය්. කතරගම දෙවියන්, ඝන දෙවියන්, ජීසස් සහ වෙනත් දෙවිවරැන් අදහන ශ්‍රි ලංකාවේ තිබෙන සෑම මුස්ලිම් පල්ලියකම දිනකට පස් සැරයක් සහ වරකට කිහිප විටක් “අල්ලා මිස වෙන දෙවියෙක් නැත” යය් යකඩ කට වලින් කෑ ගසා කියය්. මුස්ලිම් අාගම් වාදය පෙන්වා දෙන ඥාණසාර හිමිට අාගම්වාදියා යය් අැඟිලි දිගු කර හිරබාරයට ගන්න සොයය්. මේ මොන ‘යහපාලන’ විගඩමක්ද?

  4. sunny says:

    Hela Urumara is the one who introduce Agam Wadaya by creating a Buddhist Political party

  5. Notthischange says:

    Me sakkili pakshen ahanna thiyenne 2014, Darga walata gahanna Galabodaththe hamuduruwo ekka giye kauda kiyala…

  6. ජසයා says:

    ජාතිවාදය අවුස්සන්නේ යයි පියවර ගන්නේ සිංහගයන්ට එරෙහිව විතරද? එහෙම අවුස්සන අනෙකුත් අය අමුතු ජාතියක්ද?

  7. නිර්මලයා says:

    සිංහල බෞද්ධ මව්වරුනි. පියවරුනි. ඉතාමත්ම වැදගත් කාරණාවක් ගැන මම ඔබගේ අවධානය යොමුකරමි. ඔබගේ දුව,පුතා ඉංජිනේරුවරයෙක්, වෛද්‍ය වරයෙක් කිරීම ඔබගේ පරම අභිලාෂය බව දනිමු. නමුත් සිංහල බෞද්ධ අප නොදකිනා පැත්තක් ගැන මම ඔබව අවදි කරන්න කැමතියි. අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන අඩුපාඩුවක් නිසා යයි ඔබට නොදැනෙන්නට පුළුවන. ඇස් ඇර බැලීමට කාලය පැමිණ ඇත.
    මාගේ ඉල්ලීම…… ඔබගේ දුව පුතා නීති උපාධියට හෝ නීති විද්‍යාලයට යොමුකර දක්ෂ නීතිඥයින් බවට පත්කරන්න. එ් උසාවි වල කෑගසා සල්ලි හම්බකරන්නම් නොවේ. නීතිඥයෙක් බවට පත්වී හැකි ඉක්මනීන් අධිකරණ විනිසුරුවරයෙන් බවට පත්කරන්න. අද, අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන කුමන නම් අඩුපාඩුවක් නිසාදැයි මේවන විට ඔබට වැටහිය යුතුය. එසේ වැටහෙන්නේ නැත්නම් ඒ අපගේ, සිංහල බෞද්ධ ජනතාවගේ අභාග්‍යයයි.

    මට සිටින්නේ එකම දරුවෙක් පමණි. ඔහු විදේශයකට යවා ඉහලින් පිලිගත් විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මට තිබේ. නමුත් මම මාගේ දරුවා යොමුකරන්නේ මෙම රටේ නීති පීඨයකට හෝ නීති විද්‍යාලයටයි.

Main News