ජාතිවාදය අවුස්සන හාමුදුරුවරුන්ට, පූජකයන්ට දැඩි දඩුවම් පැණවිය යුතුයි..-SB

June 5, 2017 at 8:40 am | lanka C news
ජාතිවාදය අවුස්සන හාමුදුරුවරුන්ට, පූජකයන්ට දැඩි දඩුවම් පැණවිය යුතුයි..-SB

ජාතිවාදය හා ආගම්වාදය යනු තිරිසන් ග්‍රෝත්‍රික ලක්ෂණ බවත්, ජාතිවාදය හා ආගම්වාදය අවුළුවන හාමුදුරු කෙනෙක් හෝ වෙනත් පූජකයෙක් වේනම්, එවැනි අයට දැඩි දඬුවම් පැණවිය යුතු බව සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයේදීය.

එම උත්සවයේ දී ඇමැතිවරයා පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ කිසි දිනෙක ජාතිවාදී හා ආගම්වාදී නොවී සියළු ජාතීන්ට හා ආගම් වලට ඉහලින් සළකන පුද්ගලයන් බවට පත්වන ලෙසයි.

ඇමැතිවරයා උත්සවයේදී මෙසේද කීවේය.

1994 දී අපි අසීරුවෙන් කඳුරට ජනතා පෙරමුණේ සහයෙන් තමයි දුරුලභ ආණ්ඩුවක් හැදුවේ. රාධක්‍රිෂ්ණ ඇමැතිතුමා දේශපාලනඥයන් අතර ඉතා දුරුලභ පිරිසිදු දේශපාලන චරිතයක්. දොස්තරවරු කොච්චර විරුද්ධ වුනත් මම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අරින්න අවසර දුන්නා. නිදහස් අධ්‍යාපනය කනවා කියලා කොච්චර කෑගැහුවත් මම ඉන්ජිනේරු උපාධි ආයතන 17 ක් විවෘත කළා. ඒ කාළේ හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරු අන්තරේ ශිෂ්‍යයන්ගේ කෑගැහීමට වෙනත් ආයතන වලට විශ්ව විද්‍යාලය යන නම පාවිච්චි කරන්නත් බැරිවෙන නීති හැදුවා. මම ඒ නීති කාණුවට දාලා නිදහස් අධ්‍යාපනයට වගේම අධ්‍යාපනයට ඇති නිදහසත් රැක ගත්තා.

අපේ රටේ පළමු රජතුමා හැටියට සළකන්නේ පණ්ඩුකාභය රජතුමා. විජය කුමාරයාට ඉන්දියාවෙන් ගෙනාපු බද්‍ර‍කච්ඡායනා කුමරිය සමඟ ආපු ඇයගේ සහෝදරයන් 06 දෙනෙකුගෙන් එක් සහෝදරයෙක් යක්ෂ ග්‍රෝතික කාන්තාවක් විවාහ කරගෙන ඉපදුනු දරුවා හැටියට තමයි පණ්ඩුකාභය රජතුමාගේ ඉතිහාස කථා වල සඳහන් වෙන්නේ.

මේ ලෝකේ හඳුනාගත් භාෂාවන් 7742 ක් තියෙනවා. මේ සියළු දෙනා එකිනෙකාට සම්බන්ධ කම් තියෙනවා. අපි වැඩියෙන්ම සම්බන්ධ ඉන්දියාවට. අපේ භාෂාවේ හුඟක් දෙමළ වචන, පාලි වචන, සංස්කෘතික වචන තියෙනවා. අච්චාරු-කොකිස් යන වචන ලන්දේසි පෘතුග්‍රීසී වචන. ඉංග්‍රීසී වචන අපේ භාෂාව වෙලාගෙන තියෙනවා.

ඒ නිසා දරුවනේ කවදාවත් ජාතිවාදී ආගම්වාදී වෙන්න එපා. එවැනි සිදුවීම් දැන් වෙනවා. ජාතිවාදය අවුස්සන හාමුදුරු කෙනෙකු හෝ වෙනත් පූජකයකු වුනත් දැඩි දඩුවම් පැණවිය යුතුයි. ආගම්වාදය,ජාතිවාදය තිරිසන් ගෝත්‍රික ලක්ෂණයි. මේ දරුවෝ කවුරුත් මේවා ඉගෙන ගන්න එපා.මගේ හොඳම මිත්‍ර‍යා පොරමඩුල්ල පාසලේ හිටපු රාමනාදන්.

– සංජය දසනායක

26 views

25 Comments to “ජාතිවාදය අවුස්සන හාමුදුරුවරුන්ට, පූජකයන්ට දැඩි දඩුවම් පැණවිය යුතුයි..-SB”

  1. kate says:

    Birth of King Pandukabhaya has incorrectly explained. Someone please explain it correctly to this idiot. He doesn’t know the history.

  2. COBRA says:

    ගරුතර හාමුදුරුවරුන්ට, පූජකයන්ට ,මහජාතියට විරුද්ධව කටයුතු කරමින් දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට තම වාසියට මුදලට බලේට කඩේයන මේ දේශද්‍රෝහී SB වහාම ඇමති ධුරයෙන් ඉවත්කරනු ..ඔහුගේ ප්‍රකාශයන් අපි හෙලා දකිමු ..මොහු ඇමති ධුරයකට සුදුසු නැත

    උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    සිංහලයා ලත වෙන්නේ
    ජාති බේදය ලියලන්නේ
    ජාතික බැමි පුපුරන්නේ
    මේ රට මේ විපතින්නේ
    කවුද පුතේ ගලවන්නේ
    නිදහස මහ මුහුදක් වේ – එහි උල්පත අත නුඹවේ
    ඒ බව සිහිකොට මෙළොවේ – යුතුකම ඉටු කළ යුතු වේ”

  3. Mahasona says:

    SB යනු මේ රටට පිළිලයක්

  4. පහන් says:

    ජාතිවාදය අවුස්සන දේශ පාලුවන්ට මොනවා ද කල යුත්තේ?

    • ගිරවා says:

      බ්‍රා පතිගේ නීතිය අනුව ප්‍රසිද්ධියේ මඩු වලිගයෙන් ගසා ,නන්දිකඩාල් කලපුවේ නාවා , මානසික රෝහලේ නවාතැන් දිය යුතුයි

  5. Saradiel says:

    එනපොට හොඳ නැත . කෙල්ල ගෙට අරගෙන පමණක් බේරා ගත නොහැක . කෙල්ලගේ අතටත් අසිපතක් දිය යුතුය

  6. ගමේ එකෙක් says:

    ‘මේ දෙක විතරයි ඉතුරු උනේ’.. ප‍්‍රබල ඇමතිට අවතැන් ජනතාව සරම උස්සා පෙන්වයි.. අත්අඩංගුවට..පුවතේ දෙවැනි වාර්තාව මේ සෙවලයටත් පෙන්නන්න ඕනෙ. අම්මපා මුට ඕක නැතිද?

  7. lalith says:

    අර රජකාලේ උලේ ඉඳගන්න කියපන් ඕකට කම්මැලිි වලාවට ගිහිල්ලා ජාතිදෞහි බල්ලා

  8. Raawana says:

    ethakota Werawansa,Wigneshwanan,Siwaajilingam?

  9. ඔච්චර කල් නැති යාලුකමක් අද මයී ඇහුවේ. අනේ පව්. පොරමඩුල්ල විදු මෑණියනගේ ආඩම්බර ආදී ශිෂයා . ඔච්චර කාලේකට තමන්ගෙ පුද්ගලික ධන පපරිත්‍යාගයෙන් මෙලෝ වඩක් කරපු නැති එකා. ඉස්කෝලෙත් කාලා රටත් කනවා. අපිත් පොරමඩුල්ලේ තමයි පින් ඇමතියෝ

Main News