ජාතිවාදීන් අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරනවා.. ඔවුන්ගේ දේපල වනසනවා..- කතානායක

May 20, 2019 at 3:35 am | lanka C news
ජාතිවාදීන් අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරනවා.. ඔවුන්ගේ දේපල වනසනවා..- කතානායක

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරන අති බහුතර ගරු මන්ත්‍රීරුන් වෙනුවෙන් පහත සඳහන් අයාචනය ජාත්‍යාලයෙන් යුතුව ඉදිරිපත්කරමු.

ගෙවීගිය ඉතිහාසයේ අප අත්දුටු අඳුරුතම දිනයක් වන අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින සිට වෙසක් පුර පසලොස්වක පොහොය දිනය උදාවන තුරුම රට පුරා පැතිරිගිය භීතිය පතුරුවන සුුළු ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවත් ඒ පසුබිමෙහි ඇතැම් කඩාකප්පල්කාරී බලවේග ක්‍රියාත්මක වී ඇති බවත් බුද්ධිමත් ජනතාව මේ වන විට අවබෝධ කරගෙන තිබේ.

එමෙන්ම රට තුළ ජාතිවාදී ගිනිදැල් පතුරුවමින් සහ අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරමින් ඔවුන්ගේ දේපල වනසමින් ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩත්වයද ඉහත කී කඩාකප්පල්කාරී ක්‍රියාදාමයේම තවත් දිගුවක් බව පැහැදිලිය.

මේ තුළින් සිදු වූ දේපල විනාශයටත් වඩා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස ක්‍රියාකළ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ කීර්ති නාමයට විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ ගෞරවයටත් සිදුවු හානිය බරපතලය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පසුබිමෙහි ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ව්‍යාපාරය සියයට අනුපහක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇති බව ත්‍රිවිධ හමුදාව හා පොලිසියත් ඒම බුද්ධි අංශ විසිනුත් හතවුරු කර ඇත.

කෙසේ වුවද බියගන්වන සුළු අසත්‍ය ප්‍රකාශ නොතකා මෙවර වෙසක් උත්සවය කිසිදු බාධාවකින් තොරව සුපුරුදු පරිදි විශාල ජනතා උනන්දුවකින් යුත්ව සැමරීම පිළිබඳ අප සතුටු වෙමු. එම තත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාමින් සුපුරුදු දෛනික කටයුතු සහ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටිමු.

මෙවර වෙසක් උත්සවයේදී ඉස්මතු වන විශේෂිතම තත්වය නම් කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් ප්‍රජාව අමිහිරි මතකයන් යටපත් කර වෙසක් සැමරුමට දායක වූ අන්දමයි.එය අප නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන සාමය සෞභාග්‍ය පිරි දේශයක සිහිනය සැබෑවන බවට පෙර නිමිත්තකි.

මෙම සහෝදරත්වයේ බැඳිම, ගෞරවය සහ අන්නෝන්‍ය විශ්වාසය බිද දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොතබමු. අප මාතෘභූමියට සහ එහි අනාගතය භාරගන්නා දූදරුවන්ට ආදරය කරන කිසිදු බුද්ධිමත් පුරවැසියෙකුට කවරාකාර හෝ අන්තවාදී දේශද්‍රෝහි බලවේගයකට සවන්දිය හැකිදැයි සිතා බලන ලෙස ඉල්ලා සිටිමු.

එවන් බලවේගයන්ට මතවාදීමය වශයෙන් හෝ උත්තේජනයක් ලබාදීම ඔබගේ දෛනික ජීවිතය අවුල් කරනු ඇත. රටේ ආර්ථිකය මෙන්ම එයට මුලික පදනමක් සපයන සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ සහ විදෙස් ආයෝජන අහිමි කරනු ඇත.

නැවතත් ගොඩ ආ නොහැකි ප්‍රපාතයකට අප මාතෘභූමිය ඇද දමනු ඇත. අද වන විට ඇති වු ගැටළු ස්ථිරසාර ලෙස නිරාකරනය කර ගැනීමට වැදගත් පියවර රැසක් පාර්ලිමේන්තුවෙන් ගනිමින් පවතී. මුස්ලිමි ආගමික කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, නිතීය හා සාමය ආදී අමාත්‍යංශ සහ ඊට අදාළ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා විසින් අවශ්‍ය නිතිරීති සම්පාදනය කරමින් සිටි.

එ් සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහය අඛණ්ඩව ලැබෙනු ඇති බවට සහතික වෙමු. විශේෂයෙන්ම මෙම නිති සම්පාදන ක්‍රියාදාමයන්හිදී ඉස්ලාම් ආගමික නායකයන්ගෙන් සහ ජන නායකයන්ගෙන් ලැබෙමින් තිබෙන එකඟත්වය තුළින් විද්‍යමාන වන්නේ කිසිදු විටෙක මූලධර්වාදයට අප දේශය තුළ ඉඩ නොමැති බවයි.

ඉහත කී සියළු තත්වයන් සැලකිල්ලට ගෙන අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ ගරු විපක්ෂ නායකතුමන් එක්ව රට යථාතත්වය පත්වෙමින් තිබෙන බවටත් කවර දේශපාලන අදහස් නියෝජනය කළද අප මාතෘභූමිය මුහුණ දෙන මෙවන් අර්බුදවලදී එක්සත්ව මුහුණදීමට සුදානම් බවටත් පාර්ලිමේන්තුව හරහා ප්‍රකාශ කරමින් ජනතාවට සහතික වන ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

පාර්ලිමේන්තුවේ සියළුම ආංශික අධීක්ෂණ කාරක සභා වෙනුවෙන්,

කරූ ජයසූරිය
කථානායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

19,779 Viewers

17 Comments to “ජාතිවාදීන් අහිංසක මුස්ලිම් ජනතාවට පීඩා කරනවා.. ඔවුන්ගේ දේපල වනසනවා..- කතානායක”

  1. ravi says:

    ane palayan karu yanna, uba danne lium tyipe kara kara inna, mun okktoma amaruwa muslim ayonta

    karadarayak unama withrai, katath waradak nokarapu, dewiyan wadinna giya minisu kali walata kadila

    sawalen aran damme, ubala me hama deyak ma dana gena idala dan enawa metana magulak katha karanna.

    dan gedara yanna lasthi weyan, lium type kara kara inne nathuwa, ubala dakkkamath le kopa wenawa ape

    • Sunil says:

      කොහෙද කරුවො අහිංසක මුස්ලිම් ජනතාව ඉන්නෙ ඕකුන් ඔක්කොම යටි හිතින් කැමතියි ලංකාව අරාබියක් වෙනවට. පුළුවන් නම් මුස්ලිම් ජනතාව කියන්න ඉස්ලාම් අන්තවාදී දේශපාලඥයන්ට හා ශාරියා නීතියට විරුද්ධව අත්සන් දස ලකෂයක් මුස්ලිම් සමාජෙන් එකතු කරන්න කියලා එතකොට අපිට බලාගන්න පුළුවන් අහිංසක මුස්ලිම් ජනතාවගෙ තරම.

  2. OBSERVER says:

    The Nation did not see such a detailed communique from you , even when the fanatic Muslim extremist suicide bombers killed hundreds of innocient citizens including children, on last Easter Sunday. The Nation are of the opinion that it is the thugs of the present unpopular rulers , who created these unnecessary recent disturbances , in order to achieve their sinister objectives . The whole country knows, who created the “Black July in 1983, in order to achieve then rulers objectives.

  3. 77 UNP says:

    This statement similar to Mongals statement. Jadasuriya shows his Jada mentality on this statement. He indirectly tell us Easter blast done by Sinhalese against Muslims.

    • Critic says:

      I agree with you OBSERVER & 77. This is the worst and nasty speaker we’ve ever had! he behaves as a real buddhist but he’s really a man with a hat top!

  4. සිරිසේන 2 says:

    කතානායක කියන්නෙ සහරාන් මුස්ලිම් ආගම්වාදියෙක් හෝ ජාතිවාදියෙක් නෙවෙය් ත්‍රස්තවාදියෙක්. මුස්ලිම් කඩ වලට ගිනි තියන සිංහලයො ත්‍රස්තවාදියො මංකොල්ල කාරයො නෙවෙය් ජාතිවාදියො කියලය්. ආගම්වාදියා ආගම්වාදීයා බවත් මංකොල්ල කාරයා මංකොල්ල කාරයා බවත් කතානායක දැනගත යුතුය්.

  5. ජනයා says:

    අනේ පල පල හීන්බබෝ යන්න. රට මේ තත්වයට පත් කල පොන්ස්ල වෙනුවෙන් කඩේ ගිහින් දැන් බයිලා කියන්න එනවා..

  6. Samanan says:

    mahaththaya danne nedda mewa karanne thamunnanselage anduwenma bawa?

  7. praba says:

    සිංහලයන්ව මරන්න බෝම්බ තියන තොට කිසිම ඇමති කෙනෙකුට හිතට අමාරැ නැහ. ඒ වුනත් මුස්තිම් ජාතිකයින්ට මොනවහරි කරන කොට පුදුම දුකක් තියෙන්නෙ හැමකෙනාටම. පාඩුවේ හිටපු සිංහලයින්ව ඇවිස්සුවේ කව්ද. ඇමතිවරැ කියන්නේ සිංහලයින් මරණකම් ඔහෙ බලාගෙන ඉන්න කියලද වරෙල්ලකො ජන්දේ ඉල්ලන්න. එතකොට බලාගන්නම්

  8. raterala says:

    Yes thats true, july 1983 incident created by Real UNP ministers and their supporters, we have genuine evidence .

  9. ජසයා says:

    අහිංසක මුස්ලිම් අන්තවාදීන් අහිංසක විදිහට අපිට ෙබා්ම්බ ගහනවා ගරු කතානායකතුමනි,

  10. යටත්විජිත හේරත් says:

    කතානායක කරූ මයාගේ ප්‍රකාශය සමග මම 100%ක් එකඟයි.

  11. don katugampala says:

    “KATAKATHANAYAKA ” KARU JAYASURIYA, LAJJAYI BAN

  12. සකල බුජං says:

    රටේ කරු මය​,
    අපේ කරු මය​,
    උන්ගෙ උරු මය​,
    රකින කරු මය​.

  13. john the baptice says:

    මෙයාටත් සන්තෝසම් ලැබුනද?

  14. සිංහල බන්ඩා says:

    කරැනාරත්නට මේ මෑතක භද්දිය හාමුදුරුවො කියපු බන අමතක වෙලා. ජාතිවාදීන් සහ ආගමවාදීන් කවුද ත්‍රස්තවාදන් කවුද කියල කරැනාරත්න චන්ද කුට්ටියට කෑදර කමට පටලවගන. කරැනාරත්නට අනුව ආගම්වාදී මිනීමරැ ජිහාඩියන් දෙවියන් ලගට යනව කියල විශ්වාස කරන උන් අහිංසකයො වෙලා.

  15. seaturtle says:

    All terrorists are in the parliament
    chase away all 225
    or put them in prison
    greedy mass murderers

Main News