ජානිපෙ මුසම්මිල්ට තම පක්‍ෂයට එක්වන්නැයි බදියුදීන්ගෙන් ආරාධනා..

November 12, 2018 at 3:50 pm | lanka C news
ජානිපෙ මුසම්මිල්ට තම පක්‍ෂයට එක්වන්නැයි බදියුදීන්ගෙන් ආරාධනා..

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතාට තම පක්‍ෂයට එක් වන්නැයි රිෂාඞ් බදියුදීන් මහතා විසින් ආරාධනා කර ඇත.

අද පෙරවරුවේ අලූත්කඬේ උපරිමාධිකරණ සංකීරණයේදී බදියුදීන් මහතා මෙම ආරාධනාව කරමින් සදහන් කර ඇත්තේ මහනුවර දිස්ත‍්‍රික්කයෙන් තම පක්‍ෂ නියෝජිතයා ලෙස එක්වන ලෙසයි.

කෙසේ වෙතත් මුසම්මිල් මහතා එම යෝජනාව එම යෝජනාව ඉතා මිත‍්‍රශීලිව ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවීමට විරුද්දව ගොනු කර ඇති පෙත්සම්වලට මූලික විරෝධතා අත්සන් කිරීම සදහා මුසම්මිල් මහතා අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම ආරාධනාව සිදුව ඇත.

215 views

16 Comments to “ජානිපෙ මුසම්මිල්ට තම පක්‍ෂයට එක්වන්නැයි බදියුදීන්ගෙන් ආරාධනා..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Rishad mahaththayo Musammil wage ekekuta pakseta Enna kewwada? Moo pakseta ganna taram budhdhimatekda?

    • රීරි යකා says:

      උඹලගෙ කැලෑපාලු අන්තවාදී පක්ශෙට බැඳෙන්න තරම් මුසම්මිල් මෝඩයෙක් නෙමෙයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා මේ රටට ආදරය කරන සැබෑ දේශහිතයිශියෙක් . විමල් වගේම.

Main News