ජාලිය වික්‍රමසූරියගේ තානාපති මුක්තිය නැති කිරීම ලෝක වාර්තාවක් වෙයි..

January 16, 2018 at 6:48 pm | lanka C news
ජාලිය වික්‍රමසූරියගේ තානාපති මුක්තිය නැති කිරීම ලෝක වාර්තාවක් වෙයි..

පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ත්‍රස්තවාදයට එරෙහි අවසන් යුද සමයේ දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කලේ ජාලිය වික්‍රමසූරිය.  යුද්ධය නැවැත්වීමට ඇමෙරිකාවෙන් එල්ල වූ පීඩනය කළමනාකරණය කිරීමටත් මෑතක දී අපට අහිමි වුණු ඇමෙරිකානු ජීඑස්පි ප්ලස් සහනය යුද සමයේ දී රැක ගැනීමටත් ශ්‍රී ලංකාව පිළිබඳ දෙමළ බෙදුම්වාදින් ප්‍රචාරය කර තිබුණු බොරු මත බිඳ දැමීමටත් ජාලිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.

ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාවේ සිටිය දී ඇමෙරිකානු ආණ්ඩුවෙන් අපූරු දැනුම් දීමක් කරනවා.  ඔබ අපේ රටෙන් පිටවීමට හැදුවොත් අපි අත්අඩංගුවට ගන්නවා.  තානාපති ධූරයේ කටයුතු කළ සමයේ දී මුදල් විශුද්ධිකරණයට ලංකාණ්ඩුවෙන් නගලා තිබෙන චෝදනාවටම අපට අත්අඩංගුවට ගන්න පුළුවන්.

ජාලිය මේ ප්‍රකාශයෙන් පුදුම වෙනවා.  තමන් පෞද්ගලික මට්ටමින් කිසිම වරදක් කරලා නෑ.  තානාපති ලෙස නිල වශයෙන් කළ කටයුතු සඳහා තානාපති මුක්තිය තිබෙනවා.  ඒ කියන්නේ 1961 දී අත්සන් කළ වියනා සම්මුතියට අනුව තානාපතිවරුන්ට එරෙහිව ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.  මේ අරුම පුදුම දැනුම් දීම නිසා තමන්ගේ තානාපති මුක්තිය නැති කරලා ද කියන සැකය ඇති වෙනවා.  ඒ අනුව ජාලියගේ නීතිඥයා වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මේ පිළිබඳ විදේශ ඇමති තිලක් මාරපන මැතිතුමාගෙන් ලිඛිතව විමසනවා.  ඒ 2017 සැප්තැම්බර් 27.

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දුගේ ලිපියට 2017 ඔක්තෝම්බර් 6 දින විදේශ ලේකම් පිලිතුරක් එවනවා.  එහි කියන්නේ ජාලිය තානාපති ධූරය දරමින් නිල වශයෙන් කළ සෑම ක්‍රියාවකටම තානාපති මුක්තිය තිබෙනවා. එය කිසිම අයුරකින් ඉවත් කරලා නෑ කියලා.  ඊට හරියටම සති තුනකට පස්සේ  2017 ඔක්තෝම්බර් 27 දින අපේ විදේශ අමාත්‍යාංශයෙන් ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට දැනුම් දෙනවා, ජාලියගේ මුක්තිය ඉවත් කළ බවට.

පෞද්ගලික මට්ටමින් කළ මිනිමැරුම් හෝ සොරකම් වැනි අපරාධ සම්බන්ධයෙන් තානාපති මුක්තිය ඉවත් කිරීම පිළිබඳ ලෝකය පුරා වාර්තා වී තිබෙනවා.  ඒ වගේම මාර්ග නීති කඩ කළ අවස්ථාවන් හී දී තානාපති මුක්තිය ඉවත් කෙරෙනවා. මේ තානාපති මුක්තිය කියන එක 1961 වියනා සම්මුතියෙන් ලේඛණ ගත කලත් වසර දහසක පමණ කාලයක් ලොව පුරා සම්මතයක් ලෙස පිළිගත් දෙයක්. නමුත් නිල මට්ටමින් කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් තානාපති මුක්තිය ඉවත් කිරීම පිළිබඳ වාර්තා වෙන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

ආණ්ඩුව රණවිරුවන් මර්දනය කරන අයුරින්ම රට රැක ගත් තානාපති සේවයේ නිළධාරින්වත් මර්දනය කිරීම ආරම්භ කර ඇති බවයි මෙයින් පේන්නේ.  ආණ්ඩු මාරු වුණාම දේශපාලන වුවමනා මත තානාපති නිළධාරින් පාවා දෙනවා නම් රට වෙනුවෙන් අවදානමක් අරගෙන ක්‍රියා කිරීමට කිසිම තානාපති නිළධාරියෙකු පෙළඹෙන්නේ නෑ. ඒ නිසා තමයි ලෝකයේ කිසිම රටක් මේ මුග්ධ වැඩේ මීට පෙර කරලා නැත්තේ.

අද ආණ්ඩුවේ බොහෝ දේ සිදු වන්නේ ජනපතිතුමාට හොරෙන්.  එතුමා ඒවා දැන ගන්නේ මාධ්‍ය වලින්.  ලෝක ඉතිහාසය වෙනස් කරලා ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති මුක්තිය ඉවත් කරපු බවත් එතුමා නොදන්නවා ඇති.  මෙහි බරපතලම කාරණය වන්නේ තානාපති මුක්තිය ඉවත් කළ හැක්කේ ජනාධිපතිට පමණක් වීමයි.  එබැවින් අතිගරු ජනාධිපතිතුමනි මේ අසාධාරණය ඔබේ අවධානයටයි.

– අරවින්ද අතුකෝරල

56 views

5 Comments to “ජාලිය වික්‍රමසූරියගේ තානාපති මුක්තිය නැති කිරීම ලෝක වාර්තාවක් වෙයි..”

  1. Trumph says:

    මෙකා ක් හොරා බව දැන ගෙනත් මෙහෙම හොදන්නේ මක්කටෙයි…

  2. ජනතාව says:

    මය්ත්‍රී තරම් රගපාන්න දක්ෂෙක් තවත් නෑ.
    බොරුවට තරහයි වගේ ලෝකෙට පෙන්නලා මුන් දෙන්න (රනිල්, මයිත්‍රී) යටින් ගෙනියන්නේ එකම ගේම.
    මුන්ට චන්දෙට සහ තවත් දේවල් වලට වියදම් කරණ කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටු කරන එක තමා මුන් කරන්නේ. ජනතාව දුන්නු බලය මුන් ජනතාවට එරෙහිව පාවිච්චි කරලා මුදල් උපයනවා.

  3. Asoka says:

    පෞද්ගලික මට්ටමින් කළ මිනිමැරුම් හෝ සොරකම් වැනි අපරාධ සම්බන්ධයෙන් තානාපති මුක්තිය ඉවත් කිරීම පිළිබඳ ලෝකය පුරා වාර්තා වී නොමැත. එහෙත් එහෙන් මහේන් අප්‍රිකානු රටවල සිදුවූ බවට ආරංචි වී ඇත. ඔවුන්ද පසුව වරදකරුවන් කර හිරේ දමා ඇත.තිබෙනවා.ඒ වගේම තානාපති මුක්තිය තියාගෙන හොරකම් කරපු එවුන්ව තානාපති මුක්තිය අයතා ලෙස පාවිච්චි කිරීම නිසා හිසගසා දැමු අවස්ථාත් දඩ ගසා හිරේ දමන ලද අවස්ථාවනුත් තියෙනවා

    • Karu says:

      දසක කිහිපයයකට පෙර, අප රට (බුන්වත් මරණයේණයේ දී ) ජපාන් තානාපති තම බිරියමැරූ බවට එළි වූවත් තනාපති වරප්‍රසාද නිසා ඔහුව අතඩංගුවට ගත්තේ නෑ. ඔහු ආපසු කැඳවූවා.

  4. Namal Perera says:

    One of the family Crooks of the former Corrupt Lawless Banana Republic, who had no qualifications for the job.

Main News