ජාවාරම් කරුවන් පොලීසිය දැක පලා යද්දි වාහනය අනතුරක..
August 16, 2019 at 5:30 pm | lanka C news
වවුනියාව සේමමඩු රක්ෂිතයේ සිට නීතිවිරෝධී අයුරින් බුරුත දැව ප්රවාහනය කරමින් තිබූ කැබ් රථයක් යාපනය – නුවර A-9 මාර්ගයේ තාණ්ඩිකුලම ප්රදේශයේදී අනතුරට ලක්ව ඇති බව වවුනියාව පොලිසිය කියයි.
සේමමඩු රක්ෂිතයේ සිදුවන දැව ජාවාරමක් පිළිබඳ වවුනියාව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත පොලිස් මාර්ග බාධක යොදා සිදුකළ වැටලීමකදී එම මාර්ග බාධක මගහැර ධාවනය කිරීමට උත්සහ කළ කැබ්රථය මෙලෙස අනතුරට පත්ව ඇත.
කැබ් රථයේ නීතිවිරෝධීව කපන ලද බුරුත දැව කඳන් 9 ක් පටවා තිබූ අතර පොලිසිය මඟහැරයෑමට කැබ්රථය අතුරු මාර්ගයකට හැරවීමට උත්සහ කිරීමේදී කැබ්රථයේ රෝදයක් ගැලවීගොස් ඇති අතර කැබ්රථය අනතුරට පත්වීමෙන් පසුව බුරුත දැව කඳන් තොගය රැගෙනයාම සඳහා තවත් කැබ්රථයක් පැමිණ ඇති අතර පොලිසිය පැමිණීමත් සමඟ අනතුරට පත් කැබ්රථයේ රියදුරු ද සමග එම කැබ් රථය පලා ගොස් ඇත.
අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් පමණ වන බවද පැනගිය සැකකරුවන් වාහනයේ හිමිකාරීත්වය අනුව හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව වව්නියාව පොලිසිය වැඩිදුරටත් කියයි.
– වන්නි රොමේෂ් මධූෂංඛ
කෝ අපේ පරිසර ඇමති නිදි වගේ?
රක්ෂිත ප්රදේශ විවිධ පුද්ගලයින් විසින් අත්පත් කර ගැනීම වන අලි ප්රශ්නය උග්රවීමට හේතුවක් බව පරිසරවේදීන්ගේ මතයයි.
Honesty is not developed within our people in general, probably has come from the leaders. Olden day people were very honest and sincere as a whole. Now all want to drag something from the top. It is spreading to the bottom. But kamma is following your foot steps and when the time comes it will activate. That is natural law of justice in the universe. No one can run away from that.