ජාවාරම් කරුවන් වැනසූ මන්නාරම් කල්ලාරු පාළම අවට රක්ෂිතයේ යුද හමුදාවෙන් පැල සිටුවයි..

July 9, 2019 at 2:05 am | lanka C news
ජාවාරම් කරුවන් වැනසූ මන්නාරම් කල්ලාරු පාළම අවට රක්ෂිතයේ යුද හමුදාවෙන් පැල සිටුවයි..

මන්නාරම කල්ලාරු පාලම අවට රක්ෂිත ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් සංවිධානය කොට තිබුණි.

යුද හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද තුරැලිය වෙනුවෙන් අපි වන වගා සංග්‍රාමයේ තවත් අධියරක් වශයෙන් නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කල්ලාරු පාළම අසළ පැල 500 ක් රෝපණය කරන ලදි.

තුරුලිය වෙනුවෙන් අපි වැඩසටහන යටතේ පළමු අධියර වශයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විල්පත්තුව අවට  පැල 45000ක් සිටුවීමත් එහි දෙවන අධියර වශයෙන් විල්පත්තුව මරච්චිකඩිඩි ප්‍රදේශයේ පැල 8000ක් සහ සිලාවතුර සිනත් නගර් ප්‍රදේශ‍යේ පැල 1000ක්, වශයෙන් රුක් රෝපණ ක්රි‍යාවලිය සිදුකරන ලදි.

එහි තවත් පියවරක් එක් පියවරක් වශයෙන් කල්ලාරු පාළම අසළ දී අඹ, අනෝදා, සුදු සදුන් වැනි ප්‍රදේශයට ආවේනික ශාක  රෝපණය  කරන ලදි.

මෙම අවස්ථාවන් වෙනුවෙන් 21 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ 213 බලසේනාධිපති කර්නල් කේ.ඒ. රත්නායක මහතා සහ ප්‍රදේශයේ සිංහල දෙමළ හා මුස්ලිම් පාසල් දරුදැරියන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් හේමාස් අවුටිරිචි සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරොමි මාසකෝරාල මැතිණියගේ අනුග්‍රහය මත පැවැත්විණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,751 Viewers
Main News