ජැක්සන්ට සුවය පතා කන්ද විහාරයේ බෝධි පූජාවක් සහ ශ්‍රී විෂ්නු දේව කන්නලව්වක්..
August 6, 2022 at 7:10 pm | lanka C news
හදිසි අනතුරෙන් ප්‍රතිකාර ලබන ජේෂ්ඨ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බෝධි පූජා පින්කමක් හා ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා දේව කන්නලව්වක් කොළඹ විශ්වවිද්‍යාලය 83 84 ආදී මිතුරන් සහ කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ දී අද (6) කන්ද විහාරයේ දී පැවැත්විණ.
අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති සහ ඇමරිකාවේ ෆ්ලොරිඩා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජැක්සන් ඇන්තනී මහතාගේ මිතුරන් හා කලා ශිල්පීන් මෙම පුණ්‍යානුමෝදනා පින්කම ඒ මහතාට සෙත්පතා ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේ දී සිදුකළහ.
ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ හා පුත්‍රයාද මෙම පින්කම් සඳහා එක්වී සිටියහ.
– තුසිත කුමාර ද සිල්වා
බුදුන් වහන්සේට කල අපහසයට දඩූවම තමයි මේ? සදාකල් ලෙඩෙක් වි සිටිම මාතර මහින්ද විජෙසේකට දඩූවම තමයි මාතර හංදියේ බෝගස කැණිම් සදාකල් අබ්බගාතයකූ වි සීටීම.
🌷🌷🌷👍
This man (only qualification Arts general graduate) is the main person who cheated village voters to vote for Mahinda and made billions out of the Rajapaksha (robbed public funds) regime by saying the Rajapaksha family has blood relations with Lord Buddha. Foolish village voters thought that if you do not vote Mahinda and Rajapaksha his robber gang, you are not following buddha’s teaching and collecting sins.
කරපු දේවල් විපාක දෙන තෙක් ඒවා නොනැවතී විපාක දෙයි. වී වැපුරුවොත් වී ලැබෙයි. ගන්ජ වැපුරුවොත් ගන්ජ ලැබෙයි.
🌷🌷👍