ජින්තුපිටියේ ආසාදිතයගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ..

July 4, 2020 at 3:50 pm | lanka C news
ජින්තුපිටියේ ආසාදිතයගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ..

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් පසු නිරෝධායනයට යොමු කරනු ලද පුද්ගලයන් 50 දෙනෙකුට සිදු කරන ලද පරීක්‍ෂණවලදී ඔවුන් ආසාදිතයන් නොවන බව හෙළිවී ඇත.

ප‍්‍රදේශයේ එකසිය පනස් තුන් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත දැනටමත් යොමුකර තිබේ.

සෙසු පිරිස් සඳහා ද කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිත බව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සඳහන් කළේ ය.

කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන දැනට යොමු කරන පිරිසට ආසාදිතයා ගේ පවුලේ සියලු සාමාජිකයන්ට ඇතුළත්ව තිබුණද ඔවුන් කිසිවකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවද ඔහු සඳහන් කළේය.

460 views
Main News