ජිනීවාහිදී ශ්රී ලංකාවට දඬුවම් දෙනු..- උතුරේ විරෝධතා..
February 22, 2021 at 12:40 pm | lanka C news
උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ආරඹා ඇති සත්යග්රහයන්ට වසර 4 ක් පීරීම නිමිත්තෙන් කලු ඇඳුමින් සැරරසී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් විරෝධතා පාගමනක් සහ දේව කන්නලව්වක් සංවිධානය කොට තිබුණි.
2017 වසරේ ආරම්භ කරන ලද යුද සමයේදී අතුරුදහන් වූවන් සහ කරවූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරු නැගෙනහිර ප්රදේශයන්හි ආරම්භ කරන ලද සත්යග්රහයන්ට මෙතෙක් කිසිදු රජයක් විසින් විසඳුමක් ලබා නොදීමට එරෙහිව විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය කන්දසාමි කොවිල ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කොට තිබූ අතර එහිදී උතුරු පලාතේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් කලු ඇඳුමින් සැරසී ගිනි උඳුනක්ද හිසෙහි රඳවා දෙවියන්ට කන්නලව් කරමින් ඒ-9 මාර් ගයේ කිලිනොච්චිය පොලීසිය දක්වා ගමන් කරන ලදි.
විරෝධතා පාගමනේ යෙදුනු අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වැඩි දුරටත් පවසා සිටියේ,
‘තමන්ගේ සත්යග්රහයන්ට මේ වන විට පස්වන වසර ආරම්භ වී තිබුණද මෙතෙක් තම ගැටලු වෙනුවෙන් පිළිගත හැකි කිසිදු විසඳුමක් නොලැබුනු හෙයින් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී හෝ ශ්රීලංකාවේ සිදුවූ යුද අපරාධ සම්භන්ධයෙන් තීරණයක් ගත යුතු බවටත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Ai anduwata bari honda report ekak hadanna….? hamadama teroristsla witharada hari…..? ape sinhala ahinsaka minissunta una asadaranaya kauruwath katha karanne nadda….