ජිනීවා කොමිසමෙන් ලංකාවට බලපෑම් කලේ අපේ ඉල්ලීම මතයි..- කතෝලික සභාව

September 17, 2021 at 10:40 am | lanka C news
ජිනීවා කොමිසමෙන් ලංකාවට බලපෑම් කලේ අපේ ඉල්ලීම මතයි..- කතෝලික සභාව

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භක දිනයේදීම මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරටට බලපෑම් කළේ තමන් ඒ ගැන කර දැනුවත් කිරීම මත බව කතෝලික සභාව සඳහන් කරයි.

කතෝලික සභාවේ ජනසන්නිවේදන සහ අධ්‍යක්ෂ සිරිල් ගාමණි ප්‍රනාන්දු පියතුමන් කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

පාස්කු දින එල්ල වූ ප්‍රහාරය ගැන රට තුළදී යුක්තිය හා සාධාරණය ඉටු වේ යැයි විශ්වාසයක් නැති වූ නිසා මානව හිමිකම් කොමිසමට හා ජාත්‍යන්තරයට යාමට සිදු වූ බව ද උන්වහන්සේ පැවසූහ.

රට තුළ යුක්තිය හා සාධාරණත්වය ඉටුකර ගැනීමට නොහැකි නම් ඉන් එහාට යාමේ අයිතියක් පුරවැසියන්ට ඇතැයිද එතුමන් පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ රජය විසින් ආරම්භ කර තිබුණේ නම් තමන් ජාත්‍යන්තරයට යාම වළක්වාගත හැකිව තිබූ බව ද ඔහු පැවසීය.

32,167 views

71 Comments to “ජිනීවා කොමිසමෙන් ලංකාවට බලපෑම් කලේ අපේ ඉල්ලීම මතයි..- කතෝලික සභාව”

  1. 3% ට බය බයියා says:

    යු ඇන් පී අදක්ශකම නිසා බෝම්බ ගැහුවා. එහෙම කියලා රට ජාත්‍යන්තරයට පාවලා දෙන ලෝගු කාරයන්ගේ ක්‍රියාව හෙලාදකිමු!

  2. Snap says:

    අම්මෝ ඉල්ලීමට ගොඩක් bayawei නේ pau නොදී අපේ රට පර සුද්දන්ට පාවලා නොදී ඉන්න බැරි නං සුද්දන්ගේ පස්ස ලෙවකන්න මක බවිලා පලයල්ලා pau නොදී

Main News