ජිනීවා කොමිසමෙන් ලංකාවට රතු එලියක්.. ජනතාව අනතුරේ බව කියයි.. දෙමල ජාතික ගීයත් ඔ්නෑලු…

February 21, 2020 at 3:00 pm | lanka C news
ජිනීවා කොමිසමෙන් ලංකාවට රතු එලියක්.. ජනතාව අනතුරේ බව කියයි.. දෙමල ජාතික ගීයත් ඔ්නෑලු…

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත. විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව මෙමගින් පෙන්වා දෙයි.

එළඹෙන පෙබරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර ජගත් මානවහිමිකම් මණ්ඩලය වෙනුවෙන් සකස් කළ මෙම වාර්තාව මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.

ශ්‍රී ලංකාව පිළිබඳ එම වාර්තාවේ හැඳින්වීම ඔස්සේ අවධාරණය කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව මානව හිමිකම් මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වය යටතේ 2015දී සම්මත කරගත් 30/1 යෝජනාවේ සම්මත අරමුණු මුළුමනින්ම සාක්ෂාත් කර ගැනීම සඳහා වින්දිතයන්ට දඬුවම් ලබාදීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ අතීත රටාවන්ට නැවත ගමන් නොකරන බවට සහතික වීම සහ සාමකාමී, තිරසාර සංවර්ධන ක්‍රියාවලීන් සඳහා කඩිනමින් යා යුතු බවය.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් සිදු කර ඇතැයි සඳහන් ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳවද අවධානය යොමු කර ඇත. පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට පත්කළ (2020 ජනවාරි 09 දින) ජනාධිපති කොමිසම මගින් 2008-2009 වර්ෂවල කොළඹදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාම පිළිබඳව විභාග වන නඩුව (නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව) අත්හිටුවන ලෙස නීතිපතිවරයාට බලපෑම් කර ඇතැයි මානව හිමිකම් කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් ප්‍රකාශ කරයි.

එසේම වෙනත් ඉහළ පෙළේ නඩු කිහිපයක්ම විභාග කළ නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කිරීම සහ මාරු කිරීමද වත්මන් ආණ්ඩුව විසින් සිදු කර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ. එසේම පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබේනම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ස්ථාපනය කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කිරීමද පිළිගත නොහැකි බව වාර්තාව ප්‍රකාශ කරයි.

තවද පසුගිය ජාතික නිදහස් දිනය දා එතෙක් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කෙරුණු ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම මහකොමසාරිස්වරයාගේ කනගාටුවට හේතු වී ඇතැයිද එහි සඳහන් වේ.

මෙම සිදුවීම් හේතුවෙන් අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත සිදු නොවන බවට ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු සහතිකයක් නොමැති බව මානව හිමිකම් කොමසාරිස්වරයා සිය වාර්තාවේ අවසාන වෙද්දී අවධාරණය කර ඇත.

– aruna

48,496 Viewers

24 Comments to “ජිනීවා කොමිසමෙන් ලංකාවට රතු එලියක්.. ජනතාව අනතුරේ බව කියයි.. දෙමල ජාතික ගීයත් ඔ්නෑලු…”

  1. Aurora says:

    “ඉහළ පෙළේ නඩු කිහිපයක්ම විභාග කළ නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කිරීම සහ මාරු කිරීමද..” කියන්නේ රන්ජන්ගේ හඬ පටි අනුව ප්‍රකාශවුන හා ඇහුන විධියට යහපලනේට පක්‍ෂව විරුද්ධ පක්‍ෂවල යට විරුධව තීන්දු දුන් අපරාධකාරී විනිසුරන් ඉවත්කිරීම සහ මාරු කිරීම පිළිබඳවයි. ඊළඟට “ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ස්ථාපනය කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” කියන්නේ රට අස්ථාවර කරපු ජනමතයක් නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනාපු සංශෝධනේ ගැනයි. රටේ ජනතාවට ඕනනම් එක මකන්න ඔය පරයන්ගෙන් අහන්න ඕන නැහැ. එක උන්ට හොඳ වුනාට අපිට එපා. මහකොමසාරිස් ගේ රටේ ජාතික ගීය මොන භාෂාවෙන් කිව්වත් ඒ ගැන අපට රුදාවක් නැහැ වගේම අපේ ජාතික ගීය බහුතරයේ භාෂාවෙන් කිව්වම ඔහුටත් රුදාවක් හැදෙන්න විධියක් නැහැ. හැබැයි කුලියට රුදාව හදාගත්තට අපට කරන්න දේකුත් නැහැ.

    • 🥵😹😹👹👹😈😈😡 says:

      ජිනීවා කොමිසම ලංකාවෙන් මේවත් ඉදිරියෙදි ඉල්ලයිද..??🥵🥵

      1. “හලාල්-ලාංචනය” රටේ අනුමත කිරීම..
      2. “සිංහ කොඩියේ” ‘කොටි’ ලංචනයද ඇතුලත් කිරීම..
      3. ” බුරුකාව ” ඇඳීම රටේ ඉහලින්ම පිලිගැනීම.
      4. දවස ආරම්බය සෑම ටීවී හා රේඩියෝ එකකම දෙමළ බසින්
      …..ජාතික ගීය ගැයිමට අමතරව කූරාණයද කියවීම..
      5. සෑම පන්සලක් ලඟම ‘කෝවිලක් ‘ හැදීමට දී ඇති
      ….නිදහස පන්සලක් ලඟ ” මුස්ලිම්” පල්ලියක් හැදීමටද කිසිම
      …..බාධාවක් නොකිරීම.. ( මාලිගාව ලඟ )
      6. ‘ සමලිංගනයට’ රාජ්‍ය අනුග්‍රහය දක්වා නීතිගත කිරීම..
      7. ‘ගණිකා වෘර්තියට’ රාජ්‍ය අනුග්‍රහය දක්වා නීතිගත කිරීම හා
      ….ඊට අදාල පෙරහුරු පාඨමාලා ආයතන පැවැත්වීමට අවසර දීම..
      8. පෝය දිනවලට සුරාසැල් වැසීමට අනුබල නොදීම..
      9. ‘ගංජා’ බාවිතයට නීතියෙන්ම අනුමැතිය දීම..
      10. “සිංහ කොඩිය” දෙමළ ‘කොටි’ කොඩිය.. ‘හලාල්’ ලකුණ දරණ
      …..කොඩිය ‘ සමලිංගික’ කොඩිය පාර්ලිමේන්තුව ඉදිරිපිට සැමදාම දර්ශනය කිරීම…

      • Ravana says:

        ජාතික කොඩියට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු සත්තු . සිංහයා සිංහල ජනතාව වෙනුවෙනි. වෘෂබයා හින්දුවරුන් වෙනුවෙන්. ඔටුවා අරාබි වෙනුවෙන්. ඌරා රටේ පැරණිම හිමිකරුවන් වන, ඌරු වරිගය ප්‍රධාන ආදි වාසීන් වෙනුවෙන් බූරුවා සියලුම ඡන්දදායකයා වෙනුවෙන් . තව යෝජනා තිබේ නම් ඉක්මනින් එවන්න

    • sayumi says:

      👍👍👍

  2. Nihal says:

    To hell with UNHCR. What reconciliation yahapalanaya govt achieved by giving into their demands ? A 13+ demands by TNA at the end. Govt stand on your feet. No Tamil anthem as in any other country. As Gota said we make reconciliation with the approval of the majority.

  3. MD says:

    Sama anugraha dakweemen Awamangalaya(Ranil anduwa Danuwathwa)karapu Pawademen nawatha apa galawagath mema mahinda pramuka anduwata hoda 2/3 balayak demu.Jayawewa!

  4. 77 UNP says:

    “විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම” කියන කථාව අනුව මහබැංකු හොරු රංචුව වගේම එහි මහමොලකරුටත් එරෙහිව නඩු දමන්න ඕන. ඒ ඔය කුලී මහකොමසාරිස් කියනනිසා නොවෙයි මහ බැංකුව හොර කෑව නිසා මේ රටට වුන විනාශය හා අපරාධය නිසයි.

  5. kamal says:

    දෙවියො ඉන්නෙ අපිත් එක්ක ඔබලා සතයයේ සිංහලයාගේ පැත්තෙ ඉන්න ඉතුරු ටික කිරිබත්ගොඩ හිමියි අජාසත්තයි බලා ගන්නම්

  6. හාවා says:

    ගෙදර ප්‍රස්න ඔක්කොම ඉවර වෙලා ඇති . ඒකනේ අල්ලපු ගෙවල්වල දංකුඩ හූරන්නේ . නොදකිං .

  7. 😢😢😢🥵🥵 says:

    නෑ…නෑ…
    අපි කැමති…ජාතික ගීය …
    “”සිංග්ලිස් “” වලින් ආතල් එකට කියනවට …!!
    මොකද කොළඹ පැත්තේ සිංහල භාෂාව වඳ වෙලානේ
    ගිහිල්ලා තියෙන්නේ…! 😢😢😢🥵🥵

  8. මානව හිමිකම් සම්මුති හදනකොට බොහොම කපටි ලෙස ඒවා අතීතයට (අධිරාජ්‍යවාදී යුගයට) බල නොපාන ලෙස හදාගත්තා.. එතකොට රටවල් යටත් කරගෙන අහිංසක මිනිස්සු ලක්ෂ ගනින් මරපුවා සහ අනිකුත් අඩම්තේට්ටම් මේ නීතියට අහුවෙන්නෙ නෑ..

    ඒ වගේම ඉරාකයේ, ලිබියාවෙ, ඇෆ්ඝනිස්ථානයේ මැරුනු, අතුරුදන් වෙච්ච මිනිස්සුන්ට ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය හමුදා වල වග කීමකුත් නැහැ..

    ස්වාධීන රටවල් වලට ඇගිලි ගහන්න විතරක් වලංගුයි..

  9. බන්ඩා says:

    එංගලන්තය ප්‍රධාන බටහිරයන්ට ඕනෑ ලංකා රාජ්‍ය දුර්වල කල සිංහලයා බේද බින්න කර නන්නත්තාර කිරීමටය්.

  10. ගිරිගෝරිස් says:

    රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවනම් සහ එසේ වන බව පේන්න තිබේනම් මෙවැනි ගැටලු ඇති වෙන්නෙ නෑ. නමුත් සෑම රජයක්ම පාහේ අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය බලපෑම කල බව ඔප්පු වී හමාරයි. බයියොයි ටොයියොයි බලන් හිටපල්ල.

    • Hoo !!! says:

      අනේ ගිරෝ රටේ නීති ක්‍රියාත්මක වීම නොවීම උන්ට අදාළ නෑ. උන්ගෙ පදේට නටනවා නං මොන මානව හිමිකං උල්ලංඝනය උනත් උන්ට වගක් නෑ. ඕකුන්ට නටවන්න බැරි, කොන්ද කෙලිං තියන් වැඩ කරන ආණ්ඩුවක් ආවම තමයි ඇමරිකන් පරයන්ට මානව හිමිකං හොයන්න කුලප්පු හැදෙන්නෙ. මුං ආයෙ පාරක් පාස්කු බෝම්බ වගෙ එකක් ප්ලෑන් කරනවද කියන්නබෑ. එහෙම එකක් වෙන්න ලඟයි කියන්නෙ. චීනෙට කොරෝනා බෝ කරපු පාහරයො .

  11. සිංහලයනි එක්වෙමු රට ජාතිය බේරා ගැනීමට ගෝඨාභය මැතිතුමාට තුනෙන් දෙකක බලයක් ලබා දෙමු.

  12. Nelum Pushpasiri says:

    We won’t care the UN Tempo. They Must realize sri Lanka is an independent Country. Not a Western Colony.
    Why you Don’t Concern about US Army’s bad and illegal actions. Are you sleeping in front of them. Or are you deaf. As a Sri Lankan people we are in Unity.

  13. අක්බාර් ලොක්කා says:

    එහෙනං ඉන්දියාවෙ , එංගලන්තෙ, කැනඩාවෙ, ස්විස්ටර්ට්ලන්තෙ ,ජර්මනියෙ , ඕස්ට්‍රේලියාවෙ , නවසීලන්තෙ සිංගප්පූරුවෙ ජාතික ගීයත් දෙමලෙන් කියපල්ලා

  14. Ayotallah says:

    The UNHRC is a stinking Cess pit which prompt USA to resign from UNHRC two years ago. The US Ambassador publicly accused UNHRC as a Stinking Cesspit and Why Should Sri Lanka remains. Please resign immediately and let the Tamil Diaspora along with NAVY Pillai and her friend Yasmin Sooka to do whatever possible. Pl note this is national duty and these Diaspora waiting to cook up some story to denounce our valiant soldiers who actually smashed the Tamil Eelam for 90 million Eelamites

  15. We are Lions says:

    This is how… LTTE diaspora money is talking against Sri Lanka.
    Lions…, get ready to hit hard diplomatically.

  16. UD says:

    ඔය මඟුල් ජිනීවාට බය වෙන්න ඕනි නෑ….
    ඕකුන් තමයි මේ ලෝකේ ඉන්න අන්තවාදීම පිරිස…
    අපේ වැඩේ කරගෙන ගියාම හරි..

  17. සිංහල බන්ඩා says:

    සමනල විවාහ නීතිගත කරන්න කියල මානව කාරයො කියල නැද්ද?

Main News