ජිනීවා ඡන්දයෙන් පේනේනේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මතය වාසිදායක අයුරින් හසුරවා ගනිමින් සිටින බවයි…

March 25, 2021 at 6:28 am | lanka C news
ජිනීවා ඡන්දයෙන් පේනේනේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මතය වාසිදායක අයුරින් හසුරවා ගනිමින් සිටින බවයි…

ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවට ඉන්දියාව හා ජපානය ඇතුළු රටවල් 14 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් වැලකී සිටීම ජාත්‍යන්තර මතය ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් හසුරවා ගැනීමට ගත් උත්සහයේ සාර්ථක බව පෙන්නුම් කිරීමක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 47 න් බහුතරයක් (රටවල් 25) ක් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම විශේෂත්වයක්. චීනය, රුසියාව, පකිස්ථානය ඇතුළු රටවල් 11ක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන් අතර තවත් රටවල් 14ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියහ. මෙයින් පෙනී යන්නේ අප ජාත්‍යන්තර ප්‍රජාවගේ මතය දිනාගැනීම සදහා නිවැරදි මාවතේ ගමන් කරන බවයි. ඒ වගේම අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස බටහිර රටවල් කරන අතපෙවීම් වලට ද අකමැති බවයි. සියලුම ආසියානු රටවල් අපේ මතය අනුමත කළ බව ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම යෝජනාව අනවශ්‍ය අසාධාරණ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇති වගන්තිවලටත් විරුද්ධව ගෙනා එකකි. අපේ වීරෝධාර සන්නද්ධ හමුදාව දශක තුනක් තිස්සේ තිබුණු කුරිරු යුද්ධය අවසන් කළා. ඒ 2009 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්.

ලෝකයේ කුරිරුතම බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් රටේ ඒකීයභාවය, සෛවරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමත් වුණා. ලෝක නායකයින් දෙදෙනෙකු ඝාතනය කළ එකම ත්‍රස්තවාදී සංවිධානය මේ එල්ටීටීඊ ත්‍රස්වාදීන්ය. ඉන්දියාවේ රජිව් ගාන්ධි වගේම රණසිංහ ප්‍රේමදාසත් මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ඝාතනය කළා.

මිනීමරු කොටි ත්‍රස්තවාදීන් පරාජය කර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරදීම මානව හිමිකම් ගරුකරන ඕනෑම රටක් පිලිගත යුතු බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ වගේම ජනතාවගේ ආරක්ෂාව තහවුරු වීමත් සමග ලෝකයටම ආදර්ශයක් වූ බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව පදනම් විරහිත යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට බටහිර රටවල් කිහිපයක් කටයුතු කළා. එම යෝජනාව ඔවුන් ගෙනාවේ රජයකට එරෙහිව නොව ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාශයන්ට බව අප තේරුම්ගත යුතුයි. යහපාලන රජය එම රටවල් එක්ක එකතුවෙලා අපේ රටට එරෙහිව යෝජනාවක් සම්මත කළා. (30-01) මේ ලෝකයේ කිසිම රටක් මානව හිමිකම් පිළිබඳව තමන්ගේ රටවල් වලට එරෙහිවන යෝජනවලට සහය දක්වලා නැහැ. පසුගිය මැතිවරණයේ දී අපි ජනතාවගෙන් වරමක් ඉල්ලුවා. මේ රටට එරෙහි යෝජනාවලින් ඉවත්වීමට අනුමැතිය දෙන්න කියලා. ඔවුන් අපට විශිෂ්ඨ ජයග්‍රණයක් ලබා දුන්නා. ලංකාවට එරෙහිව මේ යෝජනාව නෙ එන්නේ ත්‍රස්තවාදයට එරෙහිව අප කළ මානුෂික මෙහෙයුම්වල අවසාන අදියරේ දීය. එල්ටීටීය පරාජයට පත්වෙන මොහොතේ ත්‍රස්තවාදීන්ව රැකගන්න පවා උත්සහ කළ රටවල් බව අප අමතක කළ යුතු නැති බව ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඔවුන්ගේ මෙම ක්‍රියාව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන සියලුම රටවල් අධෛර්යමත් කිරීමක් බව ද අමාත්‍යවරයා පැවසීය.

– මාධ්‍ය ඒකකය

21,118 views

16 Comments to “ජිනීවා ඡන්දයෙන් පේනේනේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මතය වාසිදායක අයුරින් හසුරවා ගනිමින් සිටින බවයි…”

  1. අසංක says:

    බයියොන්ගෙ මොලේ තරමට තමයි මුන්ගෙ කතා.රටේ කරැමේ.

    • හැකහැක says:

      බොරළුගොඩයගේ ජිනීවා වර්ෂන් එකට ජනාධිපතිතුමත් අහුවෙලා…අර තක්කඩියෙක්ගේ සීතාම්බර සළුවට අහුවෙලා පාරේ ඇදුම් නැතිව ගිය රජා වගේ.
      බයියොත් හුරේ දානවා..ලාස්සනයි ලාස්නයි..ඔහොම යං තුමාණනී කියලා.

      • හැකහැක says:

        සීතාම්බර සළුව ඇදගෙන පාරේ නිරැවතින් ගිය රජාට හූ කිව්වෙත් ළමයෙක්.
        ඒ වගේම වියත්මග දිගේ කියත් අරගෙන යන අය ගැන රටම අවදි කලෙත් ළමයෙක්.

  2. Darshana abayakoon says:

    බය වෙන්න එපා ඇමතිතුමා බය්යො ඔක නිකම්ම විශ්වාස කරනව උන් එච්චරකට ගොන්.

  3. Susantha says:

    8 පාස් එකෙක් කියන එක තහවුරු කලා

  4. Wijebahu says:

    These buggers don’t know the meaning of embarrassment or shame. Ladja nahara Kapala.

  5. සමිතා නොදුන් කොටුව says:

    කසිප්පු ජොනියා ගේ ගුදමේ පදම අවුල් ගිහින් මරු කියවනවා.හුකෑස් 🤣🤣🤣🤣.

  6. අජිත් says:

    උඔලා ඔක්කොමට පිස්සු.

  7. Sanka says:

    කාවද පරයෝ තවත් රවට්ටන්න හදන්නේ? තොපිට චන්දේ දුන්න එවුන්ම නේද?

    බොරැ කියලා කියලා පුක බිම ඇනෙන්න වැටෙන්න යනකොට තවත් බොරැ කියලා මිනිස්සු අන්දන්න එපා.

  8. සිංහල බන්ඩා says:

    අපට වෙන විකල්පයක් නැහැ. මධ්‍යස්තය් කියමින් mcc වැන්න මගහැර අපි චීනය සමග හිට ගත යුතුය්.

  9. සිංහල බන්ඩා says:

    අපට වෙන විකල්පයක් නැහැ. මධ්‍යස්තය් කියමින් mcc වැන්න මගහැර ඌරගේ මාලු ඌරාගේ පිටේ තබා කපමින් අපි චීනය සමග හිට ගත යුතුය්.

  10. UNP-GALIBBA says:

    බක බක ගානවා අර ගෙඹොත් සජික් සජික් ගානවා කියලා කිව්වේ හිටපු පොලිස් PC කෙනෙක් ජනාදිපතිවරනය කාලයේ අන්න මූත් ඒ වගේ එකෙක් සමිතට දීපන් කොල්ලගේ නඩත්තුවට සල්ලි මාස් පතා?????

Main News