ජිනීවා තරුව ශ්‍රී ලංකාවට…

September 27, 2018 at 5:30 pm | lanka C news
ජිනීවා තරුව ශ්‍රී ලංකාවට…

ජිනීවාහි පැවති 39 වැනි මානව හිමිකම් කවුන්සිලයේ මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකාව තුළ දෙමළ නිජබිමක් හෝ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බව සහේතුකව කරුණු දක්වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට මෙන්ම ඔවුන්ට සහාය දැක්වූ උගතුන්ටද දැවැන්ත අභියෝගයක් කළ මහාචාර්ය චන්න ජයසුමන මහතා හෙට (28) ශ්‍රී ලංකාවට පැමිණේ.

මේ මට්ටමේ අන්තර්ජාතික සමුළුවක් වෙනුවෙන් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ගෙන හැර දක්වමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවන් අදහසක් නිරවුල්ව පළ වුයේ පළමු වතාවටය. ජයසුමන මහතා ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ ආරාධනයක් මත සමුළුවට සහභාගී විය.

ඔහු ඇතුළු කණ්ඩායම එලි දැක්වූ “ජිනීවා ප්‍රකාශනය” මෙරට ජාතික ව්‍යාපාරයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වෙනදා ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගා ජයග්‍රාහීව ජිනීවාවලින් පිටව යන කොටි ඩයස්පෝරා නියෝජිතයන් ලංකාවේ දෙමළ නිජබිමක් නැතැයි නැගුනු ප්‍රභල හඬ හමුවේ පසුබැසීම ගැන යුරෝපයේ සිටින ශ්‍රී ලංකා හිතවාදීන් මහත් සතුටට පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහල නිලතල දරන පුද්ගලයන් ථෙරවාද බෞද්ධ විරෝධීන් බවත් ඔවුන් ථෙරවාද රටවලට විරුද්ධව සැලසුම්සහගතව ක්‍රියාකරන බවත් නොබියව ප්‍රකාශ කිරීම චීන, තායිලන්ත සහ මියන්මාර නියෝජිතයන්ගේ ඇගයීමට ලක් විය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, නීතීඥ ප්‍රතිභා මහානාමහේවා, නීතීඥ දර්ශන කරුණාරත්න ඇතුළු විද්වතුන් රැසක් මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව තමන්ගේ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ වියදෙමෙන් ජිනීවා නුවරට පැමිණියහ.

මේ අතර මහාචාර්ය ජයසුමන මහතා පිළිගැනීමට හෙට උදැසන 9 ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සිය මුහුණු පොතේ සටහනක් යොදමින් දැනුම් දී ඇත.

නුවන් ජයසිංහ
ජිනීවා නුවර සිට

220 views

23 Comments to “ජිනීවා තරුව ශ්‍රී ලංකාවට…”

  1. Amal says:

    Theruwan saranai oba thumata! Rata, jathiya wenuwen karana sevayata.

  2. neutral man says:

    Sir, on behalf all all the peace loving patriotic people of Sri Lanka, irrespective of our political views, cast, race or religion, this is just a note to pay our utmost respect and gratitude to you and your team of colleagues, the true sons of the soil, for your brave and undaunted undertaking to safeguard our country, at a time when the country is on the brink of being dragged in to total annihilation by a collection of LGBTs headed by an egomaniac President and a comedian PM Ra-Nil , amply supported by JVP trators, TNA, Diaspora, NGos.

    It is time for all of us to forget our political ideologies and join hands to save the country.
    at this very crucial juncture in the history of our country.

  3. Nim says:

    CHANNA JAYASUMANA MAHATHA ATHULU
    GENEEWA GIYA MAW BIMA TA ADARE KARANA SAMATA
    JATHIYE PRANAMAYA
    THERUWAN SARANA HA
    DEVI PIHITA.

  4. Darshana says:

    මවුබිමේ නිදහස, ඒකීය භාවය සහ භෞමික අඛන්ඩතාවය වෙනුවෙන් තඹ දොයිතුවක තරම්වත්
    වැඩක් නොකරන ජෙප්පන්ට, මෙම උතුම් කාර්යයන් දැක්කහම, ඇසුනාම මල පනිනව ඇති.

Main News