ජිනීවා න්‍යාය පත්‍රයේ යුක්රේනය ඉහලින්ම… ශ්‍රී ලංකාව දෙවැනියට.. උත්තර බදින්න ජී.එල්, සබ්රි, චන්න යති.. අගරදගුරුත් යයි..

February 27, 2022 at 3:50 pm | lanka C news
ජිනීවා න්‍යාය පත්‍රයේ යුක්රේනය ඉහලින්ම… ශ්‍රී ලංකාව දෙවැනියට.. උත්තර බදින්න ජී.එල්, සබ්රි, චන්න යති.. අගරදගුරුත් යයි..

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය හෙට ආරම්භ වෙයි. යුක්රේන අර්බුධයට එහි ඉහලම ප්‍රමුඛතාව හිමිව ඇති අතර ශ්‍රී ලංකාව පිලිබඳ සාකච්ජා කිරීමට දෙවැනි ප්‍රමුඛතාව හිමිව ඇත.

මානව හිමිකම් කොමසාරිස් මිචල් බැචලේගේ අලුත්ම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල චෝදනා එල්ල කර ඇත.

රජයේ පාලනය මිලිටරිකරණය කිරීම, ත්‍රස්ත මර්දන පනත ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් නොකිරීම, පොලිස් අත්අඩංගුවේදී ඝාතන සිදුවීම, පාස්කු ප්‍රහාරයේ අවසාන වාර්තාව නිකුත් නොකිරීම, යුද අපරාධ චෝදනා එල්ල වූවන්ට එරෙහිව මෙතෙක් කටයුතු නොකිරීම, උතුරු සහ නැගෙනහිර බෞද්ධ පුරාවස්තු සංරක්ෂණය මගින් සුළු ජාතිකයන්ගේ හිත රිදවීම යන චෝදනා එම වාර්තාවෙන් එල්ල කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව තෙවැනි ජිනිවා යෝජනාවක් ද ගෙන ඒමට මහා බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් පහක් තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනා වලට පිළිතුරු සැපයීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහාචාර්ය ජීඑල් පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහාචාර්ය චන්න ජයසුමන සහ විදේශ ලේකම් අද්මිරල ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ වනවිටත් ජිනීවා බලා පිටත්ව ගොස් ඇත.

මේ අතර පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු දැක්වීමට මැල්කම් රන්ජිත් අගරදගුරුතුමා ද මානව හිමිකම් කොමසාරිස් මිචල් බැචලේ හමු වීමට නියමිත බව වාර්තා වෙයි.

85,714 views

38 Comments to “ජිනීවා න්‍යාය පත්‍රයේ යුක්රේනය ඉහලින්ම… ශ්‍රී ලංකාව දෙවැනියට.. උත්තර බදින්න ජී.එල්, සබ්රි, චන්න යති.. අගරදගුරුත් යයි..”

  1. හේනේ මාමා says:

    අගරදගුරා යන්නේ ලංකාවෙ උන්ට තවත් කෙලවන්න. මේ කෙලවෙලා තියෙන හරිය ඌට මදි වගේලු. කාලකන්නියා.

    • harsha says:

      එතකොට මහින්ද ජිනීවා ගියේ කාට කෙලවන්නද?

  2. Sajith Jayasena says:

    මැරිච්ච ක‍තෝලිකයන්ට යුක්තිය ගේන්නලු අගරදගුරු ගොබ්බය යන්නෙ. රටටම සම්බාධක දැම්මම ඌට යුක්තිය හම්බෙනවලු. ඔන්න බලපල්ලා ඊලඟ පාප්පයා වෙන්න ඉන්න ආප්පයාගෙ වැඩ.

  3. මම says:

    මෙකෙ ඉන්න එවුන්ට ඔනෙ ලජකාව කොම හරි බෙදන්න

  4. Citizen says:

    No leadership of any religion should be commented with racism or religious beliefs the law should be brought upon the social media who approved the post and comments approved .all social community organisations take legal action.

  5. Mara says:

    Very good decision from Cardinal Ranjith .. go ahead…

  6. Silva says:

    පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියපු මැල්කම් තුමා ඇයි අද වෙනස් වෙලා? සිරිසේනව හිරේ නොදැම්ම නිසාද? සිරිසේන කියන්නෙ පොලොන්නරුවෙ අහින්සක ගොවියෙක්

  7. කැපුවත් පොහොට්ටුවට says:

    වහාම මේ මැල්කාව අත් අඩන්ගුවට ගන්න.

  8. Kingsley De Silva says:

    Aney these buggers who have commented. Total rajapaksha ass lickers. When cardinal was scolding Ranil, cardinal was the best. Total uneducated buggers who screwed the country by bringing them to power.

    • සිල්වා Demian says:

      Cardinal is a political animal. All know that.
      කතෝලික ජනතාව කොහොම උනත් පල්ලිය යනු අන්තර්ජාතික දේශපාලන සමාගමක්.
      කාදිනල් ගේ ජොබ් එක තමයි එයා කරන්නේ.

  9. Thiva says:

    අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා මරලා, ඒ මිනී උඩින් බලයට ආපු මිනීමරු පාලකයන් ට හොඳ වැඩේ.. උන් නිසා රටක්ම විදවනවා…

    • Man says:

      ඇයි උබ කියන්නේ බෞද්ධ උරුමය ආරක්ෂා නොකර හමුදාව හිරේ දාන්න කියලද

  10. harsha says:

    කොන්දක් තියෙනවානම් ඕකට නොගිහින් ඉඳලා පෙන්නන්න.

Main News