ජිනීවා න්‍යාය පත්‍රයේ යුක්රේනය ඉහලින්ම… ශ්‍රී ලංකාව දෙවැනියට.. උත්තර බදින්න ජී.එල්, සබ්රි, චන්න යති.. අගරදගුරුත් යයි..

February 27, 2022 at 3:50 pm | lanka C news
ජිනීවා න්‍යාය පත්‍රයේ යුක්රේනය ඉහලින්ම… ශ්‍රී ලංකාව දෙවැනියට.. උත්තර බදින්න ජී.එල්, සබ්රි, චන්න යති.. අගරදගුරුත් යයි..

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය හෙට ආරම්භ වෙයි. යුක්රේන අර්බුධයට එහි ඉහලම ප්‍රමුඛතාව හිමිව ඇති අතර ශ්‍රී ලංකාව පිලිබඳ සාකච්ජා කිරීමට දෙවැනි ප්‍රමුඛතාව හිමිව ඇත.

මානව හිමිකම් කොමසාරිස් මිචල් බැචලේගේ අලුත්ම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව බරපතල චෝදනා එල්ල කර ඇත.

රජයේ පාලනය මිලිටරිකරණය කිරීම, ත්‍රස්ත මර්දන පනත ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් නොකිරීම, පොලිස් අත්අඩංගුවේදී ඝාතන සිදුවීම, පාස්කු ප්‍රහාරයේ අවසාන වාර්තාව නිකුත් නොකිරීම, යුද අපරාධ චෝදනා එල්ල වූවන්ට එරෙහිව මෙතෙක් කටයුතු නොකිරීම, උතුරු සහ නැගෙනහිර බෞද්ධ පුරාවස්තු සංරක්ෂණය මගින් සුළු ජාතිකයන්ගේ හිත රිදවීම යන චෝදනා එම වාර්තාවෙන් එල්ල කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව තෙවැනි ජිනිවා යෝජනාවක් ද ගෙන ඒමට මහා බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් පහක් තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනා වලට පිළිතුරු සැපයීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහාචාර්ය ජීඑල් පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහාචාර්ය චන්න ජයසුමන සහ විදේශ ලේකම් අද්මිරල ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ වනවිටත් ජිනීවා බලා පිටත්ව ගොස් ඇත.

මේ අතර පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු දැක්වීමට මැල්කම් රන්ජිත් අගරදගුරුතුමා ද මානව හිමිකම් කොමසාරිස් මිචල් බැචලේ හමු වීමට නියමිත බව වාර්තා වෙයි.

85,720 views

38 Comments to “ජිනීවා න්‍යාය පත්‍රයේ යුක්රේනය ඉහලින්ම… ශ්‍රී ලංකාව දෙවැනියට.. උත්තර බදින්න ජී.එල්, සබ්රි, චන්න යති.. අගරදගුරුත් යයි..”

  1. කාදිනල් එහෙටම වෙලා ඉන්න. රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න තවත් පාදඩයෙක් මැල්කම්.

    • Sarath Jb Rajaguru says:

      It’s not Cardinal, it’s this corrupt, stupid rulers that have destroyed the country. Cardinal is perfectly right to seek UNHRC help to bring justice to Easter Sunday victims. He has a duty to fulfil on behalf of Catholic people of the country when the SL government has failed to fo it.

  2. exUNPer V says:

    //උතුරු සහ නැගෙනහිර බෞද්ධ පුරාවස්තු සංරක්ෂණය මගින් සුළු ජාතිකයන්ගේ හිත රිදවීම.//
    ඔන්න UN එකේ කොලිටියේ තරම.

    • Sarath Jb Rajaguru says:

      AMF, conservation of Buddhist sites can’t be an attak on minority. Some of the UN charges are ridiculous. UNHRC head seems to be having a personal grudge against Sinhala & Buddhist people. That doesn’t mean that Cardinals visit to UNHRC is wrong.

  3. ක්‍රිස්ටි බාප්පා says:

    අගරද ගුරු God ට කියන ඒවා God ගණන් ගන්නේ නැති නිසා මිචෙල් ගැනිට වැඳලා කියලා බලන්න යන්න ඇති. පව් අසරණයා. බනින්න එපා.

  4. 0.00069 BIYYO says:

    අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා මරලා, ඒ මිනී උඩින් බලයට ආපු මිනීමරු පාලකයන් ට හොඳ වැඩේ.. උන් නිසා රටක්ම විදවනවා…

Main News