ජිනීවා නාටකය ආයෙමත් දිගහැරෙනවා.. මානව හිමිකම් මහ කොමසාරිස් ඒක පාර්ශවීයව ලංකාවට එරෙහිව වැඩ කරනවා..

February 5, 2021 at 8:40 am | lanka C news
ජිනීවා නාටකය ආයෙමත් දිගහැරෙනවා.. මානව හිමිකම් මහ කොමසාරිස් ඒක පාර්ශවීයව ලංකාවට එරෙහිව වැඩ කරනවා..

මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි රඟදක්වන නාටකය ආයෙමත් ජිනීවාහිදී දිග හැරීමට නියමිත බවත් මෙය ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් කිහිපයක දෙබිඩි භාවය හා නිරුවත හෙළි වීමක් බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ රට හදන සෞභාග්‍යය දැක්ම නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් 73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව රට පුරා ක්‍රියාත්මක කරන රුක් රෝපණ ව්‍යාපෘතියේ මහා මහාමාර්ග අමාත්‍යංශයේ මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනට ගොඩගම දී එක් වෙමිනි.

මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි රඟදක්වන නාටකය ආයෙමත් ජිනීවාහිදී දිග හැරීමට නියමිතයි .මෙය ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් කිහිපයක දෙබිඩි භාවය හා නිරුවත හෙළි වීමයි . බටහිර රටවල් කිහිපයක් මෙරට මෙරට මානව හිමිකම් උල්ලංඝනය වෙනවායැයි කියා ව්‍යාජ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.මේ අයම එකතු වෙලා එකතු වෙලා හදපු එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවපු වාර්තාවල සඳහන් වෙනවා L.T.T.E ය යුද අපරාධවලට අපරාධ වලට සම්බන්ධයි කියලා.නමුත් ඒවා දාල තියෙන්නෙ අපට එරෙහිව හදන වාර්තාවලට සමබරතාවයක් තියෙනවා යැයි පෙන්වන්න විතරයි.කිසිම ක්‍රියාමාර්ගයක් නෑ.

යුද අපරාධ කරපු L.T.T.E නායක ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා බේරගන්න ගත හැකි සියලූ උත්සාහයන් ගත්තෙත් මේ රටවල් කිහිපයම තමයි .එදා ඒ අරමුණ සාර්ථක වුණා නම් ප්‍රභාකරන් බේරුණා නම් අදටත් මේ රටේ යුද්ධය පවතිනවා.ශ්‍රී ලංකාවට දරාගත නොහැකි ජීවිත හා දේපළ හානි සිදුවෙනවා . දෙමළ ළමයි යුද්ධයට ළමා සොල්දාදුවන් විදිහට පැහැරගෙනයාම අදටත් ක්‍රියාත්මක වෙනවා . දේශපාලන ඝාතන , කප්පම් ගැනීම් , සිවිල් වැසියන් ඝාතනය වන එක අදටත් සිදුවෙනවා . බැරිවෙලාවත් එහෙම වුනානම් අදටත් ප්‍රභාකරන්ගේ යකඩ සපත්තුවට පෑගීලා තමයි උතුරු නැගෙනහිර ජනතාවට වගේම අපටත් ඉන්න සිදුවෙන්නේ .

මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ තීරණයක් අරගෙන තියෙනවා ඒක පාර්ශවීයව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන්න . ශ්‍රී ලංකාව පැත්තෙන් කියන ඒවා නොසලකා හරින්න කියලා. අප ඉදිරිපත් කරන සත්‍ය කරුණු වලට ඉඩක් නෑ . L.T.T.E කරපු අපරාධ ගැන කතාවක් නැහැ. නැසබි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන මානව හිමිකම් උල්ලංගනය කරපු කතා ඔක්කොම ගොතපු ඒවා බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී කිව්වා . නමුත් බැෂලේ ඒවා නොසලකා හැරලා පවා තියෙනවා. ඔන්න මානව හිමිකම් කොමසාරිස් ලගේ දෙබිඩි පිළිවෙත .

මෙම අවස්ථාවට මහා මාර්ග මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් පේමසිරි , මාර්ග සංවර්ධන අධිකාරිය සභාපති අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.එම් .දයාරත්න , මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වත්කම් කළමණාකරණ හා ආදායම් අංශයේ අධ්‍යක්ෂිකා රසාංජලී පරණගමගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ .

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

18,934 views

15 Comments to “ජිනීවා නාටකය ආයෙමත් දිගහැරෙනවා.. මානව හිමිකම් මහ කොමසාරිස් ඒක පාර්ශවීයව ලංකාවට එරෙහිව වැඩ කරනවා..”

  1. harsha says:

    ඉතින් ඕකෙන් අයින්වෙයන්.

Main News