ජිනීවා පොරොන්දුව ඉටුකරයි.. ජනපතිගෙන් විශේෂ කොමිසමක්…
January 18, 2021 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කර ඇති චෝදනා හා එම චෝදනා සොයා බැලීමට පත්කළ කමිටු වාර්තා අධ්‍යයනය කිරීම සඳහා නව විශේෂ ත්‍රිපුද්ගල විමර්ශන කොමිෂන් සභාවක් (Commission of Inquiry) පත් කිරීමට ජනපතිවරයා සූදානම් වේ.
වාර්තාවන ආකාරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසම ඉදිරි සතියේදී පත් කෙරෙනු ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයට සහභාගි වූ ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා මෙවැනි කොමිසමක් පත් කිරීම පිළිබඳව දැනුම් දුන් බවයි.
‘‘දෙදාස් විස්සේ ජිනීවා සැසියට සහභාගිවුණු අවස්ථාවේදී අපේ විදේශ කටයුතු ඇමැතිවරයා පොරොන්දු වුණා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ගේ නායකත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා. මෙතෙක් කල් ඉදිරිපත්වුණු සියලුම කොමිෂන්වල වාර්තා, ඒ වගේම ජිනීවා යෝජනා සියල්ල අධ්‍යයනය කරලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට තමයි මේ කොමිසම පත් කරන්නේ. ඒ කොමිසම ඉතාමත් ඉක්මනින් පත් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ලබන සතියේ පත්කරයි’’ එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
මෙම කොමිෂන් සභාව මගින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ වගවීම් පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව (දරුස්මාන් වාර්තාව) අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අනාවරණයන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සියලුම වාර්තා අධ්‍යයනය කිරීමට නියමිතය.
මෙම කොමිසමේ නිර්දේශ ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා නොකරයි. කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති නැවත සලකා බැලීම සහ එම පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන්ගේ නඩු කඩිනම් කිරීම පිළිබඳ ජිනීවා වෙත තොරතුරු ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.
– aruna
Lol Nande wiyathun ge underwear th galawanawa.
Onna ! Trouble times again for Sri Lanka.
Samantha Powers has been given a Cabinet rank by Joe Biden…………………..
Now the Diaspora Kotiyas & Mangala Samaraweerayas will commence their BULTI frolics.
That is what the majority SLs wanted. They supported Biden over Trump. We told you this will happen but nobody believe. Good Luck 👍
කොටි කියල නඩු නැතුව දිගින් දිගටම රවා ගෙන සිටීම අසාධාරනය්.
කොටි සැකකරුවන් නිදහස් කරන්න ගෝඨා පොරොන්දු වුණා. (ඒක නිසා දෙමළ ඡන්ද නොලැබිච්ච එක වෙන එකක්) ඒ ගැන කවුරුවත් විරුද්ධ නෑ. හැබැයි දැන් කරන්න හදන්නේ යුධ අපරාධ චෝදනා ගැන පරීක්ෂණයක්.
මානව හිමිකම් සෞදි /ඇමෙරිකා ඉස්රාලය / ජිනීවා කතා නැත ලැජ්ජයි
69 lakshe wage Geneva andanna ba Nandasena mahaththayo, Sasiwaarayedee me paara bada kata puraa hambawei pahugiya tike karapu gon part walata
I thought Nandasena weeraya will kick UN buts off. Blue colored Fox cant do that.