ජිනීවා ලොක්කී ශ‍්‍රී ලංකාව තවත් හිර කරයි..

June 23, 2021 at 3:23 am | lanka C news
ජිනීවා ලොක්කී ශ‍්‍රී ලංකාව තවත් හිර කරයි..

මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය පැවසුවාය.

මෙවැනි සිද්ධීන් ගැන කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය කියා සිටින්නීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය අමතමින් ඇය සඳහන් කළාය.

සුළු ජාතීන්ට සිදුවන හිරිහැර හා අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සිදුකර ඇති පත්වීම් පිළිබඳව ද සිය අවධානය යොමුව ඇති බව ඇය එහිදී වැඩිදුරටත් කීවාය .

ලබන සැප්තැම්බර් මාසයේ දී එම කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මානව හිමිකම් මහකොමසාරිස්වරිය කියා සිටියාය. කෙසේ වෙතත් මානව හිමිකම් ගැන ශ්‍රී ලංකා රජය සමඟ තවදුරටත් එක්ව කටයුතු කරන බව මිචෙල් බැචෙලේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.

– lankadeepa

73,060 views

38 Comments to “ජිනීවා ලොක්කී ශ‍්‍රී ලංකාව තවත් හිර කරයි..”

  1. SANDUN DHAMMIKA says:

    We should say Thank you to the GIJOE forces man !
    They are making this happen.
    We don’t need a Chinese Cobra friendly dictator to rule the Sri Lanka.
    This is Sri Lanka, this is an independent democratic country !

    GIJOE !
    To defend the human freedom against Cobra !

  2. Felix says:

    Timely needy inspection regardless of the race as the dead fellow is a Sri Lankan. If the government authorities are failed and silent on this matter why not International can not force ask it.

  3. harsha says:

    ලෝකය තියෙන්න‌ේ ලංකාව තුළ කියලා හිතාගෙන වැඩ කළාම ඔහොම තමයි.

  4. Silva says:

    ලෝකෙම රජා අමෙරිකාව කියලා හිතාගෙන වෙන්න ඇති මේ ගෑනි නටන්නේ

  5. Gotaimbara says:

    Why is Geneva not worried about the Easter Sunday victims. Terrorism finished 12 year ago and they are still after that. I suspect their involvement in both….

  6. kisham says:

    Where is her voice & Humen rights when her western lords refuse to sell COVID 19 Vaccine to poor countries. Regardless of politics we are all belongs to one Humen race. All humans have same rights to live in this planet.

  7. සම්පත් විජේසූරිය says:

    අපරාධ කරුවන් සම්බන්ධයෙන් මුං ට තියෙන්නේ හරිම වේදනාවක්. මොකද ඒවා නැති උනොත් මුංට පැවැත්මක් නෑනේ. ඔය රුදාව නැහනේ අපරාධ කාරයින් හා ත්‍රස්තවාදීන් අතින් විනාශ වෙන සාමාන්‍ය ජීවිත වෙනුවෙන. මුං කියන තියරියට අනුව අපරාධ කාරයින් ට හා ත්‍රස්තවාදීන් ට උන්ට ඕන මගුල් කරගන්න ඉඩ දීලා ආණ්ඩු පාඩුවේ ඉන්න ඕන