ජිනීවා සම්මත කල යෝජනාව පිලිගන්න බෑ.. එය අප රටට හානිදායකයි..- ජනපති විදෙස් මාධ්‍ය කැදවා කියයි..

December 21, 2019 at 12:00 pm | lanka C news
ජිනීවා සම්මත කල යෝජනාව පිලිගන්න බෑ.. එය අප රටට හානිදායකයි..- ජනපති විදෙස් මාධ්‍ය කැදවා කියයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම යෝජනාව ශ්‍රී ලංකාවට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට රජයට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලගයේදී විදේශීය මාධ්‍යවේදීන් සමග පැවති හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ විදේශීය මාධ්‍ය ආයතන වල මෙරට නියෝජිත එක්ව සිටියහ.

මේ අතර වාර්තා වන්නේ එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒවා කල් දමන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සූදානමින් සිටින බවයි.

එම මාසයේදී ශ්‍රී ලංකාවේ රට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට යන්නේ යැයි වාර්තා වෙයි.

31,407 Viewers

4 Comments to “ජිනීවා සම්මත කල යෝජනාව පිලිගන්න බෑ.. එය අප රටට හානිදායකයි..- ජනපති විදෙස් මාධ්‍ය කැදවා කියයි..”

  1. The Citizens says:

    The countries like USA , China , India , Iraq, Libya, Israel etc are not members of the I.C. C .
    The Phillipino President Rodrigo Duterte had withdrawn from it recently and earlier Russia, South Africa ,Burundi and Gambia had withdrawn from it.

  2. 77 UNP says:

    කොන්ද පණනැති පෙන්දන් සහ දේශ ද්‍රෝහීන් රට පාලනය කරණ කාලයේ ශ්‍රී ලංකාවට සිදුකරණ ලද හානි කොතරම්ද? රටට ආදරේ ඇති සෘජු ගතිගුණවලින් පොහොසත් නියම මිනිසෙක් රට පාලනය කරණවිට රටේ ගෞරවය සහ තමන්ගේ ගෞරවය ඉහලින් සලකන බව මෙයින් පෙනේ.ඔන්න වෙනස. ජයශ්‍රී ජනපති තුමණි.

  3. Sun says:

    By using the word of human rights they try to block and undermine the progress of the developing countries rather than helping. The rights are just paper prints and not really functioning in this world with these wicked people,

  4. Dp says:

    The western country’s hate strong leaders in developing countries. Puppet presidents and pm’s have done enough and more damage .we should stand by gota on this

Main News