ජිනීවා සිංහ ප්‍රහාරයෙන් බිය වූ වයිකෝ පැන යයි.. ඉන්දියාවේදී සිංහ කොඩි පුච්චා යකා නටති..
September 28, 2017 at 9:20 am | lanka C news
වයිකෝගේ නායකත්වයෙන් යුතු ඉන්දීය MDMK පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් චෙන්නායිහි ඇති ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ඉදිරියේ විරෝධතාවක් පවත්වා ඇත.
ජිනීවාහිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් තර්ජනයේ කලේ යයි විරෝධතාකරුවන් සදහන් කරති.
ශ්‍රී ලංකා ධජයද පුළුස්සා දමමින් විරෝධයේ යෙදුනු පිරිස් කියා සිටියේ මෙම සිදුවීම
ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා විසින් හෙළාදැකිය යුතු බවයි.
සරත් වීරසේකර, නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසක් වයිකෝගේ ප්රකාශයන්ට සමුළුව තුලදී මෙන්ම ඉන් පිටතදීද දැඩි විරෝධය දැක්වූහ.