ජීවක, නාලක, අසංක, දීපා එදිරිසිංහලා ඇප මත නිදහස් කෙරේ..

January 6, 2021 at 7:35 pm | lanka C news
ජීවක, නාලක, අසංක, දීපා එදිරිසිංහලා ඇප මත නිදහස් කෙරේ..

ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහල, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

ඔවුන් ඊයේ දිනයේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරනු ලැබීය.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස රුපියල් බිලියන 08 ක පමණ මුදලක් තැන්පතු ලෙස ලබා ගැනීම සහ මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේය.

20,327 views

19 Comments to “ජීවක, නාලක, අසංක, දීපා එදිරිසිංහලා ඇප මත නිදහස් කෙරේ..”

  1. Banda says:

    ටක්කෙටම කියන්නේ , ලලිත් කොතලාවලවට කෙරුව වගේ දේපොල ටිකක් මහ තැන් වල සිටින උන් විසින් පවර ගත්ත ඇති . අපි නොදන්න අපුච්චො .

  2. Anil Pereira says:

    හරි එහෙනම්.. මමත් යනෝ ETI Finance වගේ එකක් පටන් ගන්න.. අවුලක් නෑනෙ.. අහුවුනොත් දවසක් ඇතුලෙ හිටිය ඇප දුන්නා එලියට ආව.. ලාබයි.. අහෝ ලංකාව !

  3. Sameera says:

    සක්විති අසරණයා
    EAP ප්‍රබලයා

  4. Harin says:

    සතොසෙ සීනි ජාවාරමෙන් බිලියන 10ක් හොරා කාපු තක්කඩි දේශ පාලුවො ගැන මීක් ශබ්දයක් නෑ .අඩුම ගානේ විෂය බාර ඇමතිටවත් සතයක් වත් නෑ .එක පවුලක් එක නීතියක් .

  5. Ayatollah says:

    They have to be punished for laying out the money of SL people. The only option is to take over all their properties and sell it at an auctions and settle the outstanding balances of the poor people with interest

  6. ජගත් says:

    මේවා ඔක්කොම නාට්ට්. බෛයියෝ චූන් කරන්න කරන දේවල්

  7. B. Anthony says:

    මේක තමයි නීකියේ නැවීම. කෝ බං අර ලලිත් කොතලාවලගේ නඩු අහපු උං ටික. නැවුණේ මොන වායින්ද කියලා දෙයියෝ දනී.

  8. kamal says:

    සැමට එක නීතියක්

  9. Nimal says:

    Janathawa dan issarawage newei balamu me widihata thaea cochcharakal karaida kiyala

Main News