ජීවත් වෙන්න මාසයකට අධික කාලයක් සටන් කළ දළ ඇතා මිය යයි….

June 12, 2021 at 2:28 am | lanka C news
ජීවත් වෙන්න මාසයකට අධික කාලයක් සටන් කළ දළ ඇතා මිය යයි….

වව්නියාව කනගරායන් කුලම් පූදූර් රක්ෂිතයේ මාසයකට පමණ අදික කාලයක් අසාද්‍ය තත්වයේ සිටි දළ ඇතා 11 උදෑසන මිය ගිය බවට වව්නියාව වනජීවි  නිලධාරී කාර්යාලය පවසයි.

දුම්රියක වැදීමෙන් හෝ අලි රංඩුවක් හේතුවෙන් දළ ඇතාගේ පිටුපස කොටසට පණ නොමැතිව ආහාර ගැනීමට පවා නොමැතිව පූදූර් රක්ෂිතයේ මඩ වලක වැටී සිටිදී යුදහමුදාවේ ප්‍රධානත්වයෙන් සොයාගෙන වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීම මාසයක් පුරාවට සිදු කරනු ලැබීය.

පසුව දළ ඇතාගේ ජීවිතය බේරා ගැනීමට උතුරු හා උතුරුමැද පලාත් වනජීවි පශුවෛද්‍ය වරුන්ගේද ප්‍රධානත්වයෙන් 561 බලසේනාවේ යුදහමුදා සෙබලුන්ගේ සහයෙන් ප්‍රතිකාර කිරීම සිදුකල අතර දළ ඇතා මඩවලෙන් එපිටට ගෙන ආරක්ෂිතව තැබුවද දළඇතාගේ ජීවිත බේරාගැනීට නොහැකිව ඇත.

මිය ගිය දළඇතා අවුරුදු 11 ක් පමණ වයසක් ඇති අඩි දෙකක පමණ දිගින් යුතු දළ සහිත අඩි 7 ක පමණ උසකින් යුක්ත වෙයි.

දළ ඇතාගේ අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පැවසිය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,265 views

6 Comments to “ජීවත් වෙන්න මාසයකට අධික කාලයක් සටන් කළ දළ ඇතා මිය යයි….”

  1. ප්‍රතිකාර says:

    ප්‍රතිකාර කළේ කවුද?

  2. hasi says:

    මාගල්කන්දේ සාදු අලි රොෂාන් එක්ක එකතුවෙලා මේ ඇතා සුව කරන්න හැදුවෙ.. කොහෙද වනජීවි එකෙන් ඉඩ දීලා නැහැනේ….

  3. LalithM says:

    මේ පෙන්නුවේ නුදුරු අනාගතයේදී අපිට අයිති වෙන ඉරණම. හොඳට හිටිය අපිට පස්ස බිම ඇනෙන්න පාර වැදුනා . වැටිලා නිකම් මැරෙන්න ඉන්න කොට එක එකා අමුතු දේවල් යෝජනා කරන්නේ ඉක්මනට මරාගෙන අපේ දේවල් භුක්ති විඳීමට නේද. හරියට අලි මරලා කැලේ අල්ලා ගන්න හදනවා වගේ.

  4. පහුගිය ටිකේ අපේ ඩිජිටල් වැඩ්දෝ ඇතිතරන් ඇත්තු පෙන්නුවා . කාල වරෙන්කො දැන් ඉතිං.

  5. Amare says:

    Dilum Amunugama,Ali Roshan eyalata aythi nathi thanwalata giye aei. Dala dekata kurumanama wennathi neda.Ali horu.e sathawa dombakaren ussala sathawa marena thanata pathkala .pau ahinsaka saththu

  6. Amda says:

    හොඳ තැනක ඉපදේවා..පින් පුරවාගෙන, මනස දියුනු කරගෙන, සසර කෙටි කරගෙන, නිර්වානය අවබෝධවේවා!