ජීවත් වෙන්න සල්ලි නෑ.. ණය ඉහටත් උඩින්.. අඹු-සැමි යුවල ලිදට පැන දිවි නසාගනී..
January 4, 2018 at 12:40 pm | lanka C news
යාපනයේ චාවකච්ඡේරි තෙන්මරච්චි ප්රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් ළිදකට පැන සියදිවි හානි කරගෙන සිටියදී ඔවුන්ගේ මළ සිරුරු දෙක ඊයේ (03) සවස ගොඩ ගත් බවට චාවකච්ඡේරි පොලීසිය කියා සිටියේය.
අදාල මරණය සම්බන්ධයෙන් ප්රදේශවාසීන් පොලීසියට පවසා ඇත්තේ මේ යුවල විසින් ලබාගත් ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිව ඔවුන් ඉතා කනස්සල්ලේන් කාලය ගෙවූ බවත් මේ දෙදෙනා ළිඳට පැන සියදිවි හානි කරගන්නට ඇත්තේ ඔවුන් විසින් ලබාගත් ණය මුදල් ගෙවීමට නොහැකි වීමත් පැවති ආර්ථික අපහසුතා නිසා යැයි පොලීසිය විශ්වාස කරණ අතර ඒ පිළිබදව කට උත්තරද ලබාගෙන ඇත.
මියගිය දෙදෙනා 67 හැවිරිදි සින්නයියා වේලායුදම් හා 63 හැවිරිදි වේලායුදම් නාගම්මාවශයෙන් හදුනාගෙන තිබේ.
මෙම අඹු සැමි යුවල පෙරේදා (2) දින සවස් කාලයේදීත් නිවසේ සිටි බව අසල්වාසීන් පොලීසියට පවසා ඇති අතර ඊයේ (03) දා දහවල් වනතුරු ඔවුන් දක්නට නොලැබුණු බැවින් අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බැලූ අවස්ථාවේදී ඔවුන්ගේ මළ සිරුරු ඔවුන් ජීවත් වූ නිවස අසල ළිදේ තිබෙනු දැක ඒ පිළිබදව පළාතේ ග්රාම නිලධාරීවරයාට දැණුම් දීමෙන් පසුව චාවකච්ඡේරි පොලීසියට දැනුම් දී ඇත.
චාවාකච්චේරි පොලීසියේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුරු දෙක චාවකච්චෙරි රෝහලට බාර දී තිබේ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මින් ඉහතදීද් මේ වගේම පවුල් දිවි නසා ගැනීමක් වාර්තා උනා උතුරෙන්. මෙය ඉතාම ශෝක ජනකයි. දෙමල දෙස්පාලුවන් ඉන්නේ ෆෙඩරල් ගන්න උත්සාහ කරන්න විතරද. මේ දුප්පත් මිනිසුන්ගේ ප්රශ්න වලට ප්රායෝගික විශදුම් ප්රාදේශීය අයුරින්හෝ විසඳන්න .