ජීවන වියදම අඩු කරන්න කමිටු කොතරම් තිබුනත් අඩු වූ ජීවන වියදමක් නෑ.. ඔය කමිටු විසුරුවා හරින්න..- අනුර යාපා ජනපතිගේ මූණටම කියයි..
October 18, 2017 at 2:10 pm | lanka C news
ජීවන වියදම අඩු කිරීමට සදහා විවිධ කමිටු පත් කර තිබුණත් අඩුවූ ජීවන විදමක් නැති නිසා එම කමිටු විසුරුවා හැරිය යුතු බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්රියදර්ශන යාපා මහතා කැබිනට් රැස්වීමේදී සදහන් කර ඇත.
ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වී ඇත්තේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙනි.
ජීවන වියදම අඩුකිරීම සඳහා වන ජීවන වියදම් කමිටුවට අමතරව තවත් කමිටු ගණනාවක් ඇමැතිවරුන්ගේ ප්රධානත්වයෙන් පත්කර ඇතත් ජීවන වියදම අඩු වී නැතැයිද එනිසා මෙම කමිටු විසුරුවා හැරීම සුදුසු බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත.
එම චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සදහන් කර ඇත්තේ අදාල චෝදනා පදනම් විරහිත බවත් ජීවන වියදම ඉහළ යාම පාලනය කරන්නට රජයට හැකිවී තිබෙන බවත්ය.
Badurdeenta ihalin kaatada yanna puluwan yakoo
Hi APRIYA, We know what you are aiming for.
e kamitu gana soya balanna thawa kamituwak path karamu
අනුර යාපයි , රිශාඩු යි බලපුවම අහසට පොලොව වගේ. අනුර යාපා ඉගෙනගත්ත එකෙක්. අනිකා මොන දැනුමක් තියෙන , අටවත් පාස් එකෙක්ද? කැබිනට් එකේ ලොක්කත් …….. අනේ මං දන්නේ නැහැ. රිෂාඩ් කාරය කියන්නේ උගේ ගෙදර ජිවන වියදම අඩු වෙච්ච එක වෙන්න ඇති.
Jeewana wiyadam kamitu witharak nemei pathkarala thibena kisima kamituwakin ho commission sabawakin kisima wedak wela naha wenneth naha. Mahajanathawage mudal naasthiyak pamanai. Hariyata natapu thowilekuth naha bere paluwakuth naha wage.
මහින්ද මහත්තයාට හේත්තු වෙලා කටුගම්පොල අපේ මනාප අරන් , අපෙන් අහන් නැතුව ආණ්ඩුවට පැනපු හොරිකඩ දේශපාලුව. දැන් ඔය ටෝක් දෙන්නේ ආයේ මෙහෙට පනින්න. කියව – කියව ඉන්නේ නැතුව ඇවිල්ල විපක්ෂේ වාඩි වෙයන්කෝ . ඇයි බය … හොරකන් කරපුව හොයයි කියලද ?