ජී.එල්. ආවොත් නැවත ශ්‍රීලනිපයට ගන්නවා.. එක කොන්දේසියයි..
November 9, 2016 at 6:48 pm | lanka C news
හිටපු ඇමති ජී.එල්. පීරිස් මහතා මල් පොහොට්ටුව අතහැර එන්නේ නම් ඔහු නැවත ශ්‍රීලනිපයට ගන්නා බව ශ්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත පක්ෂ සාමාජිකත්වය දුන් ආකාරයට නම් ජීඑල් පීරිස් මහතාට සාමාජිකත්වය නොදෙන බවද පවසන ඔහු අවශ්‍ය නම් මල් පොහොට්ටුව අතහැර නැවතත් ශ්‍රිලනිපයට පැමිණිය හැකි බවද කියයි.
එසේම ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද මල්පොහොට්ටුව ගියයොත් ජී.එල්. පීරිස් ට වුණ දේම වන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.