ජෙලි ආහාරයක මදුරුවන්..

October 2, 2018 at 8:02 am | lanka C news
ජෙලි ආහාරයක මදුරුවන්..

හැටන් නගරයෙන් ළමයින්ට ආහාරය  සදහා මිලදි ගත් ජෙලි අතුරුපසක මදුරුවෙකු සිටි පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙරට නිෂ්පාදනය කරන ලද මෙම ස්ට්‍රොබෙරි ජෙලි පැකැට්ටුව මිල දි ගෙන ඇත්තේ මිට මාසයකට පමණ ප්‍රථමය.

එම ජෙලි පැකට්ටුව ලබාගත් දිනයේද එය කල් ඉකුත් වි තිබි ඇති අතර ඒ පිලිබදව තමන් නොදැන සිටි බව එම ජෙලි පැකට්ටුව (අතුරුපස පැකට්ටුව) මිල දි ගත් හැටන් කොමර්ෂල් ප්‍රදේශයේ පදිංචි පුජකවරයෙකු කියා සිටියේය.

එසේ මිල දි ගත් ජෙලි පැකට්ටුවේ ජෙලි 25 ක් තිබුණු බවත්, එම ජෙලි ළමයින්ට ආහාර සදහා ලබා දුන් බවත්, ඉන් එක් ජෙලියක් තුල මදුරුවෙකු සිටි නිසා එම ජෙලිය ළමයින්ට ආහාරය සදහා ලබා නොදි  එ පිලිබදව සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි කලත් එයට මෙතෙක් විසදුමක් නොලද බව එම පුජක වරයා කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

317 views
Main News