ජොන්ස්ටන් ඇතුළු මන්ත‍්‍රීන් 06කගෙන් ප‍්‍රශ්න කරයි…

May 17, 2022 at 7:10 pm | lanka C news
ජොන්ස්ටන් ඇතුළු මන්ත‍්‍රීන් 06කගෙන් ප‍්‍රශ්න කරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න යන පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සිදුව ඇත.

පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර ප්‍රදේශය ආසන්නයේ දී ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මෙම ප‍්‍රශ්න කිරීම කර ඇත.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ද කැදවා ඇත.

58,393 views

23 Comments to “ජොන්ස්ටන් ඇතුළු මන්ත‍්‍රීන් 06කගෙන් ප‍්‍රශ්න කරයි…”

  1. Rushan says:

    ජවිපෙ නායකයා, දුලීකා මාරපන සහ ජවිපෙ සාමාජියයන්ගෙනුත් ප්‍රශ්න කල යුතුයි සහ ජවිපේ ආධාරකරුවො අතඩංගුවට ගත යුතුයි රට පුරා සිදුකල විනාශයට. ගෝල්ෆේස් එකේදී අසාධාරණයක් වූ පමණින් ඊට වඩා 1000 ගුණයක අපරාධයක් කරමින් රට ගිනි තියන්න බලය ලැබෙන්නෙ නෑ ජවිපෙ ඇතුලු අරගලගරුවන්ට. එහෙම නම් 83 කළු ජූලියත් සාධාරණ වෙන්න ඕන. මොකද LTTE එකෙන් හමුදා වාහනයකට බෝම්බ තියලා හමුදාවේ 13 දෙනෙක් මරපු නිසා ඒ කෝපෙට තමයි කලු ජූලිය ඇති වුනේ.

    • BBC says:

      අපිට කවුරු හරි ගැහුවොතින් අපිට පුලුවන් ගහපු එකාට ගහන්න ආත්ම ආරක්ෂාවට.නැත්නම් නීතිය හමුවට යන්න පුලුවන්. එහෙම නැතුව ඒ ගහපු එකා ඡන්දෙ දෙන්න ඇති කියලා අපි හිතන පක්ෂෙ හැම නායකයගෙම ගෙවල් ගිනි තියන්න අපිට බලයක් ලැබෙනෙ කොහොමද? ඒක කොහේ තියෙන නීතියක්ද ඒ වගේ වනචාරී නීති තිබුනේ ගල් යුගේ විතරයි. ජවිපෙ උන් අදහස් අතින් තාම ගල් යුගේ ඉන්න නිසා උන් හිතන්නේ උන් කරන ඕනම වනචාරී වැඩක් නිවැරදියි කියලා.

      • Chalitha Wikramarathne says:

        අන්තරේ උද්ඝෝෂණ වලට එලවා එලවා ගැහුවා යහපාලනේ කාලේ . මංගලගේ පොලු හමුදාවෙනුත් උද්ඝෝෂකයන්ට ගැහුවා යහපාලනේ කාලේ. එතකොට කවුරුත් යහපාලනේ දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තිබ්බේ නෑනෙ. එහෙනම් කොහොමද තමන්ට හිතෙන හිතෙන කෙනාගේ ගෙවල් දොරවල් විනාශ කරන්නේ ගෝල්ෆේල් එකේදී ගැහුවා කියලා?

        • සිරා says:

          අලුත් පුස්ථා පිරුළු..

          බයියෝ බේරේ වැවේ නාල රනිල් අගමැති කතා වගේ..

          • Viren says:

            එදා 2018 දී රනිල් හාමු නැවත අගමැති කිරීමට මීටර් 100 දුවපු විජිත හේරත්ගෙ ජවිපෙ මෙදා 2022 දී උද්ඝෝෂණ කර පොලු පාරවල් කකා දුවමින් රනිල් හාමු අගමැති කලා වගේ.

          • Lakshani says:

            සල්ලි ගන්න සිරිකොතේ වැසිකිළි අස්සේ රිංගපු අනුරකුමාර රනිල් අගමැති කරන ඩීල් එකට උද්ඝෝශණ අස්සෙ රිංගුවා වගේ

        • Unbiased Observer says:

          බැරිවෙලාවත් ජවිපෙ ආණ්ඩුවක් ආවොත් රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න වෙන්නෙත් ජවිපෙන් අවසර අරගෙන. උන්ට විරුද්ධව කතා කලොත් එක්කො ගැහුවා,මැරුවා. නැත්නම් ගෙදර ගිනි තිබ්බා. මුන්1988-89 කාලෙ කලෙත් ඕකම තමයි. වැරදිලාවත් ජවිපෙට බලය දෙන්න එපා කියන්නේ ඒකයි.

          • Channa says:

            අවුරුදු 74ක් අනිත් පක්ෂ වලට බලය දුන්නු නිසා එක දවසකට ජවිපෙට බලය දීල බැලුවම ජවිපෙ රඟේ දැක්කනෙ. 88-89 කාලේ ඉඳපු ජවිපෙම තමයි මේ . අර පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් සහ ආරක්ෂකයා ගහලා මැරුවා වගේ තමයි ඒ කාලේ ජවිපෙ විසින් රටේ ඉඳපු උගත්, බුද්ධිමත් මිනිස්සු. කලාකරුවො ඇතුලු දහස් ගාණක් මැරුවෙ. තාමත් ඉන්නේ ඉස්සර ඉඳපු මිනීමරු, මංකොල්ලකාරී ජවිපෙම බව දැන් ඔප්පු වෙලා ඉවරයි.

      • නොවිය යුතු දෑ බොහෝය says:

        නීතිය හමුවට යන්න පුළුවන් නීතිය හා අධිකරණය ස්වාධීන නම්. ගෙවල් ගිනි තියන එක සම්පූර්ණයෙන් වැරදිවන අතර අණක් ගුණක් නැති නූගතුන් දේශපාලන භූමිකාවෙ නොසිටිය යුතුයි.

      • Sarasi says:

        සම්පූර්ණ ඇත්ත කතාව. 87-89 කරපු දේම තමා මුන් මේ සැරෙත් කලේ. නොකලේ ට්‍රාන්ස්පෝමර් පුපුරවපු නැතිඑක විතරයි.

    • Nihal says:

      දුලීකා මාරපන කෑ ගැහුවේ අසාධාරණයට විරුද්ධව. ගොන් හැත්ත. තොපි ඉන්න තුරු රට හදන්න බෑ.

      • අම්මප බන් says:

        මොකුත්ම නැති වෙලාවට ඒ නැන්ද උනත් කමක් නෑ, තවම නාඩි නම් වැටෙනෝ මයෙ හිතේ..

  2. රජ හරක් සහ සිවල්ලු says:

    මේ ගොන් ආණ්ඩුව ඉන්නාතුරු පොලීසිය මෙන්න මෙහෙම ප්‍රශ්න කරන්න ඇති. ‘සර්, මැඩම් , දැන් ඉතින් මොනා හරි කට උත්තරයක් දෙන්න, අපි මේක කලා කියලා ජනතාවට පෙන්වන්න තියන නිසයි අහන්නෙ’
    මෙලෙස නූගත් ඇමතිලා පත්කරගත් ජනයා මේ දවස්වල ඔලුවට ගසා ගනිති. එහෙත් මුන් වගේ නූගත් හිවලුන්ට කිසිදිනක නාම යෝජනා නොදීමට වැඩ කිරීම මැතිවරණ ක්‍රම දන්නා නිලධාරීන්ගේ වගකීමය. මේ අතර පොලීසිය සහ අධිකරණය ස්වාධීන කළ යුතුයි. ඇමතිලා පොලිස් නිලධාරීන්ට ‘තමුසෙ’ ‘අයිසෙ’ ලෙස කථා කරන්නට අවස්ථා නොදිය යුතුයි. ඔවුන්ගේ අභිමානය නීතියෙන් රැකිය යුතුයි.

    • Jay says:

      කන්න බොන්න නැති1ට කතා කරන එක වැරැද්දක් ද?සාමකාමි අරගලයට ගහපු උන් නෙවෙිද මී හරක්?අත්අඩංගුවට අරගෙනය ප්‍රශ්න කරන්න තිබිබෙ.බලු හැත්ත .දැන් ඉතිං ඔලුව අතගාලා යන්න කියයි

  3. Hora Police says:

    Sakakaruwangen prashna karanna CID niladaareen parlimenthu giya wagai. DIG gen prashna karanna kohata yaida danne naha.

  4. චන්ද දායක says:

    උන් VIP චෝදනා කාරයො වෙන්න ඇති. අනේ මෙහෙම රටක් ?

  5. නීතිය නොතකන දරිද්‍රතාවය බියකරුය says:

    මේ අයට නම් තාම නැතිවෙන්න තියන දේවල් වැඩියි. පාරට වැටුනු මිනිස්සු දැන් ඉන්නෙ දරිද්‍රතාවයෙන් පිස්සු වැටිලා, රැකියා සහ ව්‍යාපාර නැතිවෙලා. ඒ වගේ මිනිස්සුන්ගෙ කෝපය පාලනය කරන්න ලෝකයේ නීති රීතිවලට බෑ. ප්‍රංශ විප්ලවය කියවා බලන්න. මේගොල්ලොන්ගෙ මෝඩකමට සහ උඩගුකමට ඇත්ත තේරුම් යන්නෙ නෑ.

  6. ස්වදේශ says:

    දුලීකා මාරපන ගෙවල් ගිනී තියන්න කියලා උපදෙස් දුන්න ඔය එන්ජීඕ බැල්ලී අත්අඩංගුවට ගන්නේ නැද්ද?

  7. Ananda says:

    Most of these comments are fakes. This is the new strategy to change the peoples mind and their support to JVP. This propaganda will not be successful as people now more educated and intelligent enough to separate crooks, dealers, corrupt MPs and honest MPs.

    • Rex says:

      Duleeka Marapana is one of the many top JVP supporters who instructed the whole country to be set on fire… Most of the uncivilized attacks and brutal destructions in rural areas have been led by local pro JVP leaders.

  8. ලොන්තේ.. says:

    ඕකත් පාස්කු ප්‍රහාරයේ සාක්ශී විමසීම වගේ වෙයි…

  9. 3% ට බය බයියා. says:

    එකම රටක් එක නීතියක් 😛😛😛 .😂😂😂😂😀😀😀😀😀😝😝😝😝😝😝😝😝😝😝😝😝

Main News